
ඔමොඩා සහ ජෙකෝ සන්නාමවලට අයත් වාහන මාදිලි කීපයක්, හේලිස් මොබිලිටි සමාගම පසුගියදා මෙරටට හඳුන්වා දුන්නේය.
පරිසර හානිය අවම කරන සුඛෝපභෝගී වාහන සඳහා නාගරික හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් පවතින ඉල්ලුමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස හේලිස් සමාගම මෙම වාහන පෙළ මෙරටට හඳුන්වා දුන්නේය. ඔමොඩා සහ ජෙකෝ යන සුඛෝපභෝගී වාහන සන්නාම දෙක අයත් වන්නේ චීනයේ ප්‍රමුඛතම මගී වාහන අපනයනකරුවා වන චෙරි සමූහයටය. වසර විසිතුනක වාහන අපනයන ඵල පුරුද්දක් ඇති චෙරි සමූහය ලොව විශාලතම සමාගම් 500න් 233 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත.
නිල වශයෙන් මෙරට වාහන වෙළඳපොළට ඔමොඩා සහ ජෙකෝ සන්නාම හඳුන්වා හඳුන්වාදීමේ උත්සවය පසුගිය 27 වැනිදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd