ආරම්භයේදීම ප්‍රතිරූපය ගොඩනඟාගැනීම තෝරාගෙන තිබූ ස්ථානය ඓතිහාසික විය. ක්‍රිස්තු උපතට වසර 140 කට පමණ පෙර මෙරට යටත් කරගෙන සිටි චෝළ වංශික එළාර රජු පරදා ශ්‍රී ලංකාව එක්සේසත් කළ රජු ලෙස කිරුළු පළන් දුටුගැමුණු රජතුමා ඉදිකරන ලද රුවන්වැලි මහා සෑය අබිියස, හිරු එළියෙන් බැබලුනු ඉරිදා දින උදැෑසනක සියලුදෙනා එක්රැස්ව සිටියෝ ය. 27 November 2019
රටටත් දැයටත් අයෝමය සේවාවක් කළ මුද්දර රජා ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මැතිතුමාගේ 132 වැනි ජන්ම දිනය ඊයේ 26 වැනිදාට යෙදී තිබිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.ගාල්ල රත්ගම ඕවකන්දේ පදිංචි එමෝ ද සිල්වා මහතාගේ බිරිඳ වන ඇලිස් ගුණසේකර මහත්මියට 1887 නොවැම්බර් 26 වැනිදා පුත් රුවනක් ලැබිණ. ඒ රත්ගම පුරවරය බැබළ වූ ද ලංකාවාසී ජනතාවට අනූපම සේවයක් කළා වූ ද මානව හිතවාදී ඇල්බට් අර්නස්ට් ද සිල්වා කුමරුවන්ගේ උපතය. එතුමාගේ පියා ප්‍රධාන පෙළේ ඉඩම් හිමි වැවිලිකරුවෙක් විය. 27 November 2019
තේ වතු ආර්ථිකයේ සැබෑව සැඟවීම අතීතයේ වතු ආර්ථිකයට හිමිවී තිබුණේ ඉහළ තැනකි. එකල මෙරටට විදේශ විනිමය ලැබුණේ තේ, පොල්, රබර් අපනයනය කිරීමෙන් පමණකි. එහෙත් අද වතු ආර්ථිකයේද ඇත්තේ කඩාවැටීමකි. ඒ හේතුවෙන් වතු හිමි රජය සේම පෞද්ගලික වතු සමාගම් මෙන්ම වතු කම්කරුවන්ද වැටී සිටින්නේ අවුලකය. 27 November 2019
රට වෙනුවෙන් දිවිපිදූ වීර මොනරවිල කැප්පෙටිපොල මහ දිසාව 1818 ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයට නායකත්වය දුන් වීර මොනරවිල කැප්පෙටිපොල මහ දිසාව දැයෙන් සමුගෙන මේ මස 26 වැනිදාට වසර 201 ක් සපිරෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 26 November 2019
මිලේනියම් ගිවිසුම හොඳද? නරකද? වඩාත් විවාදයට ලක්වුණු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් වර්ධනයට හා ඉඩම් පරිහරණ අයිතීන්ට අදාළව මූල්‍යාධාර සපයන බවට පොරොන්දු වේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ප්රදානය දෙස අයෙක් සැකමුසුව බැලූහ. තවත් අයෙක් ඊට පක්ෂව කතාකළහ. හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති හා ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ඩබ්ලිව්.ඒ. විජේවර්ධන MCCගිවිසුම සම්බන්ධයෙන් කතාකරමින් සිය අදහස් Daily Mirror පුවත්පතට ලබාදුන්නේය. 26 November 2019
ගෙවීම් අඩුනම් අසාර්ථක උත්තරවලට සම්මාන දෙනවද? නවකතාකරුවකු, කෙටිකතා රචකයකු මෙන්ම පරිවර්තකයකු ලෙස ද ප්‍රකට පී.බී. ජයසේකර මහතාගේ නවතම කෘතිය ‘මා ප්‍රති මා’ නවකතාවයි. 21 November 2019
