ශ්රී ලංකාවේ හෝටල හිමියන් කාමර ගාස්තු වෙනුවෙන් වැඩි මුදලක් අය කරනවායැයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා චෝදනා කරයි.
හෙතෙම මේ බව පැවසුවේ කොළඹදී මාධ්‍යවේදීන් හා පැවති හමුවකදීය.
අමාත්‍යවරයාගේ අදහස වන්නේ හෝටල හිමියන් කාමර ගාස්තු වලින් නොව
ආහාර සැපැයීම්ලවිනෝදාශ්වාද පහසුකම් ආදී අංග වලින් ලාභ ලබාගැනීමට උත්සාහ කළ යුතු බවයි. තායිලන්තයේ හා මැලේසියාවේ හෝටල ලාභ ලබන්නේ කාමර ගාස්තු වලින් නොව අනේකවිධ පහසුකම් සංචාරකයන්ට ලබාදීමෙන් බවද අමාත්‍යවරයා මේ හමුවේදී පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකිරි, අදහස් දාලා බඩ වියත රැක ගන්නේ කොහොමද. මටත් කියාදෙන්න. (නි)
ලංකාදීපයට ප්‍රතිචාර දාල බඩ වියත රැක ගන්න දම්මික පෙරේරා වගේ අයට නම් සති අන්තයේ හොටලේකට ගිහින් හොදට කාල බීල එන්න පුළුවන්. බිල ගෙවන්නේ මහජන මුදලින්මනේ. අන්ත දුක් මහන්සි වෙලා හරි හම්බ කරන අපි වගේ අයට නම් ලයිට් බිල, වතුර බිල,ටෙලෙෆොනේ බිල, දොස්තර චැනල් කරන්න, ෆාර්මසි වලින් බෙහෙත් ගන්න, පුද්ගලික පන්ති යවන්න, වරිපනම් ගෙවන්න, ගියහම හෝටල් තියා ගෙස්ට් හවුස් එකකටවත් යන්න සල්ලි ඉතිරි වෙන්නේ නැහැ.(නදී)
අද ලංකාවේ හෝටල් වලින් වැඩිම ප්‍රමාණයක අයිතිය තියෙන්නේ සුපිරි පැලැන්තියටයි. ළගදි පොහොසත් වුන කට්ටිය නිසා ඒ යට තෂ් ගහලා ඉක්මනින්ම ලෝකයේ දන කුවේරයන් වෙන්නයි දගලන්නේ. ඒ නිසා අපි දන්නෙම නැතිව ලංකාවේ විදේශ විනිමය නැති වෙලා ගෘහ සේවිකා ආර්ථිකයක් කරා යනවා.(නදී)
මගේ යහළුවෙකුත් ගල්කිස්ස පොඩි හොටෙල් හිමිකරුවෙක්, ඔහු දැන් පවසන්නේ හෝටලේ නඩත්තු වියදම අධික වීම හේතුවෙන් ඔවුන්ට හොටෙල් කාමර වල මිල ඉහල දැමීමට සිදුවෙලා තිබෙනවා කියලයි. එන ආදයමෙන් සේවකයන්ගේ පඩි නඩි අයින් කරාම හොටෙලයේ අනිකුත් වියදම් වලට එන ආදායම ප්‍රමාණවත් නොවන බව කියූ එතුමා , යුද්ද තිබුන කාලෙට වැඩිය ඉතා අඩු ආදායමක් යුද්දේ අවසන් වූ පසු තිබෙන බවත් ඔහු පැවසුවා.(නදී)
හෝටල් විතරද ගණන් ? (අ)
අපේ රටේ ඇමතිලා ජනතාව ගැන හොයලා බලන්නේ නැහැ අද කාලේ (නි)
කාමර වල මිල වෙඩි ඒවාට යන අපේ කොල්ලෝ කෙල්ලෝ දවස ගැනේ වෙඩි නිසායි (අ)
පුදුම ගණන් තමයි ලංකාවේ හෝටල් කාමර, ඒවායේ පහසුකම් අන්තිමයි (නි)
