IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අත්අඩංගුවට ගන්න නියෝග

(මනෝප්‍රිය ගුණසේකර)

මීගමු බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එහි හිටපු බන්ධනාගාර අධිකාරීවරයා, ප්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු වරෙන්තු මත අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපතිවරයා අපරාධ පරීෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට අද (22) උපදෙස් දුන්නේය.

බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක්‍රියාවන් පිළිබඳව රහස් පොලිසිය විසින් සිදුකර විමර්ශන වල උධෘත සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව නීතීපතිවරයා අපරාධ පරීෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට එලෙස උපදෙස් දුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි  ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

මීගමු බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළ අනුරුද්ධ සම්පායෝ මහතාට අමතරව වරෙන්තු මත මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත්තේ එහි ප්‍රධාන ජේලර්වරයා වශයෙන් කටයුතු කරන උපාලි සරත් බණ්ඩාර, වැඩබලන ජේලර් නිශාන්ත සේනාරත්න සහ දෙවැනි පෙළ ජේලර් ප්‍රසාද් කාලිංග කළුඅග්ගල නමැති නිලධාරීන් සිව්දෙනෙකි.


මීගමු බන්ධනාගාරය තුළ සිදුවු බව කියන විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් රහස් පොලිසියට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශන වලදී හෙළි වු කරුණු නීතීපතිවරයාට දැනුම් දුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇතැයි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න වැඩිදුරටත් පැවසුවාය.


ඒ පිළිබඳව අධ්‍යනය කිරීමෙන් අනතුරුව මොවුන් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කොට මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙසත් ඒ අනුව ඔවුන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත් අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.



අදහස් (5)

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අත්අඩංගුවට ගන්න නියෝග

සුනිල් ලන්සා Wednesday, 22 July 2020 11:33 AM

මීගමුවේ කුඩු නවත්තන්න බැරි ප්‍රධාන හේතුව මීගමුවේ කුඩු බෙදාහරින දේශපාලකයා දෑත් ශක්තිමත් කරන කෙනෙක් වීමයි.

:       0       7

ranaThursday, 23 July 2020 08:56 AM

අපිව ලස්සනට රවුමෙ ගන්නවනේ...!! මෙ නාටක හිරේ ඉන්න ලොකුම කුඩ්ඩා එළියට ගැනීම නේද?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ Wednesday, 22 July 2020 12:49 PM

අධිකරණ සේවා කොමිෂන් සභාව, නීතිපතිතුමා ඇතුළු සෑම වගකිව යුතු අංශ මේ සඳහා කැප වී ක්‍රියාකිරීම වැදගත්...

:       0       28

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 22 July 2020 01:53 PM

ව්‍යාජ ලේඛන ඉදිරිපත්කොට කුඩ්ඩන් පාතාලයන් මැරයන් ආදීන්ට හිරගෙදර අධි සුඛෝපභෝගී පහසුකම් ලබාදුන් නීතිවිරෝධී නිලධාරීන් අත්අඩංගුවට ගෙන හොඳ හැටි සලකා සත්‍ය දැනගෙන ඔවුන්ට නිසි දඬුවම් දීම කඩිනම් කළ යුතුයි...

:       0       26

sharm warn Thursday, 23 July 2020 03:29 AM

මේ තවත් කට්ටියක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site