දේශීය ව්‍යාපාර කඩාවැටීම වළක්වන්න නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත් වූයේ වැඩි ඡන්ද දහතුන් ලක්ෂ හැට දහසයකිනි. (13,60,016) මේ ජනවරමෙහි තිබෙන පණිවිඩය නැතහොත් අන්තර්ගතය ගැන තමන්ට පැහැදිලි අවබෝධයක් තිබෙන බව පෙරේදා (18) අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී පැවැති දිවුරුම්දීමේ උත්සවයෙන් අනතුරුව නව ජනාධිපතිවරයා ජාතිය අමතා කළ මංගල කතාවේදී රටට අනාවරණය කළේය. 20 November 2019
රළු පරළු රළ මැදින් ගොඩබිමක් කරා ප්රචණ්ඩත්වය සාපේක්ෂව අඩු මට්ටමක පැවැති නමුත් එකිනෙකා කෙරෙහි වෛරය සහ ද්වේෂය ඉහළම මට්ටමක පැවැති, එයටත් ඉහළින් සාවද්‍ය පුවත් ලෙස වෙනම ක්ෂේත්රයක තිඹිරිගෙය නිර්මාණය කළ දින 38 ක ජනපතිවරණය නිමාවට පත්විය. ශ්‍රී ලංකා පුරවැසියෝ පසුගියදා (16) මෙරට 8 වැනි ජනපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා ඔවුන්ගේ ඡන්දය භාවිතා කළහ. 19 November 2019
ජාතිකවාදී දේශපාලනයේ මුලපිරීමක් ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙසින් තේරී පත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේ දී නව පදවියේ දිවුරුම් දුන්නේ රටට නව බලාපොරොත්තුවක් ඇති කරමිනි. හැත්තෑ ලක්ෂයකට ආසන්න ජනතාව තමා වෙත තැබූ විශ්වාසය ඒ අන්දමින්ම සුරකින බවට ඔහු දුන් පොරොන්දුව ගැන සැබැවින්ම සමස්ත රටවැසියා තබා ඇත්තේ විසල් බලාපොරොත්තුවකි. 19 November 2019
හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය නම් ඔහු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා නිලධාරියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. 18 November 2019
ජනපති ගෝඨාභය ජනාධිපතිවරණය නිමාවට පත්වූයේ ඊයේ දිනයේය. නව ජනාධිපති ධුරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම්දීමට නියමිතව ඇත්තේ අද දිනයේය. මෙවර ජනාධිපතිවරණය සහ නව ජනාධිපතිවරයා පිළිබඳව සටහනක් ලිවිය යුත්තේ එක් පැත්තකින් අප හමුවේ ඇති අභියෝග කවරේ දැයි පැහැදිලි කර ගැනීම සඳහාත් තවත් පැත්තකින් නව ජනාධිපතිවරයා ලෙසින් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව යම් සටහනක් තැබීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් වන නිසාත්ය. 18 November 2019
සමාජ මාධ්‍ය පරිශීලකයෝ ජන මනස මඩ කරති ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් ඔවුන්ගේ දේශපාලන ප්‍රචාරණ කටයුතු අවසන් කළත් ඔවුන්ගේ ආධාරකරුවන් සමාජ ජාල ඔස්සේ ව්‍යාජ පුවත් මෙන්ම පැහැදිලිවම වර්ගවාදී යැයි කිව හැකි අන්තර්ගතයන් සහිත ‘ප්‍රකාශ’ ද අන්තර්ජාලයට මුදා හැර තිබේ. එම ප්‍රකාශවලින් වැඩි හරියක් දක්නට ලැබුණේ ෆේස්බුක්, වට්ස්ඇප් සහ ට්විටර් යන සමාජ ජාලවලය. 16 November 2019
