දශක 7 ක ලතා මංගේෂ්කාර් ලකුණ
පුරුෂමූලික සමාජයේ කලාව, දේශපාලනය ආදී වැඩලෝකයේ අනවරත අරගලයක යෙදෙමින් සිය අනන්‍යතාව තහවුරු කරගැනීමේ කාර්යය, පෙරදිග රටවල විශේෂයෙන් භාරතීය සමාජයේදී, කාන්තා විෂයෙහි දුෂ්කර කටයුත්තකි. එහි නියැළීමටත් වඩා දශක හතක් එහි රැඳී සිටීම අභියෝගයකි.