“දේශසීමා ඉක්මවා ජාත්‍යන්තර වෙළෙඳාමේ තරගකාරිත්වය ජය ගැනීමට අවදානම් කළමනාකරණය, උපාය මාර්ග සහ ඉන්කො ටර්ම්ස්”‍ යන මාතෘකාව යටතේ වූ පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ පුහුණු වැඩසටහනක් පෙබරවාරි මස 18 වැනි බදාදා පෙරවරු 9.30 සිට පස්වරු 3.30 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු සංවිධානය කර තිබේ. විභව අපනයනකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අපනයන ප්‍රවීණතා ඉහළ නැංවීම වැඩමුළුවේ අපේක්ෂාව වේ.

ප්‍රවීණ අපනයන පුහුණුකරු දිනේෂ් ද සිල්වා මෙහෙයවන මෙම වැඩසටහන සිංහල සහ ඉංග්‍රීසි පැහැදිලි කිරීම් සහිතව සිදුකෙරෙන අතර, ක්ෂේත්‍රයට සම්බන්ධ සත්‍ය සිද්ධි ඇසුරෙන් වන ප්‍රායෝගික අභ්‍යාසයන්ද වැඩමුළුවට අයත්ය.

මේ සඳහා උනන්දුවක් දක්වන්නන් අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙළෙඳ පහසුකම් අංශයෙන් තොරතුරු ලබාගත හැකිය. සීමිත පිරිසක් පමණක් ඇතුළත් කරගන්නා බැවින් ලියාපදිංචි වන පිළිවෙළ අනුව සහභාගිත්වය ලබා දෙනු ලැබේ.