පරම්පරා ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සූර්යා ගිනිපෙට්ටි නිෂ්පාදනය කරන සන් මැච් සමාගම (Sun Match Company) ප්‍රථම වරට ඩිජිටල් අවුරුදු ලිතක් හඳුන්වා දී තිබේ.
සෑම වසරකදීම, අලුත් අවුරුදු චාරිත්‍රවල නිරත වන කවුරුත් පාහේ එම වසරේ අවුරුදු නැකැත් සහ චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් අවුරුදු ලිත ප්‍රකාශයට පත්වනතුරු නො-ඉවසිල්ලෙන් බලා සිටිති. එහෙත් අවුරුදු ලිතක් සොයාගැනීම සහ අවශ්‍ය අවස්ථාවලදී එය නැවත නැවත පරිශීලනය කිරීම තරමක් දුෂ්කර කාර්යයක් වන නිසා, කාටත් ඉක්මනින් හා පහසුවෙන් සොයාගැනීමට සහ පරිශීලනය කිරීමට හැකි වන ආකාරයට ඩිජිටල් ලිතක් නිර්මාණය කිරීමට සූර්යා පියවර ගෙන තිබේ.
අලුත් අවුරුද්ද යනු සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම සැමරීමකි. එම නිසාම සූර්යා නාමය අලුත් අවුරුද්ද සමග මැනැවින් ගැළපේ. වසර 40 කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සුරක්ෂිත ගිනිපෙට්ටි නිෂ්පාදනය කළ සූර්යා, තම මෙහෙවර තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් මෙම ඩිජිටල් ලිත නිර්මාණය කර ඇත.
මෙම ලිත පරිශීලනය සඳහා පාරිභෝගිකයන් කළ යුතු වන්නේ ස්මාර්ට් දුරකථනයකින් සූර්යා ගිනිපෙට්ටියක් ස්කෑන් කිරීම පමණි. එමගින් Facebook සහ Instagram සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඩිජිටල් ලිත නැරඹිය හැකි AR filter වෙත පිවිසිය හැකි වේ.
පැරණි අවුරුද්දට ස්නානය කිරීම, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ලිපගිනි මෙළවීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය, හිස තෙල් ගෑම සහ රැකී රක්ෂා සඳහා පිටත් වීම වැනි ඉතා වැදගත් නැකත් 8ක් මෙම ඩිජිටල් ලිතට ඇතුළත් කර ඇත.
“මෙරට ජනතාවට සෞභාග්‍යමත් නව වසරක් වේවා කියා අප ප්‍රර්ථනා කරනවා. ශ්‍රී ලාංකිකයන්ගේ නොසැලෙන විශ්වාසය දිනූ සූර්යා, වසර 40 කට ආසන්න කාලයක් තිස්සේ මෙරට පාරිභෝගිකයන්ගේ වෙනස් වන රුචිකත්වයන්ට ගැළපෙන නවෝත්පාදන රාශියක් හඳුන්වා දී තිබෙනවා. මේ ඩිජිටල් ලිත, අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකිකයන්ට තවත් නැවුම් අත්දැකීමක් වනු නො-අනුමානයි.” සන් මැච් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන අලෙවි නිලධාරී ගෞරි රාජන් මහත්මිය පැවසුවා ය.
සූර්යා මේ වනවිට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙනුවෙන් ඉටි ආලේපිත ගිනිකූරු වැනි පුරෝගාමී නිෂ්පාදන රාශියක් හඳුන්වා දී ඇත. මෙහි නවතම පියවර වන ඩිජිටල් ලිත, කඩදාසි භාවිතය අවම කරමින් පරිසරය සුරැකීමට දායක වන අතරම, තිරසාර ජීවන රටාවක වැදගත්කම අවධාරණය කරන පියවරක්ද වේ. මේ වනවිට කඩදාසි භාවිතය තවදුරටත් අවම කරමින්, තම බෙදාහැරීම් ක්‍රියාවලිය පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය කිරීමටද සන් මැච් සමාගම පියවර ගෙන ඇත.
ගිනිකූරු වලට අමතර සූර්යා විසින් සුවඳ කූරු සහ නොවැගිරෙන ඉටිපන්දම් වැනි විශේෂ නිෂ්පාදන රැසක්ද වෙළඳපොළට හඳුන්වා දී තිබේ. සූර්යා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කරවීමේ ක්‍රමෝපායික පියවරක් වශයෙන්, එහි සන්නාම තානාපතිනිය ලෙස ජනාදරයට පත් රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම පත්කිරීමටද සන් මැච් සමාගම මෑතකදී කටයුතු කළේ ය. මෙය මෙරට පාරිභෝගිකයන් අතර සූර්යා සන්නාමය පිළිබඳව පවතින ඇල්ම, ආදරය සහ විශ්වාසය තවදුරටත් වර්ධනය කරවන පියවරක් වනු නිසැක ය.
ලිත නැරඹිය හැකි AR Filter වෙත පිවිසිය හැකි ආකාරයන්:
Facebook: http://bit.ly/3nCTDHs
Instagram: bit.ly/3JXHS5K
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සූර්යා වෙතින් ප්‍රථම වරට ඩිජිටල් අවුරුදු ලිතක්