IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


සෝභිත හිමිගෙන් සජිත්ට යෝජනාවක්

නොවැම්බර් 5 වැනිදා ආන්දෝලනාත්මක දේශපාලන පරිසරයක් ගොඩනඟා සිංගප්පූරුවට ගිය මංගල සමරවීර මහතා ගුවන් තොටුපොළේ සිට ඍජුවම පැමිණියේ මුත්තයියා පිටියටය. ජවිපෙ වෙනුවෙන් ලාල්කාන්ත එහිදී වේගවත් කථාවක් කළේය. බෙදී වෙන්වී තිබූ එජාප නායකයෝ සියලුදෙනාම එකම වේදිකාවක් මත වූහ.


 මේ අතර ‘මුත්තයියා’ පිටියේ පැවැති රැලිය අතරතුරදී තවත් වැදගත් සිදුවීමක් සිදුවිය. එනම්, මුත්තයියා පිටියේ  වේදිකාවෙන් බැස යන සෝභිත හිමියන් සජිත් ප්‍රේමදාස මහතාට මුණගැස්වීමට උලපනේ සුමංගල හිමි, මෛත්‍රී ගුණරත්න හා ශිරාල් ලක්තිලක කටයුතු කර තිබීමය. ඒ අනුව වේදිකාව අසල සිටි සජීත් ප්‍රේමදාස මහතා අමතා සෝභිත හිමියන් කියා සිටියේ ‘මහත්තයා පොදු අපේක්‍ෂකයා වෙන්න. අපි ඔක්කොම උපරිම සහයෝගය දෙන්නම්. ඔබතුමා දිනවන්න’ යනුවෙන් පවසද්දී පෙරළා සජිත් ප්‍රේමදාස මහතාගේ පිළිතුර වූයේ ‘බලමුකො අපේ හාමුදුරුවනේ’ යන්න පමණකි.

 

මේ අනුව රතන හිමියන් හා චතුරගේ මූලිකත්වයෙන් සිදු වූ මෙම රැලියෙන් පසුව ගොඩනැගෙන නව දේශපාලන ප්‍රවාහය ලෙස බැලූ වික්‍රමසිංහ මහතා රාජිත සේනාරත්න මහතා මුණගැසීමට අදහස් කළේය. ඒ අනුව මෙම හමුව සිදුවීමට නියමිත නොවැම්බර් 13 වැනිදා සවස චතුර සේනාරත්න ජයම්පති වික්‍රමරත්න මුණගැසෙන්නේ බොරැල්ල ඩී.එස්. හන්දියට ආසන්න තැනකදීය. දෙදෙනාම මෝටර් රථවලින් නොබැස හදිසියේ කරනු ලබන මෙම අදහස් හුවමාරු කරගැනීමේදී චතුර ජයම්පතිට පවසන්නේ ‘චන්ද්‍රිකා මැතිනිගෙයි අපෙයි දොගොල්ලන්ගෙම යාළුවත් එක්ක මැඩම්ට කථාකරගන්න කියන්න’ යනුවෙනි. මෙහිදී මෙම දෙපාශ්වයේම මිතුරා යනු කබීර්ය. ඒ සමගම ටික වේලාවකට පසුව වයිබර් ඔස්සේ චන්ද්‍රිකා මැතිනිය චතුරට කථා කළේය. ඒ අනුව චන්ද්‍රිකා - රාජිත හදිසි හමුවකට අවශ්‍ය පසුබිම සැකසෙන්නට විය.

 