ඇනා කැරනිනාගේ තිඹිරිගෙය ලියෙෆ් නිකොලායෙවිච් තෝල්ස්තෝයි(1828 - 1910) රුසියානු සාහිත්‍යයේ විශිෂ්ටතම නවකතාකරුවා ලෙස සැලකේ. ඔහු සිය පරිණත අවධියෙහි රචනා කරන ලද ‘යුද්ධය හා සාමය’ කෘතිය විචාරකයන්ගේත් පාඨකයන්ගේත් වෙසෙස් අවධානයට ලක්වීය. සිය ශිෂ්‍ය අවධියේ කසාන් විශ්වවිද්‍යාලයට ඇතුළුව ඉංග්‍රීසි, ඉතාලි, ග්‍රීක යන භාෂා උගත් තෝල්ස්තෝයි නීතිය ද හැදෑරීමක නිරත විය. 15 November 2019
ඡන්දෙන් එහා ගිය පුරවැසි අයිතිය පුරවැසියා යන සංකල්පය ආරම්භ වන්නේ ග්‍රීසියේ ඇතැන්ස්වලිනි. එහෙත් නූතන අර්ථයෙන් ගත්තොත් එය ද පැරැණි සංකල්පයකි. මන්දයත් පුරවැසියා පුරයට සීමා වී ඇති බැවිනි. මේ යුගයේ අප කතා කළ යුත්තේ පුරවැසියා ගැන නොව රටවැසියා ගැනය. නූතන රටවැසියා යනු යහපත් සමාජ ජීවිතයක් සඳහා විවිධ අයිතිවාසිකම් ඇත්තෙකි. බහුතරයක් සමඟ රටක පැවැතිය යුතු පාලනය පිළිබඳ තීන්දු ගැනීම එම රටවැසියාගේ එක් වගකීමකි. 15 November 2019
‘අපේ බොහෝ ලේඛකයන්ට සමාජ සංස්කෘතික දැක්මක් නැහැ’ රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියෝ සිංහල ඉංග්‍රීසි දෙබසින්ම ශාස්ත්‍රීය කෘති කිහිපයක්ම ලියා පළ කළහ. මෙවර විමංසා සංග්‍රහයේ සංවාදය උන්වහන්සේ සමඟ පැවැත්වෙන්නේ වත්මන් ලාංකික සාහිත්‍ය කතිකාව පිළිබඳ යම් මත විමසුමක් අපේක්ෂාවෙනි. 14 November 2019
ඇමෙරිකාවේ ජනපති ඡන්දය “අප විසින් මෙහිදී දැඩි අධිෂ්ඨානයකට එළඹිය යුතු වේ. අප ස්ථාවර ලෙසින් තීරණය කළ යුතු වන්නේ සිය ජීවිතය නොතකා රණවිරුවන් විසින් කරන ලද පරිත්‍යාගය, නිරර්ථක නොවන තැනට ඇපකැප විය යුතු බවයි. මේ දේශයට දෙවියන්ගේ බැල්ම යටතේ, විමුක්තිය නැවත උදාවේවා. 14 November 2019
සියලු පුරවැසි අපේක්ෂා ඉටුවෙන රාජ්‍ය තන්ත්රයක් ජනාධිපතිවරණය සම්බන්ධව දරන ස්ථාවරය කෙබඳුද? ජනතාවට දෙන පොරොන්දු ඉටුකළ හැකිද? බදු අඩුකිරීම ප්‍රායෝගිකද? ජාතික ආරක්ෂාව පිළිබඳව දෙන සහතිකය කුමක්ද? යනාදී කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ. 13 November 2019
“මගේ පාලනයේ දූෂිතයන්ට ඉඩක් නෑ“ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය, වේදිකාවේදී කියන සහන ජනතාවට දෙන්නේ කෙසේද, රට ගොඩනඟන්නේ කෙසේද යනාදී කරුණු සම්බන්ධයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග කළ සාකච්ඡාවකි මේ. 12 November 2019
දමිළ නායකයින්ගේ සළු පිළි ගැලවෙයි දෙමළ ජනතාව වෙනුවෙන් යැයි කියා ගත් උතුරේ නායකයින්ට වර්තමානයේ සෙරෙප්පුව, ඉලපත ගන්නා වාතාවරණයක් උදා වී ඇත්තේ කාලය මැවූ වෙනසක මහිමය හේතුවෙනි. 06 November 2019