ඔව් ඔව් ඔව්... බොහොම හරි ඇමතිතුමෝ,ටියුෂන් කොල්ලෙක්ට කෙල්ලෙක්ට ගෙවාගන්න පුළුවන් තරමේ සාදාරන ගානක් තමයි අය කොරන්න ඕනෑ. (නි)
මම ඉන්නේ නෙදර්ලන්තේ. එහේ බොහොම ලස්සන සුපිරිසිඳු සහන මිලට හෝටල් තිබේ. නමුත් ලංකාවේ ඉතාමත් මිල අදිකයි. (ස)
බොහොම හොද මාතෘකාවක්. (නි)
අපේ රටට එන විදේශිකයන් සේරම ධනවත් අය නෙමේ.දළදා මාලිගාව,සීගිරිය වගේ ස්ථාන බලන්න දේශීය අයට වඩා විශාල මුදලක් අය කරනවා.ඒ අයටත් එක තේරෙනවා.මේවා වෙනස් කලයුතු දේවල්. (අ)
මම ඉන්නේ ජර්මකියේ. ගාණ නම් හරිම වැඩියි තමයි. පහසුකම් මදි. එයාල හිතන්නේ යූරෝ ඔක්කොම හෝටලයට වියදම් කළා නම් හොදයි කියලා (නි)
ඉල්ලුම.... සැපයුම.....මිළ....හෝටල් මදි... (නි)
අද ලංකාවේ හෝටල් වේලෙනවා, සංචාරකයෝ නැතුව,සංචාරකයෝ දැන් ලංකාව ගැන හොදට දන්නවා, ලංකාවට එන විදේශිකයා දැන් කන්නේ කොත්තරොටි සහ චූන් පාන්, ඉදිරියේදී වෙන්නේ සංචාරකයෝ එනකොට කෑමත් අරන් එන්නේ ලංකාවට, හෝටල්වල විතරක් නෙවෙයි ඉස්සෙල්ලම අපේ ජාතික උරුමයන් බලන්න යන්න කීයක් ගන්නවද?දළදා මාලිගාවට යන්න සල්ලි ගන්නේ මොන මගුලටද? මාලිගාවට තියෙන සල්ලි වලින් රටට ඇති පලය කුමක්ද ? නිලමෙලට රත්තරන් වලින් කාර් පේන්ට් කරන්නද? පන්සලක් බලන්න සල්ලි ගන්නවා නම් මම දන්න කිසිම විදේශිකයෙකු මම එතෙනට ගෙනියන්නේ නැහැ. දැන් මාලිගාව ළඟ සුද්දියන්ට රෙදි අන්දවන්න වෙනම කොටසක් බලා ඉන්නවා,මොනතරම් පාදඩ වැඩක්ද? එම කටයුත්ත නොමිලේ සැපයීය යුතු දෙයක්. අනිත් දේ ශ්‍රී ලංකාවේ තියෙන ටුඅරිස්ට් ප්‍රයිස් සහ ලෝකල් ප්‍රයිස් කියන දෙක වහාම නැතිකලයුතු දෙයක්, අද මුළුලෝකයාම මේගැන දොස්කියනව,සංචාරක ඇමතිල මර නින්දේද?(දී)
සංචාරකයෝ මරනවා, දූෂණය කරනවා, මංකොල්ල කනවා, පැහැරගෙන යනවා, මේවා වැඩි හරියක් කරන්නේ බලවත් අය. නඩුත් නෑ. බඩුත් නෑ.කයිවාරුව විතරයි (නි)
සුද්දෝ ලංකාවට එන්නේ බණක් අහලා භාවනා කරලා යන්න නෙමෙයිනේ.(නදී)
1960 ගණන් වල තිබුන "මට ඇඩෙනවා දොරේ " කියලා කතාවක්. ඒ වගේ මටත් "ඇඩෙනවා දොරේ" මේවට. (නි)
ඒක නම් සහතික ඇත්ත (නි)
ඇමතිතුමා දන්නේ හෝටල් කාමර මිල වැඩි බව විතරයි මගේ හිතේ. (නි)
මේ අදහස සම්පූර්ණ ඇත්ත. (නි)
ඒක නම් සහතික ඇත්ත (නි)
හෝටල් කාමරයක් ගන්න සාමාන්‍ය මනුස්සයෙකුට බැහැ (නි)
හෝටල් කාමර වල මිල ගණන් වැඩිකරලා තියෙන එක හොදයි නැතිනම් හැම පාඩදයම මෙහෙ රිංගන්න බලයි .දැන් රට ටිකක් හරි බේරිලා තියෙන්නේ මේ නිසා වෙන්න ඇති.(අ)
මනුස්සයෙක්ට නිවාඩුවක් වත් ගතකරන්න මේ කාලේ බැහැ (දී)
ඇත්තටම තායිලන්තයේ ,ඉන්දොනේසියාවේ,මලෙසියාවේ හෝටල් කාමර ලංකාවට වඩා මිල අඩුයි .සංචාරකයෝ වැඩියෙන් යන්නේ එහාට.වැයකරන මුදලට උපරිම සේවයක් ලබාගන්න කව්ද අකමැති. ලංකාවේ තියන පරිසරයම එම රටවල අඩු මුදලකින් ලබාගන්න පුළුවන්.සංචාරක ව්‍යාපාරය දියුණු කරගන්න නම් ගාන අඩු කරලා වැඩි ප්‍රමාණයක් ගෙන්න ගන්න ඕන.එහෙම නැතුව ගිනි ගානට තුන් හතර දෙනෙක් ගෙන්න ගන්න බලන් හිටියට පලක් නැහැ. (දී)
ඔව් ඉතින් චන්ද්‍රලා හොරෙන් ගතකරන නිමාඩු හැටියට ලොකු වියදමක් යනවනේ.(නදී)
ඇමතිතුමෝ, ඔබ හරියටම හරි. මම දන්නා ගොඩක් පැරිසියේ මිනිස්සු අපේ රටේ හොටෙල් වියදම අධික බව කියනවා. මේ ගැන විශේෂ අවධානයක් යොමුකරන්න (නි)
ඇත්තටම මේ ගැන විශේෂ අවදානයක් යොමුකරන්න ඇමතිතුමනි. කාමරයක විතරක් නෙමේ බොන වතුර වීදුරුවේ ඉඳලම අය කරන මුදල නම් ගොඩක් වැඩි. (ස)
එතකොට ලංකාවේ අනෙක් දේවල් ලාබද? (නි)
මම ඇමරිකාවේ ,ඕස්ට්‍රේරලියාවේ, ජපානේ, තායිලන්තය වගේ රටවල සංචාරය කරලා තියනවා. අධික මුදලට අඩු පහසුකම් සලසන එකම රට ශ්‍රී ලංකාව තමයි (නි)
කතාව ඈත්ත තමා. ලංකාවට ආපු මගේ මිතුරන් කීප දෙනෙක්ම කියපු කතවක් ඒක.අදාල බලධාරින්ට පුලුවන්නේ තරු පන්ති අනුව යම්කිසි සම්මත මිළ ක්‍රමයක් හදුන්වලා දෙන්න දේශීය හා විදේශීය කියලා.වෙනත් අංශ වලින් ඒ හෝටල් හිමියනට ලාභ ලෑබිය හැකියි නේද? (නි)
කොළොඹ නගරය රාත්‍රී නගරයක් කරමු. විනෝද වන තැන ,කඩ සාප්පු රෙස්ටුරෙන්ට් මුළු රාත්‍රියම අරින්ද. පිටරට සංගීත කණ්ඩායම් ගෙනත් කල්ටෝන් වැනි සංගීත රාත්‍රී, මොටෙර් රේස් , තුරඟ තරංග,චාසිනෝ සමජසල පවත්වන්ද. සංචාරකයෝ එයි ලෝකෙන්ම, විසේසෙන් චීන සහ එය හොඳට ඒවි.(අ)
