සකල ලෝක වාසීන්ට නිරෝගි සුවය අත්වේවා...!!! අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකාගමනය සිහිපත් කෙරෙන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදය. මේ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ සැදැහැ සිත් සතන් තුළින් නික්මෙන, බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුත් දැහැමි සිතිවිලිවල ආනුභාවයෙන් රටෙන් ලොවෙන් කොරෝනා මාරක වසංගතය තුරන්ව නිදුක් නිරෝගී බලය උදාවේවා යන්න ‘ලංකාදීප’යේ පොසොන් ප්‍රාර්ථනාව වේ. 24 June 2021
කොරෝනා එන්නත් මගඩිවලට ඉඩ දෙනවාද? වරාය සේවකයන්ට ලබා දී තිබූ කොරෝනා මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව වරායේ නොවන පිටස්තර පුද්ගලයන්ට එන්නත් කිරීම සහ නියමිත ප්‍රමාණයට වඩා වැඩි පිරිසකට එන්නත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින වරාය අධිකාරියේ වැඩ බලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය අනිවාර්ය නිවාඩු යවා ඇතැයි වරාය ආරංචි මාර්ග වාර්තා කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. 23 June 2021
ගම්බද පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන දුෂ්කරතා කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හපුගොඩ වසමේ පැලවත්ත ගම්මානය හා ආසන්න ගම්මානවල දරුවන්ට දුරස්ථ අධ්‍යාපන කටයුතු කර ගැනීමට අවම දුරකථන සංඥා පහසුකමක්වත් නොලැබීම නිසා බලවත් දුෂ්කරතාවකට මුහුණ දීමේ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. කිලෝ මීටර් පහක් පමණ පා ගමනින් හා ට්‍රැක්ටරයක ගමන් කර වන අලි තර්ජන හා දුෂ්කරතා මැද දිඹුලාගල කන්දට නැග ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්නා දරුවන් පිරිසක් පිළිබඳව දිඹුලාගල වෙහෙරගම ගම්මානයෙන් අප පුවත්පත වාර්තා කළේ ඊයේය. 23 June 2021
අර්බුදයේ තිත්ත ඇත්ත මහ බැංකුව පවසන පරිදි මේ වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් රජයට විදේශ ණය ගෙවීමට ඇති අතර, ඉන් බිලියන 1.3ක් ගෙවා ඇත. ඒ අනුව තව ඩොලර් බිලියන 2.4ක් ඉදිරියේදී ගෙවිය යුතුය. ලංකාවේ විදේශ ණය ප්රශ්නය බරපතළය. ඊට හේතුව නම් ණය ගැනීම හා ණය යෙදීම කළමනාකරණය කර නොගැනීමය. මේ නිසා ණය ගෙවීමට අවශ්‍ය ආදායම් නැති වී යන තැනකට ලංකාව පත්ව ඇත. 21 June 2021
පෝර ගැන උද්ඝෝෂණවලින් කියැවෙන දේත් සලකා බලන්න රසායනික පොහොර ආනයනය අත්හිටුවීමේ රජයේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී හැම අතින්ම ප්‍රායෝගික ගැටලු මතුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. රටේ විවිධ ප්‍රදේශවල ගොවි ජනතාව තමන්ට පොහොර අවශ්‍ය බව කියමින් උද්ඝෝෂණවල නිරත වෙති. තමන්ගේ වගාවට නිසි අවස්ථාවේදී පොහොර දැමීමට නොහැකි වුවහොත් අස්වැන්න පිළිබඳ තබා ඇති බලාපොරොත්තු අතහැර දැමීමට තමන්ට සිදුවනු ඇතැයි ඔවුහු හඬ නගති. 21 June 2021
ජනතා සහායක් නැත්නම් සංචරණ නීතිවලින් වැඩක් නෑ මේ දිනවල රට අගුලු දැමීමක් ක්‍රියාත්මක වෙනවාදැයි සැකයක් මතුවන බවත් එයට හේතුව එම සැකය මතුවන තරමට මිනිස්සු මහ පාරේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කළ ප්‍රකාශයක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ජනතාව අවශ්‍ය කැප කිරීම් නොකරන්නේ නම් සංචරණ සීමා අවශ්‍යවන කාලය තවත් දීර්ඝ විය හැකි බවද විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළ බවද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 19 June 2021