රට පස්සට අදින්න හදන කඩු පන්තිය දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයට පසු පවත්වන පළමු ජනාධිපතිවරණයේ උණුසුම පැතිරෙමින් තිබේ. ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් ගණන තිස් පහකි. ප්‍රධාන බලවේග දෙක අතර ජනතා මතය දෝලනය වෙමින් පවතින බව පෙනේ. පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේෂක සජිත් ප්‍රේමදාස මහත්වරුන් අපේක්ෂක පිරිස අතර ඉදිරියෙන් සිටින බව නිරීක්ෂණය කළ හැකිය. 06 November 2019
‘පාඨකයා අත රැඳෙන්නේ වඩාත්ම ප්රශස්ත පරිවර්තනයයි’ ප්‍රවීණ මාධ්‍යවේදිනියක මෙන්ම ප්‍රවීණ පරිවර්තිකාවක ද වන මාලිනි ගෝවින්නගේ වැදගත් කෘති රැසක් සිංහල සාහිත්‍යයට දායාද කළ අයෙකි. ඇගේ ‘‘රළ’’ කෘතියට 2015 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමි විය. 05 November 2019
කසළ මත ජෛව රෝපණයෙන් කුණු ප්රශ්නය විසඳීම ශ්‍රී ලංකාව මෙන්ම දියුණුවෙමින් පවතින රටවලට කුණුකසළ එකතුවීම දැවැන්ත ගැටලුවක්ව පවතින බව නොරහසකි. මේ සඳහා විවිධ ප්‍රතිකර්ම කිරීමත්, කොම්පෝස්ට් නිපදවීම ඇතුළු විවිධ දෑ සිදු කළත් සාර්ථක ලෙස කසළ කළමනාකරණය සිදු කිරීමට අසීරු වී ඇති බව පෙනී යයි. 05 November 2019
ණය කන්දේ වග නොදැන පිනුම් ගැහීම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ ඉතාම තීරණාත්මක ජනාධිපතිවරණයක් එළැඹ තිබේ. ජාතික හා ගෝලීය වශයෙන් රටේ මෙන්ම මහජනතාවගේ පැවැත්ම තීරණය කෙරෙන ජනාධිපතිවරණයක් හැටියට එය හැඳින්වූව ද වරදක් නැත. අප අද මුහුණ දෙමින් සිටින්නේ ගැඹුරු ආර්ථික අර්බුදයකටය. නිදහසින් පසු මේ සා ගැඹුරු ආර්ථික අර්බුදයකට අපේ රට මුහුණ දුන්නේ නැත. එනිසා පිළිතුරු සොයාගත යුතුව තිබෙන්නේ අප රට ගොඩනැඟීමට පෙර ගොඩගැනීම පිළිබඳ ප්රශ්නයකටය. 05 November 2019
සමාජ මාධ්‍යයෙන් දුවන බ්‍රිතාන්‍ය ඡන්දය එක්සත් රාජධානියේ මහ මැතිවරණය දෙසැම්බර් 12 වැනිදා පැවැත්වෙන බව ඉකුත් දා නිවේදනය කළේය. ඒ සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබෙන්නටත් පෙර දේශපාලන පක්ෂ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇත. මැතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කර පැය 24ක් යන්නටත් මත්තෙන් බොහෝ පක්ෂ විශේෂයෙන්ම සමාජ මාධ්‍යවලින් සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබිණි. 04 November 2019
ජනමතය බාල්දු කරන ඡන්ද ක්‍රමය අහෝසි කරනු ලංකාව නිදහස ලබා අවුරුදු 71කි. එදා නොතිබුණු ප්‍රශ්න අද උද්ගතව තිබේ. එසේම එදා තිබුණු ඇතැම් ප්‍රශ්න දැන් ඔඩු දුවා ගොසිනි. මේ තත්ත්වයෙන් රට ගලවා ගැනීමට පිහිටුවිය යුතු අලුත් අමාත්‍යංශයක් ගැන පෞද්ගලික අංශයේ ප්‍රකට ව්‍යවසායකයකු වන නිල්මින් නානායක්කාර මහතා යෝජනා කරයි. නානායක්කාර මහතා අවුරුදු 40කට ආසන්න කාලයක් නිරත වන්නේ සංචාරක කර්මාන්තයට අදාළ ක්ෂේත්‍රවලය. මේ ඔහුගේ හඬයි. 30 October 2019
