ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය මෙරට ක්‍රියාත්මක විදෙස් බැංකු දෙකක් වන සිටි බැංකුවට (CitiSL) සහ ස්ටෑන්ඩර්ඞඩ් ඇන්ඩ් චාර්ටර්ඩ් බැංකුව (SCBSL) වෙත ස්ථාවර ඉදිරි දැක්මක් සහිත AAA ජාතික දිගු කාලීන ශ්‍රේණියක් ලබා දී ඇතැයි පවසයි. 

මේ අතරින් සිටි බැංකුවෙහි (Citibank N.A.) කොළඹ ශාඛාව වන CitiSL වෙත එහි ප්‍රධාන කාර්යාලය වන Citibank වෙතින් හිමිවන සහයෝගය මෙලෙස එම ශ්‍රේණිය ලබාදීමට හේතුව බව ෆිච් රේටින්ග්ස් පවසයි. එසේම CitiSL මගින් පවත්වාගෙන යන සිටි සමූහයේ ක්‍රමෝපායික අරමුණු හා සමීප ගැළපීමත් ඊට හේතුවකි. 

කෙසේ වෙතත් මෙම CitiSL ශාඛාව සිටි සමූහයේ සමස්ත වත්කම් අතරින් සියයට 0.01ක් පමණක් වන බවත්, ඒ අනුව ලබා දෙන ඕනෑම සහයෝගයක් මව් සමාගමට එතරම් වැදගත්කමක් නොමැති අවස්ථාවක් බවත් ෆිච් රේටින්ග්ස් ආයනනය සඳහන් කරයි. 

මීට අමතරව ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් චාර්ටර්ඩ් බැංකුව ශ්‍රී ලංකාව (SCBSL) වෙත එහි ප්‍රධාන කාර්යාලය (SCB) වෙතින් ලබා දෙන සහයෝගය මෙලෙස AAA ශ්‍රේණිය ලබාදීමට හේතුව බව ෆිච් රේටින්ග්ස් පවසයි. 

කෙසේ වෙතත් SCBSL යනු SCB හි සමස්ත වත්කම් අතරින් සියයට 0.1ක ප්‍රතිශතයක් ගන්නා කුඩා අවස්ථාවක් බවත්, ඔවුන් ලබා දෙන ඕනෑම සහයෝගයක් මව් සමාගමට එතරම් වැදගත්කමක් නොමැති අවස්ථාවක් බවත් ෆිච් සඳහන් කරයි.