එක රටක් එක නීතියක් මේ රාජ්‍ය ඇමැතිට අදාළ නැද්ද? සිය මිතුරන්ට එල්ලුම් ගස පෙන්වීමට අවශ්‍ය බව කියමින් පිරිසක් සමග බීමත්ව පැමිණි රාජ්‍ය අමාත්‍යවරයකු ඉකුත් සතියේ දිනක බන්ධනාගාර මූලස්ථානයට අයුතු ලෙස ඇතුළුවූ බව කියන පුවත අප පුවත්පත ඊයේ වාර්තා කළේය. 15 September 2021
සාහිත්‍ය සම්මානලාභීන්ට අපෙනුත් සුබපැතුම් 2020 වසරේ ප්‍රකාශිත කෘති අතරින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිවන ග්රන්ථ ලේඛනය ඉකුත්දා ප්‍රකාශයට පත්විය. කොරෝනා වසංගතය හේතුවෙන් සම්මානිත ග්රන්ථ නාමාවලිය ප්‍රසිද්ධියට පත් කළ බවත්, පසුව සම්මාන උළෙල පැවැත්වීමට නියමිත බවත් අප පුවත්පත වාර්තා කළේය. 14 September 2021
සහල් මිල ඉහළ යාම මවාපෑමක්? සහල් මිල ක්‍රමිකව වැඩි වෙද්දී ඇතැම් සහල් වර්ගවල මිල ඊට සාපේක්ෂව වැඩි වී ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති. මේ අතරේ ශ්රමයට සරිලන මිලක් ලැබෙන අයුරින් මේ ගනුදෙනුව බේරාගැනීමේ දුෂ්කරතාවකට තමන් පත්ව ඇතැයි ගොවීන් පවසන්නේ ද කලක් තිස්සේය. 13 September 2021
කොරෝනා අනතුරට මැදිවූ සාමාන්‍ය-උසස් පෙළ විභාග පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග කලින් සැලසුම් කළ පරිදි පැවැත්වීම සැක සහිත යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසී යැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 13 September 2021
එන්නත්කරණයට දේශපාලනය එපා කොවිඩ් රෝග මර්දන කටයුතු පිළිබඳ තාක්ෂණික කමිටුවේ සාමාජිකයන් වූ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු එම කමිටුවෙන් ඉල්ලා අස්වීමත් හම්බන්තොටට ෆයිසර් එන්නත ලබාදීමත් රටේ කතාබහට ලක්වෙමින් තිබේ. සෞඛ්‍ය ක්ෂේත්රය නියෝජනය කරන විවිධ කමිටු සහ සංගම්වලින් සාමාජිකයන් ඉල්ලා අස්වීම හෝ ඉවත් කරනු ලැබීම අමුත්තක් නොවේ. එවැනි ඉල්ලා අස්වීම් මීට පෙරද සිදුව තිබේ. 11 September 2021
සහල්-සීනි අවුල දුර-දිග යන හැඩ රට වසා තැබීම හේතුවෙන් ආර්ථිකයට සිදුවන පාඩුවත් රට විවෘතකර තැබීමෙන් සිදුවන කොරෝනා ව්‍යාප්තියත් යන අන්ත දෙකම බේරාගනිමින් කටයුතු කරන්නට රජයට සිදුවී තිබේ. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ‘මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය’ වැනි තත්ත්වයකට ආණ්ඩුව වැටී සිටින බවකි. 10 September 2021
ලෙන් දොර වැසුණු ගල්ලෙන රට ඇරීම වැසීම පිළිබඳ දෙගිඩියාව ගැන මා කතා කළේ සති දෙකකට පෙර ය. මෙවර උත්සාහ කරනුයේ ශ්‍රී ලංකාවේ වැසුණු ආර්ථිකය සහ වැසුණු දේශපාලනය ගැන කතා කිරීමට ය. ඒ ගැන ඔබගේ විචාරාත්මක අවධානය යොමු කරවීමට ය. සංවෘත ආර්ථිකයක් නැතහොත් වැසුණු ආර්ථිකයක් ගැන පළමු අත්දැකීම ලබා දුන්නේ 1970 සමඟි පෙරමුණු ආණ්ඩුව ය. 10 September 2021