ලංකාවේ ඇති හෝටල් ක්ෂේත්‍රයේ නවා තැන් පහහසුකම් විවිධාකාරයි ,විෂමයි..තරු හෝටල්,සංස්ථාවේ හෝටල්,පෞද්ගලික හෝටල් ,නිවාඩු නිකේතන, (ගෙස්ට් හවුස් )නා .සං.අධිකාරියේ,හා පළාත් පාලන අමාත්‍යාන්සයේ තානායම් ,දැන්වීම් පුවරු දමා දෙන ගෙවල්,මුහුබඩව අපමණයි.නා,සං.අධිකාරිය මගින් බදු දී ඇති තානායමක කාමරයක් අවම දිනකටත්,පැයකටත් රු:1200/= යි.බදු කරු නොසිටියත් කළමණාකරු දිනකට කීප වාරයක්ම විකුණයි.සුද්දන්ගේ ගානම ලන්කිකයින්ගෙන් අය කිරීම සාධාරණ මදි.ඉන්ට කොන්ටිනන්ටල් හෝටලයේ සුද්දෝ, හොස්පිටල් වීදියේ හෝටල් වලින් කොත්තරෝටී කාලා යනවා.විදේශ හෝටල් ගැන සංසන්දනය කිරීමේදී අපේ රටේ හෝටල් ගාස්තු ඉතාමත් පහසු මිලක් විදේශිකයින්ට.ලාන්කිකයින්ට නම් ටිකක් සැර වැඩී...සහනයක් ලබා දෙන්නේ නම් ගුණාත් මකයි!! (අ)
මේ කතාව හරියම හරි, පුදුම ගණන් තමයි ලංකාවේ හෝටල් කාමර, ඒවායේ පහසුකම් අන්තිමයි, මේවා කාට කියන්නද, බලන්නකෝ ලංකාවේ නමගිය තරු පහේ හෝටල් කාමර වල පහසුකම් ගැන සංචාරකයෝ දාල තියෙන අදහස්, ට්‍රිප් ඇඩ්වයිසර් එකේ බලන්න.(නදී)
ලංකාවේ විදුලිබිල , ගෑස් වල මිල ගණන් , ගොඩනැගිලි ද්‍රව්‍ය වල මිලගණන් , වාහන මිල ගණන් , ලිකර් ලයිසන් වල මිලගණන් , ප්‍රාදේශීය සභා,වෙරල සංරක්ෂණ ,සංචාරක මණ්ඩල වැනි ආයතන වලට ගෙවන ගාස්තු සහ පගාව අනුව තමා කාමර මිල තීරණය වෙන්නේ. සමහර විට තායිලන්තයේ මේවා අඩු ඇති. කරුණාකර අපිට දැනගන්න පුළුවන්ද පසුගිය අවුරුද්ද ඇතුලත සුළුපරිමාණ හෝටල් වලට දුන්න සහන මොනවද කියලා (නි)
ඇමති තුමා කියන කතාව හරි. ලංකාවේ හෝටල් කාමර වෙන රටවල් සමග බලන කොට ගණන් වැඩියි. ඒත් පිටරට අයට එක ගානකුත් ලංකාවේ අයට තව ගානකුත් ගන්න එක වැරදියි. මිනිසුන්ගේ පාට බලල සල්ලි ගන්න එක පිළිගත නොහැකි දෙයක්. (නදී)
ලුම්බිණි,ඕකට හොද වැඩක් ඔයාට කරන්න පුළුවන්. මින්පසු ඔයා හෝටලයකට ගිහාම ලංකාවේ නිසා අඩුවෙන් ගාන කීවොත් ඒකට විරුද්ධවන්න. එයාලට කියන්න මටත් සුද්දෝ ගෙවන ගාන ගෙවන්න ඕනා කියලා එහෙම හොදයි නේද ? නමුත් ගොඩක් ලංකාවේ උදවිය තරු පන්තියේ හෝටලයකට යන්නේ ජීවිතේටම එක දවසයි. ඒ මදුසමය ගතකරන්නට පමනයි. ඒකත් බොහොම අමාරුවෙන්. හැමදාම තරු පන්තියේ හෝටල් වලට යන ලුම්බිනිලගේ බිල ගෙවන්නේ වෙන අය නිසා එයාට එතරම් ගානක් නෑ. (නදී)
