Y සරත් හෙන්දහේවා · 1 hour ago සංහිඳියා නාට්‍ය, පරිප්පු හා පැණි ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට බහුතර සිංහල ජනතාවගේ මොල සේදීම සඳහා සංහිඳියා කාර්යාලය මගින් නිෂ්පාදනය කෙරෙන ගුවන්විදුලි නාට්‍යවලට යොදා ඇති නම් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් පසු ගිය දෙසතිය තුළ ජනමාධ්‍ය මගින් දැනුවත් වීමු. බොදු ජනතාවගේ මුවග නිරතුරු රැඳෙන වචන විකෘති කර භාවිතා කිරීම ගැන එයට දායක වූ කලාකරුවෝ මාධ්‍යහමු පවත්වමින් නම නොව “අන්තර්ගතය” සලකා බලන ලෙස ඉල්ලා සිටියහ. ආන්දෝලනයට හේතුව සරල නිර්ණායක දෙකකි. පළමු වැන්න ජනප්‍රසාදයක් ඇති, අති දක්ෂ, දැන උගත් හා රැඩිකල් මෙම කලාකරුවෝ ජනවිඥානය හඳුනාගෙන නැත. දෙවැන්න (කලාකරුවන් එළිපිට නොපවසන පරිදි - මෝඩ) ජනතාව නාට්‍ය නොඅසා, හරය නොවිමසා විරෝධය දැක්වීමයි. මේ අලකලංචිය තුළ මගේ ළමා කාලයේ දී කියවූ කතා දෙකක් සිහියට නැගිනි. ඒවා පල වී තිබුනේ 70 -80 දශකයේ සිළුමිණ පුවත්පතේ ගැමි රස කතා යටතේ බව මගේ මතකයයි. ඒවා එම වකවානුවේ පලවුවද සිදුවීම් ඊට කලකට පෙර සිදු වූ ඒවා බව සිතිය යුතුවේ. මෙම වියක්ත කලාකරුවන් පවසන “අන්තර්ගතය” හා පෑහෙන බැවින් ඒවා මෙසේ දක්වමි. Reply 0
COMMENTS
සංහිඳියා නාට්‍ය, පරිප්පු හා පැණි ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට බහුතර සිංහල ජනතාවගේ මොල සේදීම සඳහා සංහිඳියා කාර්යාලය මගින් නිෂ්පාදනය කෙරෙන ගුවන්විදුලි නාට්‍යවලට යොදා ඇති නම් සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් පසු ගිය දෙසතිය තුළ ජනමාධ්‍ය මගින් දැනුවත් වීමු. බොදු ජනතාවගේ මුවග නිරතුරු රැඳෙන වචන විකෘති කර භාවිතා කිරීම ගැන එයට දායක වූ කලාකරුවෝ මාධ්‍යහමු පවත්වමින් නම නොව “අන්තර්ගතය” සලකා බලන ලෙස ඉල්ලා සිටියහ. ආන්දෝලනයට හේතුව සරල නිර්ණායක දෙකකි. පළමු වැන්න ජනප්‍රසාදයක් ඇති, අති දක්ෂ, දැන උගත් හා රැඩිකල් මෙම කලාකරුවෝ ජනවිඥානය හඳුනාගෙන නැත. දෙවැන්න (කලාකරුවන් එළිපිට නොපවසන පරිදි - මෝඩ) ජනතාව නාට්‍ය නොඅසා, හරය නොවිමසා විරෝධය දැක්වීමයි. මේ අලකලංචිය තුළ මගේ ළමා කාලයේ දී කියවූ කතා දෙකක් සිහියට නැගිනි. ඒවා පල වී තිබුනේ 70 -80 දශකයේ සිළුමිණ පුවත්පතේ ගැමි රස කතා යටතේ බව මගේ මතකයයි. ඒවා එම වකවානුවේ පලවුවද සිදුවීම් ඊට කලකට පෙර සිදු වූ ඒවා බව සිතිය යුතුවේ. මෙම වියක්ත කලාකරුවන් පවසන “අන්තර්ගතය” හා පෑහෙන බැවින් ඒවා මෙසේ දක්වමි.