කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල අතරවාරයේ දී ඊයේ (පෙබ.19) සියලු කොටස් මිල දර්ශකය ඒකක විසි හතර දහස ඉක්මවන ලද නමුත් පසුව එම වර්ධනකාරී සීමාගිලිහෙමින් අවසානයක් කරා ළඟා විය. පසුගිය කාලයතුළ අවස්ථා තුනක දී මෙම වාර්තාගත සන්ධිස්ථානය සලකුණු කරන ලද නමුත් ස්ථාවරව පවත්වාගැනීමයට අසමත්වීම කැපී පෙනන ලක්ෂණයකි.
සුළු ලාබ අපේක්ෂාවෙන් මිල දී ගන්නා ගනුදෙනුකරුවන් මිල ඉහළ යන විට කරන විකිණීම් මෙකී උච්චාවචනවලට පසුබිම විය හැකිය. ණය පදනමකින් ගන්නා කොටස් දින කිහිපයක් තුළ විකිණීම සහ එම කොටස් වඩාත් වාසිදායක මිලකට ස්ථාවර ආයෝජකයන් අතට පත් කරගන්නා කැළඹිලි ස්වභාවයක් බව ද සඳහන් වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධක්ෂකවරියගේ පැමිණීම හා මෙරට ආර්ථික ස්ථාවරත්වය ගැන කරන ලද සඳහන් ආයෝජන අංශවල අවධානයට හේතු වී ඇති බව පෙනේ. කෙසේ වෙතත් අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ කෙරෙහි පවතින අපේක්ෂා කොටස් වෙළෙඳාමට බලපා ඇති සාධකයකි. තවමත් විදේශ අංශය යුහුසුළු වී නැත. එය වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය සීමා කරන්නට ද එය හේතු වී ඇත.
ඊයේ වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,870.07 ක් තෙක් පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 49.77 ක පසුබෑමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,731.31 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 19.19 ක පහත වැටීමක් විය. දෛනික පිරිවැටුම රු. බිලියන 4.93 ක් සේ සනිටුහන්ය. ගනුදෙනු 39,867 ක් වාර්තා වී තිබුණි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 276.91 ක් විය. සමාගම් 115 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 148 කි.
ඩයලොග් (එන්) රු. මිලියන 465 ක්, ඇක්මී රු. මිලියන 156 ක්, රේණුකා හෝල්ඩිං රු. මිලියන 141 ක්, ඩොක්යාඩ්. (කේ) රු. මිලියන 192 ක්, පීපල්ස් ලීසිං රු. මිලියන 130, ඒසියා සිකායා .රු. මිලියන 121 ක්, හේලීස් රු. මිලියන 120 ක්, ඩිස්ටිලරීස් රු. මිලියන 119 ක්, ඩිප් ප්‍රඩක්ට් රු. මිලියන 111 ක්, සහ සෝෆ්ට්ලොජික් ෆිනෑන්ස් රු. මිලියන 104 ක් වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් විය.
නිරීක්ෂක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd