
කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකුකරණ නිෂ්පාදන අංශයේ ප්‍රධාන කළමනාකරු දුෂ්මන්ත ජයසූරිය මහතා සහ GAIA Greenenergy Holdings සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලලින්ද කළුබෝවිල මහතා සමාගම් දෙකෙහි නියෝජිකයන් ඉදිරියේ ගිවිසුම හුවමාරු කර ගත් අවස්ථාව
තිරසාරභාවය වෙනුවෙන් වූ තම දිගුකාලීන කැපවීම ශක්තිමත් කරගනිමින් කොමර්ෂල් බැංකුව සිය හරිත ණය හා කල්බදු ක්‍රමවේද පුළුල් කිරීමේ අරමුණින් GAIA Greenenergy Holdings සමාගම සමග උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළඹ ඇත. එමගින් පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට සූර්ය බලශක්තිය භාවිතා කිරීමට හැකි වනු ඇත.
මෙම හවුල්කාරීත්වය විධිමත් කරමින් කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකුකරණ නිෂ්පාදන අංශයේ ප්‍රධාන කළමනාකරු දුෂ්මන්ත ජයසූරිය මහතා සහ GAIA Greenenergy Holdings සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී ලලින්ද කළුබෝවිල මහතා විසින් පසුගිය දා අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.
මෙම සහයෝගීතාව යටතේ සූර්ය පැනල මිලදී ගැනීම පුළුල් කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සියයට 10.00 සිට ආරම්භ වන පරිදි වරණීය පොලී අනුපාත ලබා දෙන අතර වසර හතක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමා ද ලබා දෙනු ඇත. සූර්ය පැනල මිලදී ගැනීම හා ස්ථාපනය කිරීම සඳහා මුදල් සම්පාදනය කර ගැනීමට බැංකුවේ හරිත ණය හා කල්බදු ක්‍රම භාවිත කිරීමට ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබෙන අතර මෙම වැඩසටහන 2026 දෙසැම්බර් 2 වන දින දක්වා ක්‍රියාත්මක වේ.
GAIA වෙතින් සම්මත සූර්ය බලශක්ති පද්ධතිවල සිට 3 kW සහ දෙමුහුන් මාදිලි දක්වා වූ පද්ධති, විකල්ප සහිත සූර්ය PV පද්ධති සංවර්ධනය කිරීම, සැලසුම් කිරීම, ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම ආදී සේවා ද ඇතුළත් පාරිභෝගික වටිනාකම් ශක්තිමත් කරමින් පුළුල් සේවා කට්ටලයක් පිරිනමනු ලබයි.
මෙම පාරිභොගිකයන්ට වසරක නොමිලේ නඩත්තු සේවා සහ වසරක රක්ෂණයක් ද හිමි වේ. GAIA විසින් ස්ථාපනය කරන ලද සූර්ය පද්ධති එහි මූලස්ථානයේ මධ්‍යම පාලන අංශයක් හරහා තත්‍ය කාලීනව නිරීක්ෂණය කරනු ලැබේ. එම පද්ධතිවල යම් යම් කාර්ය සාධන අපගමනයක් සිදු වුවහොත්, සමාගමේ සැලසුම් හා ඉංජිනේරු කණ්ඩායම්වලට ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳව සේවාදායකයන්ට ඉක්මනින් උපදෙස් ලබා දීමට හැකිය. GAIA සූර්ය පැනල සඳහා වසර 12ක වගකීමක්, ඉන්වර්ටර් සඳහා වසර 10ක වගකීමක් සහ සූර්ය පැනල සඳහා වසර 30ක කාර්ය සාධන වගකීමක් ද ලබා දෙයි.
GAIA Greenenergy සමාගම, ඉහළ ගණයේ ගෝලීය ESG ආයෝජකයන්ගේ සහය ඇතිව කර්මාන්තයේ නිරත වන ප්‍රමුඛ පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවෙකි. ශ්‍රී ලංකාවේ වහළ මත සවිකර ඇති විශාලතම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය වන පළාත් හතක් පුරා විහිදෙන, රජය හා පෞද්ගලික අංශය අතර හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක කරන ලද, 350 MW ව්‍යාපෘතිය සඳහා ද පෙරමුණ ගෙන ඇත්තේ ද මෙම සමාගමයි. එහි ආකෘතිය මගින් ෆොසිල ඉන්ධන ආනයන මත යැපීම අඩුකර, ප්‍රධාන විදුලි පද්ධතිය මත යැපීම අඩු කිරීමෙන්න් ජාතික බලශක්ති පිරිවැය අඩුකර, ශ්‍රී ලංකාවේ බලශක්ති සංක්‍රාන්ති ඉලක්කවලට සහය වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd