බලය නොව රට මුල් තැනට ගනිමු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කරනු ලැබීමෙන් පසුව අද හෝ ඉදිරි දින කීපයේදී 30 දෙනකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සිදුවෙයි. අලුත් රජයක් පිහිටුවීමට තුඩුදුන් හේතු කාරණා පිළිබඳව පැහැදිලි කිරීමක් ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා සිදුකළ ප්‍රකාශයේ සඳහන් විය. 29 October 2018
පඹයන්ට රට ඇන්දවීම කුඹුර රකින්නෝ පඹයෝය. ඒ, කුරුල්ලන් ගෙනි. සිව්පාවුන් පඹයන් ට බය නැත. ඇතැම් කුරුල්ලන් ද පඹයන් ට බිය නැති බව පෙනෙන්නේ ඔවුන් සමහර විට පඹයාගේ හිස මත සිට විවේක ගන්නා අයුරු දැකගත හැකි නිසා ය. බොහෝ සතුන් එකවරම පඹයා ට රැවටුණත් ඒ සුළු මොහොතකට පමණි. 26 October 2018
දූෂණ මගඩිවලින් තොර දේශපාලනයක් කවදා ලැබේද දූෂණ චෝදනාවක් නැති මන්ත්‍රීවරයකු අද පාර්ලිමේන්තුවෙන් සොයාගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. කොළඹ පදනම් ආයතනයේදී පැවැති ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක සහ දේශබන්දු එෆ්.ආර්. සේනානායක ජන්ම දින සැමරුම් උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇතැයි ද සඳහන් විය. 26 October 2018
අගමැතිගේ දෙසතිය ජනපති සතියක් කරයි නැගෙණහිර බහාලුම් පර්යන්තයට එන බහාලුම්වලින් 75්‍ර ක්ම ඉන්දියාව බලා යන බව අමාත්‍ය සමරසිංහ මහතා කැබිනට් රැස්වීමේදී පෙන්වා දුන්නේය. මෙය නෞකා ප්‍රවාහන සමාගම් හා අදාළ වන්නක් බැවින් ඉන්දීය රජයට ඒ සඳහා මැදිහත්වීමේ අපේක්ෂාවක් නොමැති බව ඔහුගේ තර්කය විය. එහෙත් ජනපති සිරිසේන මහතා නැවත වරක් තම මතය ගෙන හැර දැක්වූයේය. 25 October 2018
එදා වේල ටුවර්ස් දේශපාලනේ ජේ.ආර්. ජයවර්ධන රාජ්‍ය සමයේ ඇම්.ඩී.එච්. ජයවර්ධන ප්‍රබල අමාත්‍යවරයෙකි. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළේ නායකයෙක් ද විය. ඔහු කැබිනට් මණ්ඩලය තුළ ජනාධිපති ජේ.ආර්. හා ඇතිකර ගත් මතගැටුම පසුව පාර්ලිමේන්තුව දක්වා දීර්ඝ විය. එහිදී එවකට අගමැතිවරයාව සිටි අගමැති රණසිංහ ප්‍රේමදාස සඳහන් කළේ තමා ජනාධිපතිවරයා නම් ඇම්.ඩී.එච්. කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන බවය. 25 October 2018
පරිසරය නොතකන අපේ නරුම මිනිස්සු මන්දක් අටවා ගැබ්බර මුව දෙනක ඝාතනය කළ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ හුනුවිලගම ප්‍රධාන පිවිසුම් දොරටුවට නුදුරු මුණසිංහ ගමේ පවත්වාගෙන යන පෞද්ගලික සංචාරක බංගලාවක හිමිකරුවකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව කියවෙන පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 25 October 2018
දැක්මක් නැති පාලනයක් ඕනෑම ආයතනයකට දැක්මක් තිබිය යුතුය. ශිෂ්ටසම්පන්න ලොවෙහි ක්‍රමානුකූලව දියුණුව අත්පත් කරගතහැක්කේ එමගිනි. මෙය රටකට වුවද එසේම අදාළය. ලංකාවට අදාළව ගත්තොත් අප දැන් සිතිය යුත්තේ 2050 දී අප සිටින තැන කොතැනද කියාය. එහෙත් මේ දැක්ම යනු 2020 හෝ 2025 එන ජනාධිපතිවරණයකට සූදානම්වීමක් නොවේ. අවාසනාවකට ලංකාවේදී දැක්ම මෙහෙවර ආදිය සැකැසෙන්නේ ඊළඟ මැතිවරණය දෙස බලාගෙනය. මේ ප්රශ්නයේදී අප නිරන්තරයෙන් චෝදනාභිමුඛ වන්නේ දේශපාලකයන්ටය. 24 October 2018
කැබිනට් රැස්වීම රත්කළ ජනපති මතය ‘රෝ’ ඔත්තු සේවය පිළිබඳ අදහස් දැක්වීමට ප්‍රථමයෙන් ජනපතිවරයා හා කැබිනට් මණ්ඩලය සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීම සහ පූර්ණ සංවර්ධනය මැයෙන් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් පිළිබද සාකච්ඡා කරමිනි. 24 October 2018
නීතියට ඉහළින් සිටීමට වෙර දරන දේශපාලනය සබරගමුව පළාත් සභාවේ හිටපු සභානායක හා මාවනැල්ල මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක එම්.අයි.එස්. කාදර් නැමැත්තාගේ නිවෙසේ සඟවා තිබූ විදේශයේ නිෂ්පාදිත ගිනි අවි තුනක්, ජීව උණ්ඩ තොගයක් හා දැලි පිහි දෙකක් සොයාගත් බවත් එම ගිනි අවි සමග අදාළ ආසන සංවිධායකවරයා අත්අඩංගුවට ගත් බවත් සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. දැන් ඔහු රිමාන්ඩ් බාරයේය. 24 October 2018
අඳුරේ අතපත ගෑම තමන් ඝාතනය කිරීමේ කුමන්ත්රණයක නියැළී සිටින්නේයැයි ඉන්දියාවේ බුද්ධි ඒකකය වන රෝ ඔත්තු සේවයට චෝදනා කළද රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මානය වනු ඇතැයි බිය වූ හෙයින් පසු දිනයේදීම එම චෝදනා හකුළා ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ ය. 23 October 2018
පළාත් සභා ඡන්දය කොතරම් කලක් කල් යයි ද පළාත් සභා ඡන්දය නූතන ලාංකික දේශපාලනයේ විවාදාපන්න මාතෘකාවකි. ඇතැමුන් ඊට සද්භාවයෙන් සහභාගී වුවත් තවත් පිරිසකට එය කටගැස්මක්ව තිබෙන බව ඔවුනොවුන් කරන කියන කටයුතුවලින් ප්‍රදර්ශනය වෙයි. 23 October 2018
ශ්‍රීලනිප ගියත් ආණ්ඩුව දිගටම සභාග කතාවෙන් එ.ජා.පය කැලඹිලාද? පසුපෙළ ඉන්නේ කලකිරීමෙන්ද? ජනපති-අගමැති ගැටුම උග්රවෙලාද? ජනපති මුදාහරින්නේ එ.ජා.ප. විරෝධයද? පාඩු නොලබන රාජ්‍ය ව්‍යාපාරවත් රැකගන්න බැරිද? ජනපති ඝාතන කුමන්ත්‍රණය යටගහන්න හදන්නේ කවුද? මීළඟ පොදු අපේක්ෂකයා කවුද? යනාදී කරුණු සම්බන්ධව එ.ජා.ප. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු. 22 October 2018
උතුරේ නාමපුවරුවල සිංහල විකෘති කළේ කවුද උතුරු පළාත් සභාවෙන් ගෙන ඇති තීරණයකට අනුව යාපනයේ ප්‍රසිද්ධ ස්ථාන සහ ගම්මාන ආදියට යොදා ඇති නාම පුවරු වෙනස් කිරීමෙන් එම නාම පුවරුවල සිංහල පාඨ මුළුමනින්ම වෙනස් වී ඇතැයි යාපනයේ වෙසෙන සිංහල වැසියන් ප්‍රකාශ කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේ ය. 22 October 2018
මත් සාද කෙරෙහි රටේම දැඩි අවධානයක් ඕනෑ මුහුණු පොත හරහා සංවිධානය කළ මත් කුඩු සාදයක් පැවැත් වූ රත්නපුර දුරෙක්කන්ද ප්‍රදේශයේ හෝටලයක් වටලා ගැබිනි කතක් ඇතුළු තරුණ තරුණියන් තිස්හය දෙනකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් 12 දෙනකු සිටි බවද එම ප්‍රවෘත්තියේ සඳහන්ය. 19 October 2018
පිළිතුරු සොයා ගිහින් ගැටළු ළංකර ගැනීම විජේරාම පාරේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී ඔහු හා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් පැවැත්විණ. වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගැනීමට සුදුසු ඕනෑම තීන්දුවක් හෝ පියවරක් ගැනීමේ බලය රාජපක්ෂ වෙත පැවරීමට ඔවුහු ඒකමතිකව එකඟ වූහ. 19 October 2018