දෙපාර්ශව වෛරයේ අවසානය? එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අවසන් මොහොතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය භාරගැනීමට තීන්දු කිරීම සහ එජාපයෙන් පළාත්පාලන ආයතනවලට තේරීපත්ව සිටින සභිකයන් 69 දෙනකුගේ සභිකධූර අහෝසි කිරීමට මැතිවරණ කොමිසමට සිදුවීම යන කාරණා ඉකුත් සතියේ දේශපාලන කරළියේ අලුත් අලුත් ප්රවෘත්ති මවන්නට සමත් වූයේය. 18 June 2021
ඇන්දවීමේ ඇඳගැනීමේ දේශපාලනය පසුගිය දිනවල මෙරට මාධ්‍ය ලෝකය තුළ නව මාතෘකා කීපයක් ම ඇවිළී ගියේ එක පෙළට සහ එකකට එකක් දෙවැනි වෙන්නේ නැතිව ය. වන්දි ලබා දීමේ අරමුණින් මෙරට ප්‍රධාන නැව්තොට අසලට පැමිණ ගිනිබත්ව මුහුදුබත් වූ නැව පිළිබඳ පුවත ඉන් එකකි. එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය තුළ නගරාධිපතීන් ඇතුළු පිරිස් අශිෂ්ටව හැසිරීම පිළිබඳ පුවත තවත් එකකි. 18 June 2021
පෝර මිටියෙනුත් ගසාකන චෞර රාජ්‍ය නිලධාරියෝ වාරියපොළ ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගෙන ආ පොල් පොහොර මිටි 47ක් එම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරියාගේ පෞද්ගලික වෙළෙඳසැලට වංචනිකව රැගෙන ගොස් එම පොහොර වැඩි මිලට ගොවීන්ට විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම ගොවිජන සංවර්ධන නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 18 June 2021
බියගමින් අහිමිවූ පවුලේ කොරෝනා ඛේදවාචකය බියගම ගෝනවල ප්‍රදේශයේ නිවසක එකම පවුලේ තිදෙනකු කොරෝනා ආසාදිතව මියයාමේ සංවේග ජනක ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම නිවසේ ගෘහ මූලිකයා ඉකුත් 1 වැනිදා රාගම රෝහලේදී ද ඔහුගේ පියා 4 වැනිදා එම රෝහලේදීම මව නිවසේදීම ද මියගොස් ඇතැයි බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. 16 June 2021
ජනතාවට විහිළු සපයන ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීම ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් බවට හඟවන ලකුණු පහළ වෙමින් තිබේ. ආණ්ඩුව මගින් ගනු ලැබූ තීරණය ප්‍රකාශයට පත්කළ විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය යුතු බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයත් එයට ප්‍රතිචාර දක්වමින් ගම්මන්පිල ඇමැතිවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ලබාදුන් පිළිතුරත් හේතුවෙන් මේ තත්ත්වය ඇතිව තිබෙන බව බැලූ බැල්මට පෙනී යයි. 15 June 2021
ජාතික අර්බුදයක්: පංගුපේරු එපා සැවොම එක්වෙමු කොවිඩ් වයිරස ව්‍යාප්තියෙන් ශ්‍රී ලංකාව ද නරක තැනකට දෛනිකව තල්ලු වෙමින් තිබේ. නිදසුනකට ජනගහණයට සාපේක්ෂව විමසා බැලුවොත් මෙරට දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන ඉන්දියාවේ මෙන් දෙගුණයකි. ඊට ප්රමුඛ විසඳුමක් හැටියට සැලකෙන එන්නත්කරණයෙන් ද අපේක්ෂිත ඉලක්ක කරා යන්නට තවම අපට හැකි වී නැත. සැබැවින්ම ගෝලීය වශයෙන් ගත්තත් එන්නත්කරණය ප්රශස්ත ලෙස කළ රටවල් හා නොකළ රටවල් ලෙස කාණ්ඩ දෙකක් දැකිය හැකිය. 14 June 2021
සංචරණ නීතියට අවනතව උවදුර ඉක්මනින් පිටුදකිමු සංචරණ සීමා දික් කරනවා ද ලිහිල් කරනවා ද යන තීරණ අතරේ රට දෝලනය වෙමින් තිබියදී කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ලබන 21 වැනිදා අලුයම 4.00 දක්වා සංචරණ සීමා දීර්ඝ කරන බවය. 14 June 2021
අවශ්‍යතාව දැන දැනම නිරෝධායන නීති කඩන අමනයෝ කැස්බෑව හල්පිට ප්‍රදේශයේ මංගල උත්සව ශාලාවක් සහිත හෝටලයක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු ඇතුළු දස දෙනකු කැස්බෑව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතාට ඉදිරිපත් කිරීමෙන් පසුව චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා අයකුට රුපියල් හාරදහසක් බැගින් පොදුවේ රුපියල් 40,000ක දඩ මුදලක් නියම කරනු ලැබීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර 12 June 2021
සංචරණ සීමා තව තද වේද? පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඉල්ලා අස්වී ඒ වෙනුවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වන බවට ආරංචි ඉකුත් සතියේ පැතිර ගියේය. 11 June 2021
පොහොර ප්රශ්නයේ කතිකාව මේ සතියේ ලියන්නට මාතෘකා රාශියක් තිබේ. එක පැත්තකින් ගිලුණු නෞකාවේ කතාව තවමත් නිමා වී නැත. තවත් පැත්තකින් කොරෝනා එන්නත්කරණ වැඩසටහන පිළිබඳව සමහර ප්‍රදේශවල තිබෙන ගැටලුය. තවත් පැත්තකින් පාසල් අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි අනිවාර්ය කළ යුතු ද යන කාරණයය. මේ මාතෘකා අතර සමාජයේ විශාල අවධානයක් ලබාගෙන ඇති කාරණයක් වන්නේ රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමට රජය ගත් තීරණයයි. මේ තීරණය පිළිබඳව විවිධ පැතිවලින් විවිධ අදහස් සමාජ මාධ්‍ය තුළ මතු වෙන්නට පටන්ගෙන තිබේ. 11 June 2021
සියලුම ක්ෂේත්රවල ගැබිනි මාතාවන්ට උපරිම සහන දෙමු ගර්භණි මාතාවන් සඳහා එන්නත්කරණයේදීත් රාජකාරියේදීත් සුවිශේෂ පහසුකම් ලබාදීමට රජයේ උපදෙස් මත සෞඛ්‍ය අංශ මගින් තීරණය කර තිබේ. මෙය වර්ධනය වෙමින් පවතින කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හමුවේ ගනු ලැබූ ඉතා යහපත් පියවරක් බවත් එම තීරණය ගැබිනි මවුවරුන්ටත් ඔවුන්ගේ පවුල්වල සමීප ඥාතීන්ටත් විශාල සහනයක් බවත් පැවසිය යුතුය. ගැබිනි මවකට ලබාදෙන සහනය ජීවිත දෙකක් සුරක්ෂිත කිරීමක් බවද පෙන්වා දිය යුතුය. 11 June 2021
ගාල්ලේ කොරෝනා එන්නත් හුටපටය උණවටුන පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් ඉකුත් 7 වැනිදා ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. ප්‍රදේශවාසීන් අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ගමේ පදිංචිකරුවන්ට එන්නත ලබා නොදී කොළඹින් පැමිණි පිරිස්වලට එන්නත ලබා දී ඇති බවය. 09 June 2021
ගංවතුර – නායයාම් හානි අවම කර ගනිමු රටේ දිස්ත්‍රික්ක 10ක ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කරමින් මේ දිනවල ඇදහැලෙන මහ වැසි හේතුවෙන් මේ සටහන තබන විට ජීවිත 16ක් අහිමි වී දෙලක්ෂයකට අධික ජනතාවක් අවතැන්වී සිටින බව වාර්තා වී තිබේ. ඒ අතර තිදෙනකු අතුරුදන්ව සිටින බව ද සඳන් විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ (පූර්ව දැනුම් දීම්) ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කර තිබුණේ ඉරිදා (06) සවස් භාගය වන විට පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 67,567කට අයත් 270,912 දෙනකුට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටි 08 June 2021