ඇඳිරි නීතිය විහිළුවට ගැනීම කොරෝනා වසංගතය මැඩලීම සඳහා එන්නත්කරණය කෙතරම් හොඳින් සිදු වුව ද රෝග ව්‍යාප්තියේ බරපතළකම එසේම පවතී. මේ බදාදා වනවිට මෙරට කොරෝනා මර්දන එන්නත් දෙකම ලබාගත් ජන සංඛ්‍යාව ලක්ෂ අනූහතරකි. එක් එන්නතක් ලබාගත් ජන සංඛ්‍යාව එක්කෝටි විසිඅට ලක්ෂයකි. ඒ අතර, නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරමින් සමාජයේ දෛනික කටයුතු යම් තරමකට සීමා කර තිබේ. එහෙත් මෙවර ඇඳිරිනීතිය ලිහිල් වැඩි බවට සමාජයෙන් හා වෛද්‍ය විශේෂඥයන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතී. 10 September 2021
ගුරු වැටුප් ප්‍රශ්නයට දෙපැත්තට දැන්වත් එකඟතාවට එන්න බැරිද? ගුරු-විදුහල්පති වැඩ වැරුම අඛණ්ඩව ඉදිරියට ඇදෙමින් තිබේ. වසර එක හමාරක් පුරා පාසල අහිමිව සිටින දූ පුතුන්ට ‘ඔන්ලයින්’ අධ්‍යාපනය ද අහිමිව තිබේ. සෞන්දර්ය විෂයයට අදාළව ප්‍රායෝගික ක්‍රියාකාරකම් නොමැති හෙයින් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වී තිබේ. රටේ අනාගතය බාර ගැනීමට සිටින පරම්පරාවක් අපේක්ෂා භංගත්වයට පත්ව සිටී. මෙම ප්රශ්නය තවත් දුර නොයවා විසඳා ගැනීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය විය යුතුය. 08 September 2021
ජනතා වගකීම් පැහැර හැරීම් කොරෝනා උවදුරට හේතුවක් ගැටුමකදී මිය ගිය තරුණයකුගේ අවසන් කටයුතු නිරෝධායන නීතිය ද නොතකමින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පැවැත් වූ බව සේයාරුවක් ද සමගින් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. සේයාරුවෙන් දැක්වුණේ විශාල පිරිසක් රතිඤ්ඤා දල්වමින් මාර්ගයේ ගමන් කරන ආකාරයයි. 07 September 2021
අර්බුදයෙන් මිදෙන්න යෝජනාවක් ලංකාවේ ආර්ථික අර්බුදයක් ඇති බව පැහැදිලිය. සමස්ත රාජ්‍ය ණය ඉහළ යෑම ගත්විට 2019 දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 86.8ක් දක්වා ණය පංගුව වැඩි වී තිබේ. එහි ණය බර රුපියල් බිලියන 13කි. ජපානයේ ණය සේවා අනුපාතිකය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1කි. ලංකාවේ එම අගය සියයට13කි. එනම් ලංකාවේ ණය සේවා අනුපාතිකය ඔරොත්තු නොදෙන තරම්ය. 06 September 2021
රජයේ වියදම් සීමාව යහපත් ආදර්ශයක් රට මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය හේතුවෙන් රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීන්දුවක් ගෙන තිබේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට කරන ලද දැනුම්දීමකට අනුව මේ තීන්දුව ගෙන ඇතැයි වාර්තා විය. කොරෝනා වසංගතය හමුවේ මතු වූ බරපතළ ආර්ථික ගැටලු ද රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහත වැටීම ද මේ වසරේ පුනරාවර්තන වියදම් පියවා ගැනීමට පවා එය ප්‍රමාණවත් නොවීම ද මේ තීන්දුව ගැනීමට හේතු වශයෙන් සඳහන් වෙයි. 06 September 2021
