IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


වැලි හොරුන්ට එරෙහිව සටන් කර ජීවිතයෙන් වන්දි ගෙවූ ඉන්දියානු මාධ්‍යවේදියා

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 11

 

 

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවමත් විමර්ශන සිදුවන මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ පසුගිය වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු ඝාතනයට ලක්වූ බැවිනි. ඝාතනයක් යැයි සැක කෙරෙන ඉන්දියානු මාධ්‍යවේදී සන්දීප් ෂර්මාද එවැනි සහෘදයෙකි.


ඉන්දියාවේ භින්ද්හි සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරම හෙළි කිරීමේදී සිය මාධ්‍ය මෙහෙවර අභීතව ඉටු කළ ෂර්මා, ට්‍රක් රථයකට යට වී මියගිය මාධ්‍යවේදියෙකි. ඒ පසුගිය වසරේ මාර්තු මස 27 වැනිදා ඉන්දියා මධ්‍ය ප්‍රදේශයේදීය. ඔහු පොලිස් ආරක්ෂාව දිගින් දිගටම ඉල්ලා සිටියද එම ආරක්ෂාව ලබා නොදුන් පොලීසියද ඔහුගේ මරණයෙන් අනතුරුව පැවසුවේ එය හදිසි අනතුරක් හේතුවෙන් සිදුවූවක් බවයි. ඇතැම් මාධ්‍ය මොහුගේ මරණය ඝාතනයක් බව ප්‍රකාශ කර තිබුණි. 


තිස් පස් හැවිරිදි ෂර්මා යනු ඉන්දියාවේ සිදුවන මෙම වැලි ජාවාරම පිළිබඳ ‘බහුදූරියා’ නමින් චිත්‍රපටයක්ද රහසිගතව රූගත කළ වාර්තා සිනමාකරුවෙකි. ඒ අනුව ජාතික චැම්බල් අභය භූමිය තුළ එක් ට්‍රක් රථයකට ඉන්දීය රුපියල් 12,500ක අල්ලස් දෙමින් සිදුකළ මෙම ජාතික අපරාධය හෙළි කළේ ඔහුයි. ඒ ෂර්මාගේ රූපවාහිනී නාළිකාව වන භැඅි උදරකා හරහාය. 


එහි ප්‍රතිඵලය වූයේ තමන් වෙනුවෙන් ආරක්ෂාව ඉල්ලා සිටි පොලිස් ප්‍රධානී වීර් සිං බහදූරියා වෙනත් ප්‍රදේශයකට මාරු කර යැවීමයි. ඊට මෙම වාර්තා චිත්‍රපටය වෙනුවෙන් අවදානමක් ගෙන සහයෝගය දැක්වූ පොලිස් නිලධාරී විකාස් පුරෝහිත් ඇතුළු පිරිසට යැවූ ලිපියද බලපෑම් එල්ල කළේය. ඒ එම ලිපියේ පිටපත් අගමැති නරේන්ද්‍ර මෝඩි සහ විධායක ඇමැති ෂිවරාජ් සිං චෝහන් වෙතද යවා තිබීම හේතුවෙනි.


මෙම ලිපිය දිගින් දිගටම හඹා ගිය ඉන්දියානු මාධ්‍යවේදීන් පොලිස් අධ්‍යක්ෂවරයාට පවසා සිටියේ මෙම ඝාතනයට පෙර ෂර්මා විසින් පොලිසිය වෙත කරනු ලැබූ පැමිණිලි පිළිබඳ සොයා බැලිය යුතු බවයි. ඔවුන්ගේ මතය වූයේ ෂර්මා අත්අඩංගුවට ගැනීමට දැරූ වෑයම් පිළිබඳ අනිවාර්යයයෙන්ම පොලිස් වාර්තා සටහන් විය යුතු බවයි.  


එබැවින් මෙම මරණය පිළිබඳ අපක්ෂපාතී විනිශ්චයක් අත්‍යවශ්‍ය බව ඔවුහු දිගින් දිගටම කියා සිටියහ. ඒ නිර්භීත ජනමාධ්‍යවේදීන්ට එමගින් විශාල උත්තේජනයක් ලැබෙන බැවිනි.
ඒ අනුව මෙම මරණය සම්බන්ධයෙන් අදාළ ට්‍රක් රථ රියදුරු (රන්වීර් යාදෙව්) අත්අඩංගුවට ගෙන තිබුණද ඔහු එහි නිල රියැදුරු නොව එහි පිරිසිදු කරන්නා බවට මේ වන විට තොරතුරු වාර්තා වේ. ඔහු පොලීසියට පවසා ඇත්තේද තමන් වැරැදි මාර්ගයේ ට්‍රක් රථය ධාවනය කළේ කාන්තාවක බේරා ගැනීමට බවයි. එම අවස්ථාවේදී ඔහු මෝටර් බයිසිකලයකින් පැමිණි ෂර්මා නොදුටු බවද, ෂර්මා මරණයට පත් කිරීමට තමන්ට කිසිසේත් උවමනා නොවුණු බවද ඔහු පොලීසියට සඳහන් කර ඇත. අපරීක්ෂාකාරී අන්දමින් රිය පැදවීම යටතේ ඔහුට නඩු පවරා ඇත්තේ මේ අනුවයි. 


නමුත් මෙහි කුතුහලය දනවන කරුණ වන්නේ භින්ද් හි පොලිස් අධ්‍යක්ෂ ප්‍රශාන්ත් කරේ විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම සඳහා කිසිදු දුරකතන ඇමතුමකට හෝ පණිවිඩයකට ප්‍රතිචාර නොදැක්වීමයි. ඉන්දියානු පොලීසිය සම්බන්ධයෙන් බරපතළ සැක මතු වන බවට ඉන්දියානු ජනමාධ්‍යවේදීන් පවසන්නේ මේ හේතුවෙනි.

 

 

මාලන් විදානපතිරණ
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

වැලි හොරුන්ට එරෙහිව සටන් කර ජීවිතයෙන් වන්දි ගෙවූ ඉන්දියානු මාධ්‍යවේදියා

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4970 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14799 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5825 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 583 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1455 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2595 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 268 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1328 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 341 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site