අවදානම සිතට ගෙන වැඩ කිරීම ශ්‍රී ලංකාව තුළ දිනකදී හමුවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව මාසයක් වැනි කෙටි කාලයකදී දෙගුණයක් වී ඇති අතර එය ඍජුවම සෞඛ්‍ය පහසුකම්වල ධාරිතාවට ද බලපෑම් කිරීම පැහැදිලි කරුණකි. මේ නිසා දෛනික පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාත්මකව ඉහළ දමමින් ආසාදිතයන් හඳුනා ගැනීමේ ශඛ්‍යතාව ඉහළ දැමීම සෞඛ්‍ය අංශයේ අවධාරණයයි. එහෙත් පී.සී.ආර්. පරීක්ෂණ ක්‍රියාවලියේ සංගතභාවයක් අපට නිරීක්ෂණය නොවන අතර පසුගිය කාලයේදී පී.සී.ආර්. පරීක්ෂණ 15,000 දක්වා සංඛ්‍යාත්මකව අඩු කෙරිණි. කොරෝනා වයිරසය ඉතා ව 07 June 2021
නැව් ගින්නේ තොරතුරු නිවැරැදිව ලබා දුන්නාද? කොළඹ වරාය ආසන්නයේදී පාවෙන කාල පන්දමක් බවට පත්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න දේශපාලන කරළිය තුළ ද වරින් වර ඇවිළෙන ගින්නක් බවට පත්වෙමින් තිබේ. පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවක් තබා කාදිනල්තුමන් විසින් සිදුකළ බරපතළ චෝදනාත්මක ප්‍රකාශය හේතුවෙන් එම ගින්න මෙසේ දේශපාලන කරළිය තුළ බුර බුරා ඇවිළෙන ගින්නක් බවට පත්විය. එහෙත් නැවේ ගින්නේ පසු විපාක සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්රයේ බොහෝ දෙනකුගේ අවධානය යොමු වීමට කාදිනල්තුමාගේ වාග් ප්‍රහාරය හේතු වූ බව පැහැදිලිය. 07 June 2021
කොරෝනා පාලනයට ජනතා කැපවීමත් ඉතා අවශ්‍යයි රට පුරා තදින්ම ක්‍රියාත්මක කෙරෙන සංචරණ සීමා ලබන 14 වැනිදා සඳුදා දක්වා බල පැවැත්වෙන බව ප්‍රකාශ වී තිබේ. කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ බව නිවේදනය කරමින් කියා තිබුණේ රටේ වසංගත රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සංචරණ සීමා මෙසේ දීර්ඝ කළ බවය. 05 June 2021
කාදිනල්තුමාගේ වෙඩි මුරය කොළඹ වරායට ආසන්නයේ නැංගුරම්ලා තිබිය දී ගිනි ගැනීමකට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ඉකුත් දිනවල දේශපාලන කරළියේ බොහෝ දෑ ප්‍රචාරය වන්නට විය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් ගබඩාකර තිබූ කන්ටේනර් එකක කාන්දුවක් සිදුවන බව දැන දැනත් එම නැවට කොළඹ වරායට ඇතුළුවීමට අවසර ලබාදීම හා ඒ සම්බන්ධව බලධාරීන් නොදැන සිටීම ආදී කරුණු කාරණා රැසක් දේශපාලන කරළියේ කතා බහට ලක් වූයේය. 04 June 2021
ආරාධිත ව්‍යසනවලින් රට ගොඩනැඟීම මෙම ‘කිවි දා දැක්ම’ ලිවීමට මා වාඩි වුණේ සුපුරුදු ලියන මේසයට අදාළ පුටුවේ නොව ඊට මඳක් එහායින් එළිපත්තේ ඇති යකඩ ඇලුමිනියම් මේසයට අදාළ යකඩ පුටුවක ය. ඊට හේතුව නැගෙනහිරින් එන උදෑසන දඟකාර ලා කහ පැහැති හිරු එළිය සුපුරුදු මේසය මත දඟලමින් පරිගණක තිරය නො පෙනෙනා තැනට වැඩ සලස්වන එක ය. එළිපත්තේ මේසයට නිතර පෙනෙන යාබද ඉඩමේ ඇති කොස් ගසේ මුදුන මවන අඳුරු සහ ගුප්ත පෙනුම ට වඩා ඒ අසලම ඇති පොල් ගසේ මුදුන ආලෝකවත්ය. වර්ණවත් ය. 04 June 2021