ඒකරාශිවීම් පාලනය අවශ්‍යයි: නැත්නම් තත්ත්වය බරපතළයි යම් අයුරකින් සංචරණ සීමා ලිහිල් කරන්නේ නම් ප්‍රවාහන සේවා, වෙළඳ මධ්‍යස්ථාන සහ ප්‍රසිද්ධ ස්ථානයන්හි ජනතාව ඒකරාශිවීම පාලනය කිරීමට අවශ්‍ය විධිවිධාන දැන්ම සැලසුම් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා අනාවරණය කළේය. 04 September 2021
ආණ්ඩුවේ අර්බුද ආණ්ඩුව තුළ පැවැති අභ්‍යන්තර අර්බුද දිනෙන් දිනම වැඩිවෙමින් තිබේ. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නිහඬ ප්රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ දේශපාලන උපාය මාර්ගයකට අවතීරණ වී ඇතැයි පැවසේ. වෙනදා ආණ්ඩුවේ කුදු මහත් ඕනෑම වර්ගයක ප්‍රශ්නයක් හමුවේ අදහස් පළ කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර හා වාසුදේව නානායක්කාර පවා දේශපාලන වේදිකාවේ කතා නොකරන තරම්ය. නැතිනම් ඉතා සුළු වශයෙන් කතාකරන්නට වැයම් දරන බවක් පෙනේ. 03 September 2021
ගුරු වැටුප් ප්රශ්නය විපරමකට වසංගත තත්ත්වය හේතුවෙන් රට පවතින්නේ තාමත් වැසුණු තැනකය. නිරෝධායන ඇඳිරිනීතිය යටතේ රටේ කටයුතු සීමා කරන්නට පටන්ගත්තේ මීට සති 2කට කලින්ය. ඒ තීරණයට රජය පැමිණියේ රටේ සමහරුන් කොවිඩ්-19ට තියෙන බෙහෙත ලොක්ඩවුන් කිරීම යැයි සිතන තැනට ගමන් කර තිබූ නිසාය. 03 September 2021
වයස 18න් ඉහළ 30න් පහළ අයටත් එන්නත් අත්‍යවශ්‍යයි එන්නත්කරණ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් ඉහළ ස්ථානයක රැඳී සිටියි. සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් සියයට 55කට පමණ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දී අවසාන බවය. එහෙත් කොරෝනා මරණ අතුරින් ඉහළම ප්‍රතිශතය වාර්තා වන්නේ වයස 60ට වැඩි ජනගහන කාණ්ඩයේ වීම නිසා එම පිරිස හැකි තරම් ඉක්මනින් එන්නත ලබාගත යුතු යැයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. 03 September 2021
සීනි හිඟයක් මැවූ සීනි මාෆියාව රටේ වෙළෙඳ මාෆියාවන් ගැන කලින් කලට විවිධ පුවත් මාධ්‍ය ඔස්සේ වාර්තා වෙයි. පසුගිය කාලය පුරාම අප සියලු දෙනා ආවේගශීලීව සාකච්ඡා කළේ සහල් වලින් අධික ලාභ උපයන සහල් මාෆියාවක් ගැනය. දැන් එයට තවත් අතුරුපස ද එක්ව තිබේ. සීනි හා පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සම්බන්ධයෙන්ද රටේ වෙළෙඳ මාෆියාවන් ක්‍රියාත්මක වෙමින් පවතින බව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වෙමින් පවතී. 02 September 2021
ශ්‍රී ලංකා ධජය ලොවට පෙන්වූ දිනේෂ්ට – සමිතට අපේ ආචාරය ඔලිම්පික් හා පැරාලිම්පික් උළෙලක පදක්කම් පළඳවන උත්කර්ෂවත් මොහොතේ පිටිය සිසාරා වාදනය වන්නේ රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයාගේ රටේ ජාතික ගීය පමණි. එම අසිරිමත් අභිමානවත් ගෞරවණීය අත්දැකීම මෙතෙක් මෙරටට හිමිව තිබුණේ නැත. එම අඳුරු ඉතිහාසය ඒකාලෝක කරමින්, වර්ණවත් කරමින් ක්‍රීඩා විශ්වයේ හිණි පෙතට අපගේ ආදරණීය මාතෘ භූමිය ඔසොවා තැබීමට අභිමානවත් ශ්‍රී ලංකා පුත්‍රයෙක් සමත් විය. ඒ ඉකුත් 30 වැනිදාය. 01 September 2021
යථාර්ථයේ ස්වභාවය නොතේරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘සෞභාග්‍යයේ දැක්ම’ නමින් තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ ලංකාවේත් සමස්ත ලෝකයේත් තත්ත්වය සාමාන්‍ය යැයි යන උපකල්පනය මතය. ඒ වනවිටත් රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබූ නමුත් පැවැති සන්දර්භයට සාපේක්ෂව එකී යෝජනාවලිය ඊට ප්‍රමාණවත් එකක් විය. එහෙත් කොරෝනා වසංගතයේ ආගමනය සමග දේශීය පරිසරය මතු නොව ගෝලීය තත්ත්වය පවා සහමුලින්ම වෙනස් විය. 30 August 2021
ඇමෙරිකාව සිනහවට ලක්කළ බයිඩන් තීන්දුව ඇෆ්ගනිස්ථානය තුළ වසර 20ක් රැඳී සිටිමින් ඩොලර් ට්‍රිලියනයක් වැය කළ අමෙරිකාව හදිසියේම ඇෆ්ගන් දේශයෙන් පිටවීම ලොවපුරා ප්රමුඛ මාතෘකාවක් බවට පත්වී තිබිණි. ඉන් දෙසතියක් ගතවන විට අමෙරිකාව දැන් ප්‍රකාශ කරන්නේ අගෝස්තු 31 වැනිදා වනවිට ඇෆ්ගනිස්ථානයේ සිටින සියලුම අමෙරිකානුවන් එරටින් ඉවත් කර ගන්නා බවය. 30 August 2021
අඩවියක් අනතුරට දැමූ කොටගල කෝවිල් උළෙල කොටගල දිඹුල බෝගහවත්තේ කෝවිලේ ඉකුත් දිනෙක උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් එම කෝවිලේ පාලක සභාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ. සුදර්ශන් මහතා පැවැසූ බව සඳහන් පුවතක් අප පුවත්පත වාර්තා කළේය. 28 August 2021
ආණ්ඩුවේ අළුයට ගිනි ආණ්ඩුව හා හවුල්කාර දේශපාලන පක්ෂ අතර මත ගැටුම අළු යට ගිනි පුපුරු මෙන් විටින් විට එළියට එමින් තිබේ. ඉන්ධන ගැටලුව මුල්කරගනිමින් බැසිල් රාජපක්ෂගේ කණ්ඩායම ඉකුත්දා උදය ගම්මන්පිල ඇමැතිවරයාට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. එය පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් දක්වා දුරදිග ගියේය. 27 August 2021
මග සිටියොත්? ගෙදර ගියොත්? රට පත්වී ඇති අනතුර සුළුපටු නැත. වසනවා ද විවෘතව තබනවා ද යන දෙගිඩියාව ඇත්තේ ආණ්ඩුවට පමණක් නොවේ ය. සමස්ත සමාජයම ඒ දෙගිඩියාවේ අයිතිකරුවෝ වෙති. මේ මොහොත අතිශයින්ම බියකරු ය. හෙට දවස ද එසේම ය. අනිද්දා හොඳ වෙනු ඇතැයි සිතීම පවා සැක සහිතය. වැසුවත් විවෘතව තැබුවත් වෙනසක් නැති තැනකට රට පත් වී ඇත. 27 August 2021
රට වසාදැමීම වගේම රටේ ආර්ථිකයත් බලමු ලොව මහා බලවතුන්ට පවා ආණ්ඩු මට්ටු කරගත නොහැකි වූ කොරෝනා වසංගතය විසින් අප රටට කරනු ලැබ ඇති හදිය සුළුපටු නොවේ. ලෝකය පුරා මරණ ලක්ෂ 45ක් වාර්තා වෙද්දී අප රටේ මරණ ගණන අට දහසකට ආසන්නය. ලොව පුරා දිනෙන් දින වාර්තා වන රෝගීන් ගණන දස ලක්ෂ ගණනින් ඉහළ නගී. මෙම පසුබිමේ ශ්‍රී ලංකාව නැවතත් දින 10කට වසා දමා වසංගතය පාලනයට ආණ්ඩුව ගෙන යන පිළිවෙත තවත් දැඩි බවට පත් කළේය. 27 August 2021
එන්නත් නොගත් වෙළෙඳුන්ට වෙළෙඳාම තහනම කාලෝචිතයි කොළඹ දිස්ත්‍රික්කයේ නිවෙස්වලට ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා අවස්ථා හිමිවන්නේ කොරෝනා මර්දන එන්නත්කරණයට ලක්වූ ජංගම වෙළෙඳුන්ට පමණක් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවැසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම කටයුතු මෙවර දැඩි පරීක්ෂාවට ලක් කරන බව ද පාරිභෝගික සේවා අධිකාරියත් සමග එක්ව අවශ්‍ය අවස්ථාවලදී වැටලීම් සිදු කරන බව ද ඒ මහතා සඳහන් කළේ යැයි අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 25 August 2021
තෝර තෝර ඉන්නේ නැතිව ලැබෙන එන්නතක් ලබාගනිමු ලැබෙන එන්නත කුමක් වුවත් තේරීමකින් තොරව ඉක්මනින් ලබාගන්නැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා මෙතෙක් එන්නත ලබාගෙන නැති ජනතාවගෙන් ඉල්ලා සිටින බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. එන්නත තේරීමෙන් කිසිදු ඵලක් නැතැයි ඒ මහතා අවධාරණය කළ බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. 24 August 2021
යථාර්ථයට බුද්ධියෙන් මූණදීම දේශපාලනික අර්ථයෙන් ගතහොත් කොරෝනා යනු පක්ෂ විපක්ෂ දෙපිරිසටම බලපාන කරුණකි. අප මේ රටේ දේශපාලන ප්රවාහයකට අයත් නම් ඒ දේශපාලන ප්‍රවාහය පවා රඳා පවතින්නේ අප වසංගත තත්ත්වයට දක්වන ප්‍රතිචාරය මතය. අපට දේශපාලනය කිරීමට පවා නීරෝගී පරිසරයක් නිර්මාණය වන්නේ ඒ අනුවය. අපට අපගේ දේශපාලන දෘෂ්ටි මතිමතාන්තර ප්‍රවර්ධනයට පවා ඉඩක් ලැබෙනු ඇත්තේ මෙම කොන්දේසිය සැපිරීම මතය. 23 August 2021
පාරිභෝගික අධිකාරියට ඇතුළෙන්ම දෝස්මුරයක් ඇයි? පාරිභෝගික සේවා අධිකාරිය එහි පනත අනුව ස්වාධීන ආයතනයක් වුවද සත්‍ය ලෙසම ස්වාධීන දැයි ගැටලුවක් පවතින බවද එය ගනු ලබන තීන්දු තීරණ සෑම විටම දේශපාලන බල අධිකාරියේ බලපෑමට යටත්වන බවද පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 23 August 2021
ඇමෙරිකාව මෙදාත් කළේ අනාගැනීමක් නොවේද? ඇෆ්ගනිස්ථානය එකවරම අහසින් පොළොවට පහත් වී තිබේ. ලොවට පෙනෙන සේ ඇෆ්ගනිස්ථානය ඉහළටම ඔසවාගෙන සිටි අමෙරිකාව එකවරම එරට අතහැර යාම ඊට හේතුවිය. එය සිදු වූයේ ඇෆ්ගන් පාලනය බාරගැනීමට කැස කවමින් සිටි තලේබාන්වරුන් සමඟ අමෙරිකාව ඇතිකරගත් ගිවිසුමකට අනුව බව ද සඳහන්ය. 21 August 2021
ඇමැති මාරුවේ හා හූව කැබිනට් සංශෝධනය පිළිබඳව ඇමැතිවරු කීපදෙනෙක් මහත් බලාපොරොත්තු තබාගෙන සිටියහ. එහෙත් සිදුවූයේ වෙනත් එකක් නිසා ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වී ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේය. අධ්‍යාපන අමාත්‍ය ධුරය පිළිබඳ අදහසක් මුල සිටම මහාචාර්ය ජී.එල්. පීරිස්ට තිබුණේ නැත. 20 August 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026