සුරංගනාවියන් මල්ගෙන ගිය පාරේ සිරිපා වඳින්න යන්න එන්න සුමන සමන් දෙව්රුවක් සහ දේවාභරණ වලින් කොටසක් පළමුවරට සිරිපා මලූවට පළමුවරට වැඩම කරවීමට නියමිත කුරුවිට එරත්න සිරිපා මාර්ගයේ 2019/2020 වන්දනා වාරය වෙනුවෙන් වන්දනාකරුවන්ගේ පහසුකම් ඉහළ නැංවීමට කටයුතු යොදා ඇති බැවින් සුරංගනාවියන් සිරිපා මලූවට මල්රැගෙන ගිය මාවත ඔස්සේ සිරිපා කරුණා කරන්න එන්නැයි කුරුවිට ප්‍රාදේශීය ලේකම් දිළිණි ධර්මදාස මහත්මිය ආරාධනා කරන්නීය. 29 October 2019
ස්වාධීන ඡන්දයකට ආදර්ශයක් මේ මොහොතේ මෙරට දේශපාලනය චමත්කාර ජනනයෙන් තොර නැතහොත් රොමෑන්තික ජනනයෙන් තොර කලාපයක් වී තිබීම සහ මෛත්‍රීපාල ආදර්ශය ප්රගතිශීලී ව්‍යවස්ථා ප්රතිසංස්කරණයක් හෝ සංශෝධනයක් දක්වා ගෙනයෑමේ අවශ්‍යතාව සහ හැකියාව පිළිබඳ අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි. මන්ද එවැනි ව්‍යවස්ථා කටයුත්තක් සැබෑ ප්රජාතන්ත්රවාදීන්ට සතුට දනවන්නකි. ව්‍යාජ ප්රජාතන්ත්රවාදී කථික කවටයන් පරීක්ෂාවට ලක්වන ලිට්මස් පරීක්ෂණයකි. විශේෂයෙන්ම ‘ජනවාරිවරුන්’ පරීක්ෂාවට ලක් කිරීමකි. 25 October 2019
ටී.එන්.ඒ කොන්දේසි මේ දවස්වල සමාජයේ අවධානය වැඩි වශයෙන් යොමුවී තිබෙන්නේ ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු දිසාවටය. අපේක්ෂකයන් 35ක් ඡන්දයට ඉදිරිපත්ව ඇතත් මූලික වශයෙන් අපට දකින්නට ලැබෙන්නේ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකුගේ මැදිහත්වීම් පමණක් බව පෙනී යයි. 24 October 2019
වත්ත-පිටිය අහිමිවූ කොන්තරාත් ව්‍යාපාරිකයෝ මතුගම ඉත්තෑපානේ උපන් රුවන් කුකුලේවිතාන මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිධාරියෙකි. දෙස් විදෙස්හි ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු ආර්.එච්.ගෝල්ඩින්ස් සමාගමේ නිර්මාතෘවරුන් දෙදෙනාගෙන් තවත් අයකුවන ඔහු කළයුත්තේ කුමක්ද විශේෂාංගයට සම්බන්ධ කර ගත්තේ ඉදිකිරීම් කර්මාන්තය ගැන කතා කිරීමටය. ඉදිකිරීම් කර්මාන්තයේ දියුණුව සඳහා කළ යුතු හා නොකළ යුතු දේවල් ගැන රුවන් මෙසේ කියයි. 23 October 2019
සජිත්-ගෝඨා කරට කර ලබන නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණයේ දී නිර්පාක්ෂික පිළිවෙතක් අනුගමනය කරන බවට ප්‍රතිඥා දී තිබෙන ජනපති සිරිසේන, ගෙවුණු සතියේ තමන් වෙනුවෙන් ආකර්ෂණීය සේවා පැකේජයක් දිනාගැනීමට සමත් විය. ඉරිදා (20) රාත්‍රියේ ජනපතිවරයා ජපානය බලා පිටත්ව යාමට සිටියේ ය. 22 October 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026