හේමාස් දංකොටුව බුජ්ජම්පොළ ආයතනයේ නිෂ්පාදන හා සැපයුම් දාම අධ්‍යක්ෂ විරාජ් ජයසූරිය මහතා විසින් පොල්තෙල් පහන දල්වන අයුරු.



 හේමාස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා 
සෆ්රිනා යුසුෆාලි මහත්මිය අතින් 01ක වසර සඳහා ඇතුළත් වූ කුඩා දැරියකට පාසල් උපකරණ කට්ටලය පිරිනමන අයුරු.


සඳලංකාව හේමලතා ඩී. හේවගේ


හේමාස් පුද්ගලික සමාගමේ සිප් දිරි වැඩසටහන යටතේ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් 04 ක පදිංචි මෙවර 01 වසර සඳහා පාසල් ඇතුළත් වන දරු දැරියන් පිරිසකට පොත්, බෑග් ඇතුළු උපකරණ බෙදා දීම එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා සෆ්රිනා යුසුෆාලි මහත්මියගේ සහභාගිත්වයෙන් හේමාස් දංකොටුව බුජ්ජම්පොළ පොළ පිහිටි ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඉහළ මොහොට්ටිමුල්ල, පහළ මොහොට්ටිමුල්ල, ඉහළ බුද්ජ්ජම්පොළ සහ පහළ බුද්ජ්ජම්පොළ යන ග්‍රාම නිලධාරී කොට්ඨාස තුළ පදිංචි දරු දැරියන් 60 දෙනකු වෙත මෙම පොත් ඇතුළු උපකරණ කට්ටලය පිරිනමනු ලැබීය.

එම අවස්ථාවේදී හේමාස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා සෆ්රිනා යුසුෆාලි මහත්මිය මෙසේ කියා සිටියාය.

හේමාස් ආයතනය වසර 75 ක සිට වෙළෙඳපොළේ තරගකාරී ලෙස ව්‍යාපාර කරණයේ නියැලෙන ආයතනයක්, මෙම ආයතනය නිර්මාණය වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ වෙසෙන ජනතාවගේ දෛනික ජීවිතය දියුණු කිරීමේ අරමුණ ඇතිවයි. මෙරට තුළ හේමාස් නමින් ආයතනික මට්ටමින් විවිධ සේවා සිදු කළත් පටන් ගැනීමේදී තිබුණු පරමාර්ථය අමතක කර නැහැ. එම නිසයි අපේ ආයතනය මගින් සිප් දිරි වැනි සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ යැයි පැවසුවාය.

මෙම අවස්ථාවට දංකොටුව සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් නිලන්ති ප්‍රියදර්ශනී, පරිපාලන ග්‍රාම නිලධාරී සුනිල් රණතුංග, හේමාස් දංකොටුව බුජ්ජම්පොළ ආයතනයේ නිෂ්පාදන හා සැපයුම් දාම අධ්‍යක්ෂ විරාජ් ජයසූරිය, එම ආයතනයේ මානව සම්පත් ජ්‍යෙෂ්ඨ කළමනාකාර සජිත් චන්ද්‍රසිරි, මානව සම්පත් කළමනාකාර රොෂාන් මුතුනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.