සාකච්ඡා අතරේ පැළවෙන අවිශ්වාසයේ බීජ අධිකරණයට අපහාස කළේ යැයි තීන්දු කරමින් එස්.බී.දිසානායක මහතා සිරගත කිරීමට 2004 දෙසැම්බර් මස 7 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. වප් මඟුල් උත්සවයකදී දිසානායක මහතා අධිකරණ සම්බන්ධයෙන් අපහාසාත්මක ලෙස අදහස් දක්වා තිබීම මෙම නඩු විභාගයේ පදනම විය. 18 October 2018
ඇත්ත - නැත්ත : අතේ රෝල් ඇත්ත නැත්ත සහ ‘අතේ රෝල්’ තුන් ඈඳුත්තකි. ඒවා එකට බැඳුණු සියුම් නිවුන් දරුවන් හා සමාන ය. සියුම් ව වෙන් කළ යුතු ය. ඇත්ත නැත්ත එකම කාසියෙහි දෙපැත්තකි. අතේ රෝල් නියමින්, හෝ අනියමින් ඒ දෙකට ම සම්බන්ධ ය. ඇත්ත යථාර්ථයෙහි පවතින්නක් වන අතර අතේ රෝල් සැබැවින් ම ප්‍රබන්ධ මිස අන් කිසිවක් නො වේ. 18 October 2018
විදුලි මණ්ඩලේ තිත්ත කතාව විදුලිය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත. එවැනි යුගයක විදුලි මාෆියාව නිසා මසකට රුපියල් කොපමණ අපතේ යනවාදැයි මාසික විදුලිබිල ගෙවද්දී කිසිවකුත් සිතන්නේ නැත. නීතියට පිටින් සිදුවන විදුලි ගනුදෙනු නිසා මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් නිස්කාරණේ වැය වන බව බොහෝ දෙනෙක් නොදනිති. මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරන්නේ එහි එක් පැතිකඩක් ගැනයි. 17 October 2018
රුපියලේ ඉරණම මෙරට 1948 නිදහස ලැබූ දා පටන් මේ දක්වා රුපියලේ අගය අඩුවීම ඓතිහාසික ශෝකාන්තයක් බවට පත්ව තිබේ. ඒ වනවිට ඇමෙරිකානු ඩොලරයකට හුවමාරු වී ඇත්තේ රුපියල් 3.32 කි. ඩොලර්වලින් කියන්නේ නම් රුපියලක් යනු ඩොලර් ශත 30කි. 17 October 2018
ඇවිළෙන ගින්නට පිදුරු දැමීම භාරකාර රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් දින දෙකකට පෙර දෙදෙනා අතර පැවැති රහස්‍ය සාකච්ඡාවෙන් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්වරු පසුගිය ඉරිදා නැවත වතාවක් මීගමුව ග්‍රැන්ඩීසා නිවාඩු නිකේතනයේ පැවැති මංගල උත්සවයක දී එකිනෙකා හමුවූහ. 16 October 2018
විදෙස් පිළිවෙත අවුලක අද වන විට ලංකාවට විදේශ ප්‍රතිපත්තියක් තිබේද? නැද්ද? යන ප්රශ්නය අපට ඇසීමට සිදුවී තිබේ. වත්මන් ආණ්ඩුව වෙනත් රටවල් හා සංවිධාන සමඟ පවත්වන සම්බන්ධතා තුළ ඒ තරම්ම පරස්පරතා අද දක්නට ලැබේ. ආණ්ඩුවේ වම් අත කරන දේ දකුණු අත නොදන්නා තත්ත්වයක් අද උද්ගත වී ඇත. මේ සම්බන්ධයෙන් පහත දැක්වෙන කරුණු අපි ගෙනහැර දක්වමු. 16 October 2018
මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක ගෝලීය මූල්‍ය වෙළෙඳපොළවල සිදුවෙමින් පවතින කම්පන සහ වෙළෙඳ අවිනිශ්චිතතාවල බලපෑම් මෙරට ආර්ථිකයට දැනෙමින් තිබේ. රුපියල අවප්‍රමාණය වීම, ඉන්ධන සහ ගෑස්මිල ඉහළ යෑම, බස් ගාස්තු සහ ආනයන පිරිවැය ඉහළ යෑම ගෝලීය මූල්‍ය අර්බුදය නිසා මෙරට ආර්ථිකයට බලපා තිබෙන නියත සහ නොවැළැක්විය හැකි ප්රතිවිපාකය. නිදහස් වෙළෙඳාම වර්තමානයේ මුහුණදී තිබෙන පසුබෑම ගෝලීය ආර්ථික වර්ධනයට ද බලපැවැත්විය හැකිය. 10 October 2018