මේ අතර රාජිත ඇමැතිතුමාට රනිල් වික්‍රමසිංහ මුණගැසී සාකච්ඡා කිරීමට අවශ්‍ය පසුබිම සැකසුණේ එතුමාගේ මිතුරන් දෙදෙනකු වූ ආචාර්ය කපිල රණසිංහ හා දිනේෂ් වීරක්කොඩි මාර්ගයෙනි. ඒ අනුව රාජිත ඇමැතිතුමාගේද රනිල් වික්‍රමසිංහ මහතාගේද මිතුරන් වූ මේ දෙදෙනා ඉහත හමුව සූදානම් කිරීමේදී රාජිත ඇමැතිතුමාට තවත් ප්‍රශ්නයක් මතුවිය. එනම් ඒ වනවිට රනිල් වික්‍රමසිංහ මහතා වටා සිටි සමහරෙක් අරලියගහ මැදුර සමගද ඍජු සබඳතා පැවැත්විමය. එය රාජිත ඇමතිතුමාට ප්‍රශ්නයකි. මෙම තත්ත්වය තුළ රාජිත ඇමතිතුමා කපිලට හා දිනේෂ්ට පවසා සිටියේ තමා රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණහොත් එම ප්‍රවෘත්තිය ක්ෂණිකව අරලියගහ මැදුරට සැලවෙනු ඇති බවයි. ඒ අනුව යෝජිත රනිල් - රාජිත හමුව අතිශය රහසිගතව සිදුකිරීමට අවශ්‍ය පසුබිම සැකසුණි.


රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසීමට කැමැත්ත පළකළ රාජිත ඇමතිතුමා ඒ සඳහා පූර්ණ අවශ්‍යතා දෙකක් සම්පූර්ණ වියයුතු යැයි පැවසීය. ඉන් පළමුවැන්න නම් රනිල් වික්‍රමසිංහ මහතා සමග ළඟ සබඳතා ඇති අතරම අරලියගහ මැදුර සමග සෘජු සබඳතා පවත්වන අය මෙම හමුව පිළිබඳ දැන නොගත යුතුය. එමෙන්ම, හමුව සිදුවිය යුත්තේ මධ්‍යස්ථ  පුද්ගලයකුගේ ස්ථානයක වන අතර වික්‍රමසිංහ මහතා ආරක්‍ෂකයන් නොමැතිව පැමිණිය යුතුය.


රාජිත ඇමැතිතුමා විසින් ඉදිරිපත් කළ මෙම පූර්ව අවශ්‍යතා දෙකට පසුව මෙම හමුවට දිනයක් වේලාවක් හා ස්ථානයක් පිළිබඳ එකඟතාවක් ඇති විය. ඒ නොවැම්බර් මස 13 වැනිදාය. ඊට අනුව දිනේෂ් වීරක්කොඩි මහතා තම මෝටර් රථය පදවමින් වික්‍රමසිංහ මහතා සමග ආරක්ෂකයින් නොමැතිව පැමිණි අතර කපිලගේ මෝටර් රථයෙහි රාජිත ඇමැතිතුමා පැමිණියේය. ඔහුට ද කිසිදු ආරක්ෂකයකු නොමැත. දෙපිරිසම පැමිණෙන්නේ කොළඹ මල් පාරෙහි පිහිටි කපිලගේ කාර්යාලය වෙතටය. වේලාව රාත්‍රි 11 පසුව ඇත. අදාළ කාර්යාලයේ සියලුම විදුලි බුබුළු නිවා ඇත. සියලු දෙනාම පියගැට පෙළ නැංගේ අතපත ගාමිනි. ඉහළ මාලයේ එක් කාමරයක පමණක් විදුලි බුබුළක් දැල්විණි. ආගිය තතු විමසීමෙන් පසුව ප්‍රධාන මාතෘකාවට එළැඹිණි. එහිදී දොඩමලු වූ වික්‍රමසිංහ මහතා ඊට පෙර සම්බන්ධන් මහතාට ප්‍රකාශකර තිබූ ආකාරයටම තමාට ජයගත හැකි බවට කරුණු ඉදිරිපත් කරන්නට විය. වික්‍රමසිංහ මහතාගේ කථාවට සවන් දී සිටින අතරතුර රාජිත ඇමැතිතුමාට අපගේ විග්‍රහයද සිහියට නැගුණි. එහෙත් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළේය.