හොඳම උදාහරණය තායිලන්තය. ලංකාවේ නිල් කැට බිස්නස් එක මේගොල්ලෝ කැඩුවා. දැන් ලංකාවේ ලංකාවේ කට්ටිය මෙහෙ බිස්නස් කරන්න එනවා. තායිලන්තෙ "ප්‍රතුනාම්" කියන ප්‍රදේශයේ තියෙන හැම අතින්ම සුපිරි හෝටලයක් "ඉස්ටින් මක්කාසන්" හෝටලය කියන්නේ. කීයද දවසේ වියදම ? රුපියල් 7,500 යි. ඉතින් ලංකාවේ විනෝද වෙන්න තැන් නැත්තම්,ෂොපින් නැත්තම් හෝටලේක 20,000 දීලා ඉන්න තේරුම කුමක්ද?ඉස්සෙල්ලා රටේ විනෝද වෙන්න තැන් හදන්න ඕනෑ.රැ එක දෙක වෙනකන් කඩ ඇරලා තියන්න ඕනෑ.මේවා සමහර නගරවලට ප්‍රායෝගික නැති නිසා අඩුම තරමේ මේවගේ කලාප හදන්න ඕනෑ. හෝටල්කාරයෝ හිතන් ඉන්නේ දෙන්න පුළුවන් අඩුම කෑම දීලා වැඩිම ගාන ගන්න. ඒවගේ කරන්න පාරිබෝගිකයාගේ විස්වාසය හදන්න ඕනෑ.නැතුව බැංකොක් මැලේසියා වගේ ගිය මනුස්සයෙක් සංචාරකයෙක් කවමදාක්වත් ආයේ ලංකාවට එන්නේ නැහැ.ඔය අපේ ස්වභාව ධර්මේ මෙහෙ රටවලත් තියනවා. ඒත් අපේ මිනිස්සු පටු පරමාර්ථ නිසා ගොඩක් පස්සට ගිහින් ඉන්නේ (නි)
ලංකාවේ හෝටල් තියෙන්නේ ඉතාම ස්වල්පයයි. ඒ හින්දා හෝටල් හිමියන්ට පුළුවන් හිතු හිතූ ගණන් අය කරන්න. කොළඹ තරු හෝටලයක් ඩොලර් 150 ට වැඩිය අයකරනවා දවසකට. බැංකොක් ජකර්තා ක්වාලා ලම්පුර් නගරවල ඒ මිලට දවස් දෙකක් නැත්නම් තුනක් ඉන්න පුළුවන්. ඒ නිසයි ඒ නගර වලට සංචාරකයෝ ඒ තරම් එන්නේ. (නි)
වැඩි කරන්න වෙනවනේ ආයුබෝවන්ඩ. ඔබතුමාලා ටැක්ස් ගහන්නේ කාමරේ තියෙන ඇදන් ගානට නේද? (නි)
ලංකාවේ හෝටල් වල ගණන් හුඟක් වැඩියි.පහසුකම් මදි.හමේ පාටට ගණන් කියන එකම රට.ජයවේවා!!! (නි)
මේ අදහස සම්පූර්ණ ඇත්ත. මම වැඩ කරන අබු ඩාබි ලෝකයේ මිල අධික නගරයක් විදිහට ප්‍රසිද්ධයි. ඒත් සසඳලා බලනකොට ලංකාවේ හෝටල් කාමර ගාස්තු මෙහෙට වඩා වැඩියි. ගාස්තු වැඩිකරන්න කලින් පහසුකම් දියුණු කරලා ඉන්න ඕන. මේ තත්වය සංචාරක ව්‍යාපාරයට අහිතකර විදිහට බලපානවා විසේශයෙන්ම දකුණු/ නැගෙනහිර ආසියානු කලාපයේ තියන උග්‍ර තරඟකාරී තත්වය නිසා.. (දී)
ඔය ඇවිල්ලා හොටල් ගැනනේ. පිටරට ඉන්න අය මේ ගැන ටිකක් හිත්න්නකෝ. මම ඉන්නේ ඉතාලියේ. පිසා කුලන වැනිසිය, වතිකානුව වැනි ලෝක ප්‍රසිද්ද තැන් බලන්න මේ රටේ සතයක්වත් අය කරන්නේ නැහැ. ඒත් අපේ රටේ ඒකටත් අයකරනවා. ඒකත් එක එක රටවල් අයට එක එක ගණන්. හොටල් වලත් එහෙමයි. ඒත් මේ රටවල් වල හැමොටම එකම ගාන මේ වාගේ දේවල් පොඩ්ඩක් හැදුවානම් ලංකාවේ සංචාරක කර්මාන්තයට හොද අනාගතයක් තියෙනවා.(නදී)