ගෝලීය දෙමළ සංසදය කිපෙයි ජනපති සිරිසේන මහතා දැඩි අවධානය යොමුකර තිබෙන තවත් කාරණයක් වන්නේ වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ක්‍රියා කලාපයයි. පසුගිය අගහරවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනපතිවරයා, ජයසුන්දර සමස්ත පොලිසියටම නරක නාමයක් ගෙන දී තිබෙන බව පවසමින්, මෙයා මහ ජෝකර් කෙනෙක් යැයි කීවේය. 10 October 2018
තවත් ආන්දෝලනයක් අත පොවන මායිමේ මහින්ද රාජපක්ෂ මහතා වෙත මෛත්‍රීපාල සිරිසේනයන්ගේ දැෑත දිගුවීම අරභයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පමණක් නොව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයන් අතරද බියසංකා මතුවනු පෙනේ. ජනපති සිරිසේන මහතා තම ප්‍රතිවාදියා වෙත යොමුවීමට කටයුතු කර තිබීමෙන්ම රාජ්‍ය නායකයා වුවත් ඔහු කොපමණ දුරකට තනිකර හැර තිබෙන්නේද යන්න මෙන්ම ඔහු කොපමණ දුරකට අසරණ තත්ත්වයකට පත්ව සිටින්නේද යන්නත් ඉතාම පැහැදිලිය. 09 October 2018
ලෝ පුරා ධර්ම ප්රචාරයට ලයිසියම් ආයතනයෙන් ඉංග්‍රීසි දැනුම නොමිලේ ක්‍රි.ව. පස්වන සියවසේදි මහායාන ආගමික සංකල්ප ඉස්මතුවීම නිසා බුදුදහමෙ ප්‍රබල අර්බුදයකට මුහුණ දුන්නේය. එකළ බුදුසමය හෙළ අටුවාවට පෙරළමින් ථෙරවාදී බුදු දහම රැක ගැනිමට පෙරමුණ ගත් බුද්ධඝෝෂ හිමියෝ වර්තමානයේදී ලෝකයා විසින් අදහනු ලබන බුදුදහම ආරක්ෂා කරගැනීම සඳහා විශිෂ්ට සේවාවක් කළහ. 24 March 2018
ගුරුතුමී ට්‍රිලීෂියා සමඟ එක වේදිකාවේ සම්මාන ලැබූ ගායකයා පන්තියේ ඉගෙන ගන්න අතරෙ සින්දුවක් කීමේ වරදට ශිෂ්‍යයකුට අව්වේ දණ ගසා ඉන්න නියම කළ ගුරුවරියත්, එම ශිෂ්‍යයාත් සමඟ වසර ගණනකට පසු එකම වේදිකාවේ සම්මාන ලැබීම පුදුමයට හේතුවක් නොවේද? 19 March 2018
තවත් දේශපාලන අර්බුදයක් අතළඟ දැනටමත් අතිශය දුර්වල මට්ටමක ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති සබඳතාවල ශක්තිය නැවත නැවතත් උරගා බැලෙමින් තිබෙන්නේ බිදී යාමේ අවදානමට එම සබඳතා තවත් ආසන්න කරමිනි. 19 March 2018
ජාතික ආරක්ෂාව බිංදුවේ ඒකාබද්ධයට සිදුව ඇති දේ, නුවර සිද්ධියට රාජපක්ෂ පාර්ශ්වය වගකිව යුතුද? එ.ජා.ප යට පමණක් ඇඟිල්ල දිගු කරන්නේ ඇයි? අතුරුදන්වූවත් පිළිබඳව සොයනවාට විරුද්ධද? අගමැතිට එරෙහි විශ්වසභංගය යනාදී කරුණු සම්බන්ධයෙන් එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු. 19 March 2018
රටපුරා හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කළේ ඇයි? පසුගිය අඟහරුවාදා ජනපති ලේකම් කාර්යාලයේ බිම්මහලට අමාත්‍යවරුන් රැස්ව සිටියේ සතිපතා පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවට සහභාගී වීමටය. හදිසියේම ඔවුන් වෙත ඉදිරිපත් වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන කළ ඉල්ලීමකි. වහාම දෙවැනි මහලේ පිහිටි රැස්වීම් කාමරයට පැමිණෙන්නැයි ඉන් කියැවිණ. 12 March 2018
චිත්‍රපටයක රඟපාන්න අනුන්ගේ වාසගමක් ගත් රන්ජන් රාමනායක මීට වසර 30 කට පමණ ඉහත මා සරසවිය පුවත්පතේ උප කතුවරයකුව සිටි අවදියේ මීගමුවේ සිට පැමිණි කඩවසම් තරුණයෙක් නිතර අප හමුවීමට පැමිණියේය. බූසියක් වැනි කොණ්ඩයක් ඇති වෛවාරණ කමිසයකින් සැරැසී පැමිණෙන ඔහු සතියකට වරක් දෙවරක් අපට නොවරදවාම හමුවෙයි. 12 March 2018
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026