දිගින් දිගටම වික්‍රමසිංහ මහතා තමාට ජයග්‍රහණය කළහැකි බවට කරුණු කියද්දී රාජිත ඇමැතිතුමාගේ සුපුරුදු වාග් ශෛලිය නිරායාසයෙන්ම ගලා ඒම ආරම්භ විය. ‘නායකතුමා ඔබතුමා මොන විදිහට එරික්මැටික් ඉදිරිපත් කළත් ඔබතුමා ඉල්ලුවොත් පරාදයි. මං ළඟ තිබෙන්නේ ‘ෆස්ට් හෑන්ඞ්’ ඉන්ෆොමේෂන්’ ඔබතුමා ආවොත් සම්බන්ධන්ල තර්ඞ් කැන්ඩිඬේට් කෙනෙක් දානව. හකීම්ල රිෂාඞ්ල ආණ්ඩුවෙන් එළියට එන්නේ නෑ’ මේ ආකාරයෙන් තවදුරටත් වේගයෙන් කථා කළ රාජිත ඇමතිතුමා ‘ඔබතුමා දැනගන්න, ඡන්දෙ ඉල්ලුවොත් ඔබතුමාගේ දේශපාලනය ඡන්දෙට පහුවනිදාට ඉවරයි යූ. එන් පියේ ඉතුරු ටිකත් සුන්නද්දූවිලි වෙලා යනවා. උන් ඔක්කොම මහින්ද රාජපක්‍ෂ ළඟට එනවා. රටේම එක්සත් ජාතික පාක්ෂිකයො ඔබතුමාට ශාපකරයි’ යනුවෙන් පැවසූ රාජිත ඇමතිතුමා ඔබතුමා නිවැරදි ලෙස මෙම අවස්ථාවේදී අඩියක් පිටුපසට තැබුවහොත් ඔබතුමාට අගමැති වෙන්න පුළුවන්. මේක දාං ගේම් එකක්. දෙකක් කපල තුනක් ගන්න ඔබතුමා හිත හදාගන්න. ඔබතුමා ඡන්දෙ ඉල්ලුවොත් අපි අසරණ වෙනවා. අපිට බෑ කෝච්චියට බෙල්ල තියන්න. කරන්න දෙයක් නෑ. ඔබතුමා ඡන්දෙ ඉල්ලුවොත් අකමැත්තෙන් වුණත් මට සිද්ධවෙනව මහින්ද රාජපක්‍ෂගේ කැම්පේන් එක මෙහෙයවන්න’ යනුවෙන් ද පැවසීය.


මෙලෙස වේගයෙන් කථාකරන රාජිත ඇමැතිතුමා දෙස බලා සිටි වික්‍රමසිංහ මහතා එසේනම් මා කළ යුත්තේ කුමක්දැයි යනුවෙන් විමසීය. එවිට රාජිත ඇමැතිතුමා කියා සිටියේ ,ීසර ්ටරුැ දෙර ් ජදපපදබ ක්‍්බාසා්එැ ඔයසි සි ් යසිඑදරසජ්ක ාැජසිසදබග ඔයසි සි හදමර ත්‍මඑමරු. යනුවෙන් යම් ආයාචනාත්මක ස්වරයකින් කියා සිටියේය. එවිට වික්‍රමසිංහ මහතා රාජිත ඇමැතිතුමාගෙන් අසා සිටියේ ඔබ යෝජනා කරන පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්නය. ඊට රාජිත ඇමතිතුමාගේ ඍජු පිළිතුර වූයේ කරු ජයසූරිය යනුවෙනි.

නමුත් ඊට වහා ප්‍රතිචාර දැක්වූ වික්‍රමසිංහ මහතා රාජිත, කරුණාකරල යෝජනා කරන පොදු අපේක්ෂකයා මගේ පක්ෂයේ නොවන අයකු නම්කරන ලෙසට ඉල්ලා සිටියේය. මේ වන විට  වේලාව මධ්‍යම රාත්‍රියද පසුව තිබුණි. කැලණිවැලි දුම්රිය ලෙසින් ඇරඹි මෙම සාකච්ඡාව අවසන් වන විට යාල්දේවි දුම්රිය මෙන් වේගවත් වී තිබුණි. රාජිත ඇමැතිතුමාගේ වේගවත් අදහස් දැක්වීම ඉදිරියේ රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය නම් අවියක් පිටුපසට තැබීමට සූදානම් ආකාරයක් දක්නට ලැබුණි.

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

සෝභිත හිමිගෙන් සජිත්ට යෝජනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4970 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14799 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5825 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 583 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1455 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2595 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 613 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1382 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 354 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site