එතකොට, ජිවන වියදම, විදුලි බිල, ජල ගාස්තු, ඉන්ධන ගාස්තු, රජයේ බදු ඔක්කොම මිල අඩුද? (නි)
ඔය තායිලන්තේ, මලයාසියාවේ තියෙන දේවල් කිව්වේ මොනාද දන්නේ නැහැ. එහෙ ඉතින් හොද ගණිකාවෝ ඉන්නවා සේවයට. ඔය වහෙන් ඔරෝව කියන්නේ ඒකත් කරන්න කියලද?. මොකද අපි වගේ සාමාන්‍ය මිනිස්සු ඕවා නොකලට අපේ සල්ලි වලින් ජිවත් වෙන මැති ඇමතිවරුන්ට නම් ඕවා කැපයි.(නදී)
මහේෂ්, ඔයා ටැපලගෙන නේද? මේ ප්‍රවෘත්තිය හෝටල් කාමරවල මිලගණන් ගැන. ගණිකාවෝ ඕනෑ නම් තායිලන්තේ, මැලේසියාවේ යන්නේ මොකටද? ලංකාවේ ඕනෑම නගරෙකට ගියා නම් ඇති. ඔයා දන්නේ නැතුවට ඔයාලගේ ගේ ගාව පවා ඇති. අපේ නුගේගොඩ නම් ඕනෑ තරම් ඉන්නවා දෙජාතියෙන්ම. (නි)
ඇත්ත පහසුකම් වලට සමානව ලංකාවේ මිල වැඩයි, මෙයට වග කිව යුතේ ලංකා රජයයි. යයි කිව්වුවේ ගණන් වැඩි කරන්ඩ කියල. ලංකාවට උචිත උස $ 60-100 වන අතර හෝටල් . හැබැයි මුලික පහසුකම් ඔන්න. පරුනක සටන බලන තැන්වලින් සංචරකයින්ව ගස කනවා. සපතු දෙකක් බලන්ඩ සමහර පන්සල් වල රස් 25. ගයිඩ්ලා සහ තවත් සමහරු සංචාරකයින්ගේ කැම වලින් පවා කොමිස් ගන්නවා. අනිත් අතට රිය දුරෙකුට දවසට පඩිය $3.50 ඉතින් මින්නිසුන්ට සදරනවා ගවල ,ගාස්තු අඩු කොට වැදගත් විදිහට කලොත් සංචාරක ව්‍යාපාරයෙන් හොඳට සල්ලි රටට හැමකල හැකි. (අ)
ලංකාවේ හොටෙල් වල කෑමත් ගණන්නේ (නි)
ලංකාවේ අප්පර්ට්මෙන්ට් එකක් 3බෙඩ් RS 6.000 - 8.000 පිට රට අයට හොදයි.එක දවසට (අ)
අඩු ගානට පාර්ලිමේන්තුවේ බත් කන , ආණ්ඩුවේ තානායමේ නොමිලේ ඉන්න, නිකන් ඩිසල්, ටෙලිෆෝන්, වාහන ටික ලැබෙන අපිට මේ ගණන් දරාගන්න බැහැ. (දී)
හෝටල් විතරක් නෙමෙයි හැමදේම ගණන් ලංකාවේ. බොරු විකාර ටැක්ස් හින්දා. ලංකාවේ ගණන් හොදයි මැති ඇමතිවරුන්ට සැප ගන්න. (දී)
අම්මෝ ගණන් කියන්නේ මාර ගානක්නේ (දී)
අපි යුද්ධයෙන් ගොඩ ඇවිල්ල ටික කාලයිනේ. ව්‍යාපාර අල්ලගනකම්වත් අඩු ගණනකට හෝටල් මිල අඩු කල යුතුයි. අපට ගොඩක් තරග කාරයෝ ඉන්න බව අමතක කරන්න හොඳ නැහැ.(නදී)
පාර්ලිමේන්තු උතුමාණනි, රටේ ජිවන වියදම ගැනත් කතාකරන්න. (නි)
ඔව් දැන් අපට තියෙන එකම ප්‍රස්නේ හෝටල් වල මිල වැඩිවීම තමයි. අපිට විදුලි බිල ,ජල ගාස්තු, බස් ගාස්තු, හාල් මිල, පොල්මිල, ගෙවල් කුලී ,බෙහෙත් මිල, දොස්තර චැනල් ගාස්තු,ළමයින්ගේ ටියුසන් ගාස්තු, හෙම කිසිම වැඩියක් නැහැ.(නදී)