ලුණු හිඟයක් මවාපාන සමාජයේ කටකතා ශ්‍රී ලංකාව තුළ වසරකට අවශ්‍ය ලුණු තොග පවතින බවත්, කිසිදු ලුණු හිඟයක් නොමැති බවත්, දැනට පවතින මිල වඩා අඩු මිලකට ලුණු ලබා දෙන බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 04 June 2021
එන්නත්කරණයට දේශපාලන ඇඟිලි ගැසීම් හෙළාදකිමු මොරටු නගරාධිපති එන්නත්කරණ වැඩසටහනේදී හැසිරුණු ආකාරය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා ධනාත්මක ආකාරයකින් කටයුතු කිරීම අගය කරන බව කොළඹ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියන් පසුගියදා කළ ප්‍රකාශය රටේ සියලු දේශපාලනඥයන්ටම කදිම ඔවදනකි. පුළුල් දැක්මකින් කටයුතු කරමින් ඉදිරියේදී එළැඹෙන ප්‍රශ්නවලදීත් හොඳ විනිසුරුවරයකු ලෙස ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද උන්වහන්සේගේ ප්‍රකාශයේ සඳහන් විය. එය ද මෙරට දේශපාලනඥයන්ගේ අවධානයට ලක්විය යුතු අදහසක් 02 June 2021
නැවේ ගින්නත් පරිසර හානියත් ගැන තතු කියන්න ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ වරායට ඇතුල්වීමේ අපේක්ෂාවෙන් පැමිණි එක්ස්ප්‍රස් පර්ල් නැව කොළඹ වරායට කිලෝමීටර් 9.5ක් පමණ දුර දී ගිනිබත් වී මුහුදුබත් වීමේ සිද්ධිය විය යුතු පරිදිම ජාතික මාතෘකාවක් බවට පත් වී තිබේ. මන්දයත් එම සිද්ධියෙන් මෙරට සමුද්‍රයට සිදු වී ඇති හානිය ඉතා බරපතළ වන හෙයිනි. මෙම සටහන තබන විට මීගමු වෙරළ තීරයේ සිට මාතර වෙරළ තීරය දක්වා වූ කොටසේ සියලුම ධීවර කටයුතු තහනම් කර තිබේ. 01 June 2021
රට වහන්න අවශ්‍ය ඇයි? මේ වනවිට කොරෝනා වයිරසය රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කළේ අප්‍රේල් මාසයේ අවසන් සතියේ වුව ද බෝවීම සිදු වූයේ ඊට සති 4කට පමණ පෙර පටන්ය. වයිරසය (මෝරා යන කාලය) ආසාදනයට විවෘත වූ පසු මුල් රෝග ලක්ෂණ ඇතිවන කාලය (දින 3–14) සමග, පරීක්ෂණ/ වාර්තා කීරීම සහ විවරණ කිරීම් උදෙසා යන කාලය එක්වූ විට, මේ වනවිට සොයාගෙන ඇති වාර්තා අනුව රෝගීන් සතියකට දෙකකට පෙර සිදු වූ බෝවීම්වල ප්‍රතිඵලයක් ලෙස රෝගය වැළඳුණ අය බව කිව හැකිය. 31 May 2021
ලලිත් අඹන්වෙලලා තව තවත් බිහිවේවා අවංක මිනිසකුගේ කැමැත්ත මිලදී ගැනීමට මුළු විශ්වයම පොහොසත් නැතැයි කතාවක් තිබේ. අපට මේ කතාව සිහිපත් වූයේ රජයේ සේවයේ හිටපු කීර්තිමත් සහ අවංක රාජ්‍ය නිලධාරියකු වශයෙන් සම්මානයට පාත්‍ර වූ ලලිත් අඹන්වෙල මහතාගේ අභාවයත් සමඟය. තමන්ගේ වංචනික ක්‍රියා යට ගසා දැමීමට අඹන්වෙල මහතාගේ කැමැත්ත හිමි නොවීමේ ප්‍රතිඵලයක් වශයෙන් එකී වංචනිකයන් විසින් එල්ල කෙරුණු දරුණු ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් ඔහුට එක් ඇසක් අහිමි විය. මුහුණ දැඩිව පිළිස්සී ගියේය. 31 May 2021
සංචරණ තහනම දික්කිරීම කාලෝචිතයි මෙම සටහන තබන මොහොත වනවිට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ හැත්තෑ පන් දහසේ සීමාව ඉක්මවා ගොස් තිබේ. දිනකට හමුවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙදහස සහ තුන් දහස අතර වේ. ඇතැම් දිනෙක එම සංඛ්‍යාව තුන් දහසද ඉක්මවා ගියේය. කොරෝනා ආසාදිතව දිනකට මිය යන සංඛ්‍යාව තැතිගැන්ම ඇති කරන්නකි. මෙම තත්ත්වය බැරෑරුම්ව සැලකිල්ලට ගත යුත්තකි. 29 May 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026