IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිස්සංක - පාලිත දෙදෙනාගේ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම ජූලි 8

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

තමන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව සම්බන්ධයෙන් සිය නීතීඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් , එම නඩුව විභාගයට ගැනීමට ගත් තීන්දුව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා “ඇවන්ට් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන ජූලි 08 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (16) තීන්දු කළේය.

එම ප්‍රතිශෝධන පෙත්සම කුමුදිනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (16) කැඳවූ අතර එහදී පෙත්සම මෙදින සලකා බැලීමට එම විනිසුරු මඩුල්ල නියම කළේය.

මෙම පෙත්සම ඊයේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ඉරාජ් ද සිල්වා මහතා කියා සිටියේ අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයින්ට එරෙහිව මහාධිකරණය හමුවේ පැවරූ නඩුව එම කොමිසමේ නිලධාරීන් තිදෙනෙකුගේ අනුමැතිය නොමැතිව පැවරීම නීතියට පටහැනි බව කියා සිටියේය.

එලෙස නිසි අනුමැතියකින් තොරව නඩු පැවරීම නීතිවිරෝධී බැවින් එම නඩු විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් ලබා නීතීඥ ඉරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

මෙහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම සම්බන්ධයෙන් තමන් නොතීසි ලැබී නොමැති බවය.

සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ලබන ජූලි 08 වැනි දිනට කල් තැබිණි.

‘ඇවන්ට් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ මෙම ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව , එහි අධ්‍යක්ෂ ජනරාල් , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.



අදහස් (0)

නිස්සංක - පාලිත දෙදෙනාගේ ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම ජූලි 8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site