සමන්, හා හා හා ඔයා නම් මාර කෙනෙක්. මොනවා කිව්වත් කතාව ඇත්ත.(නදී)
ඉස්සර ලංකාවට එන යුරෝපා සංගමයේ , ඇමෙරිකාව , ජපානය වැනි රටවල සංචාරකයන්ට නොමිලයේ සහ පහසුවෙන් විසා දුන්නා. තායිලන්තය , ඉන්දුනීසියාව , මලයාසියාව , මාලදිවයින වැනි රටවල් එම ක්‍රමය තවම ක්‍රියාත්මක කරනවා. අපේ රටට බටහිර රටවලින් එන සංචාරකයන්ගේ අඩුවක් පසුගිය කාලයේ පෙන්නුම් කරනවා. ඉන්දියන් ,තායිලන්ත , චීණන සංචාරකයෝ අවට එච්චර මුදල් වියදම් කරන්නේ නැහැ. හෝටල් වල විදුලි බිල , ජල බිල , සේවක පඩි නඩි පසුගියකාලේ වැඩි වෙලා තිබෙනවා. හෝටල් හිමියන්ට කාමර මිල වැඩි කිරීම ඇරෙන්න වෙන විකල්පයක් නැහැ.අධිවේගී මාර්ග, ගුවන්තොටුපලවල් හැදුවා කියලා සංචාරක ව්‍යාපර දියුණු නොවෙයි. මහා පරිමාණ බහුජාතික හෝටල් සමාගම් වලට රජය මගින් නොයෙකුත් පහසුකම් දෙනු ලැබේ. නමුත් ඔවුන් ලාභය තමන්ගේ රට වලට රැගෙන යනවා. සුළු පරිමාණ හෝටල් හිමිය නගා සිටුවන්න රජය ක්‍රියා කල යුතුයි. (නි)
ඇමතිතුමා කියන එක හරි. හැබැයි අවම හෝටල් ගාස්තු නියම කලේ සංචාරක මණ්ඩලෙන් නේද? හෝටල් අතර තරගකාරිත්වය අවම කාමර ගාස්තුව නිසා වැළකිලා. කුඩා හෝටල් හිමියන් අමාරුවේ වැටිලා. ඒක දැන්වත් ඇමතිතුමා දැක්ක එක හොඳයි. හැබැයි ඉක්මනින් වෙනස් කරන්න ඕනෑ. (නි)
අපේ අයගේ වැඩක් තමයි තාරවගේ බඩ පලලා බිත්තර ගන්න හදන එක.මේ දුර දිග නොබලා කරන පුරුද්ද,වැල්ලේ රේන්ද විකුනන මහලු කාන්තාවගේ ඉදලා,උගත් පාලකයන් තුලත් තිබෙනවා.අනික තමයි හෝටල් වල පිරිසුදු බාවය අඩුයි.(නදී)
ඇත්තමයි , ඇමති තුමෝ ඇඩෙනවා තනි ඇහැට. අර මාළු, මාළු එකෙත් ඉවසගන්න බැහැ කුලිය , ඇත්තටම ඒකට ගියාම අපේ මාළු අපිට කන්න හිතෙනවා.(නදී)
තරු හෝටල් පැත්තක තියන්නකෝ, තානයම් වල රුපියල් 400 ට තිබුණ කාමයේ දැන් රුපියල් 1500 ක් වෙලානේ.වෙන හෝටල් ගැන කුමට කතාද?(අ)
ඔව් දැන් අපට තියෙන එකම ප්‍රශ්නේ හෝටල් වල මිල වැඩිවීම තමයි. අපිට විදුලි බිල ,ජල ගාස්තු, බස් ගාස්තු, හාල් මිල, පොල්මිල, ගෙවල් කුලී ,බෙහෙත් මිල, දොස්තර චැනල් ගාස්තු, ළමයින්ගේ අමතර පන්ති ගාස්තු, හෙම කිසිම වැඩියක් නැහැ.සහතික ඇත්ත .