ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාවට එක් කෙරුණු නව විලාසිතා අංගනය පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. මෙම අවස්ථාව, සිය පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම මෙන්ම ව්‍යාපාරික පරාසය පුළුල් කිරීම වෙනුවෙන් ෆැෂන් බග් සන්නාමය දක්වන අඛණ්ඩ කැපවීම මනාව පෙන්නුම් කරනු ලබයි.
1998 වසරේදී ෆැෂන් බග් (Fashion Bug) ආයතනයේ තෙවැනි ශාඛාව සහ කොළඹ නගරයට පිවිසි ප්‍රථම පියවර ලෙස ආරම්භ කරන ලද කොල්ලුපිටිය ශාඛාව, දිගු කලක් පුරාවට සිය ප්‍රධානතම අලෙවි සැල ලෙස ක්‍රියාත්මක වී තිබේ. දශක තුනකට අධික කාලයක් පසුකරමින් තව තවත් වැඩි දියුණු වූ මෙම ශාඛාව, මේ වන විට නවීන විලාසිතා සහ නවෝත්පාදන සමගින් ඉහළ පෙළේ වෙළෙඳ සලකුණක් ලෙස පාරිභෝගික විශ්වාසය දිනාගෙන තිබේ.
මෙම නව විලාසිතා අංගනය ඔස්සේ වර්ග අඩි 6,000කට වඩා වැඩි අතිරේක වෙළෙඳ අවකාශයක් කොල්ලුපිටිය ෆැෂන් බග් ශාඛාවට එක් කර ඇති අතර, එය පාරිභෝගික පහසුව සහ ඔවුන් වෙළෙඳසල තුළ ගත කරන කාලය වඩාත් අර්ථවත් වන පරිදි ඉතා සැලසුම් සහගතව නිර්මාණය කර ඇත. එමෙන්ම, පැහැදිලි ලෙස වෙන් කරන ලද විලාසිතා අංශ, නවීන විලාසිතා එකතුවක් සහ පාරිභෝගිකයන්ට පහසුවෙන් රථවාහන ගාල් කිරීම සඳහා මනා ඉඩ කඩක් සහිතව සකසන ලද අවකාශයක්ද නවීකරණය කරන ලද කොටසට ඇතුළත් වේ.
සිය සන්නාමය විසින් තබා ඇති නව පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆැෂන් බග් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂබීර් සුබීයන් මහතා මෙසේ පැවසුවේය. ”ඓතිහාසික වශයෙන් වඩාත් වැදගත් වූ ෆැෂන් බග් කොල්ලුපිටිය ශාඛාව අපේ උරුමය මෙන්ම අනාගත ගමන් මඟ නියෝජනය කරනවා. මේ නව අංගනය විවෘත කිරීම මඟින් වඩාත් විවිධාංගීකරණය වූ නිෂ්පාදන පෙළක් සමඟ උසස් තත්ත්වයේ අලෙවි අත්දැකීමක් ලබා දීමට අපට හැකි වෙනවා වගේම, ලංකාවේ මෙම වෙළඳ ක්ෂේත්‍රයේ ශක්තිමත්භාවය පිළිබඳ අප තුළ ඇති විශ්වාසය ද මේ ඔස්සේ යළිත් තහවුරු වෙනවා”.
මෙම නව අංගනය විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව නිර්භීත සහ ක්‍රියාශීලී තාරුණ්‍යය වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ‘SAVAGE’ නමැති නවතම ‘Unisex Streetwear’ විලාසිතා සන්නාමය නිල වශයෙන් හඳුන්වා දීමද සිදු කරන ලදී. සම්මතයෙන් ඔබ්බට සිතන පරම්පරාවක් වෙනුවෙන් නිර්මාණය කර ඇති SAVAGE සන්නාමය, විශාලිත විලාසිතා (oversized silhouettes) සහ කැපී පෙනෙන ග්‍රැෆික් මෝස්තර සමඟ නව විලාසිතා රැල්ලක් හඳුන්වා දෙයි. “No Rules. Just Drip.” යන තේමාව යටතේ ඉදිරිපත් වන මෙම සන්නාමය, තාරුණ්‍යයට තම අනන්‍යතාව නිර්භීතව ලොවට විදහා දැක්වීමට දිරිගන්වනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd