කැනඩාවේ ඔන්ටාරියෝහි පැවති 97 වැනි ජාත්‍යන්තර සිංහ සමාජ වාර්ෂික සමුළුවේදී 2014/2015 වර්ෂය සඳහා දිව්රුම් දුන් නව සිංහාධිපතිවරු අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවතින් දිවයිනට පැමිණියහ.
ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී දිවයිනට පැමිණි සිංහාධිපතිවරුන්ව සිංහ කැබිනට් නිලධාරීන් හා සිංහ සාමාජික සාමාජිකාවෝ විසින් ඉතා උනුසුම් අන්දමින් පිළිගත්හ.
මෙහිදී 306 ඒ 2 දිස්ත්‍රික්කයේ සිංහාධිපති මෙල්වින් ජෝන්ස් සම්මානලාභී අර්ජුන් අබේසිංහ මහතා පැවසුවේ මෙවර කොළඹ සිට මොණරාගල දක්වා වු දිස්ත්‍රික්ක වල ළමුන්ට සහ කාන්තාවන්ට වැඩි සේවාවක් සැපයීමට බලාපොරොත්තු වන බවත් විශේෂයෙන් ඩෙංගු සහ දියවැඩියා රෝග නිවාරණය වෙනුවෙන් ප්‍රමුඛතාවයක් දෙන බවයි.
දිවයිනට පැමිණි 306 සී 1 සිංහාධිපති කුසුම් සඳනායක මහතා පැවසුවේ හොඳ සිංහ වර්ෂයක් සඳහා නායකත්වය දෙන බවයි.
මේ අතර 306 ඒ 1 සිංහාධිපති ජී.ජේ සුමනසේන මහතා පවසන්නේ නැති බැරි දුගී දුප්පත් ජනතාවට පිහිටක් වන බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහ අර්ජුන් ඇතුළු සියලු සිංහ නායකයන්ට සුබ පැතුම්! පොල්ගස්ඕවිට සිංහ සමාජය (නදී)
සිංහ අර්ජුන් ඇතුළු සියලු සිංහ නායකයන්ට සුබ පැතුම්! පොල්ගස්ඕවිට සිංහ සමාජය' (ස)
සුමනේ ,අපෙන් සුභ පැතුම්! (නදී)
සිංහාධිපති අර්ජුනගේ ළමුන් සහ කාන්තාවන්ට පිහීටවන අරමුණත් රෝග නිවාරණ පැතුමත් මල්පල ගනීවා වැල්මිල්ල සිංහ සමාජයෙන් සුබ පැතුම් (නදී)
සාදරයෙන් පිළිගනිමුු! (නි)
සිංහ සමාජයට සුභ පැතුම්! (නි)
සිංහ ගනමිනි , ඔබට සුබ පැතුම්. කටුබැද්ද සිංහ සමාජය නැවත පන ගැන්වීමට ඔබට හැකි වේවා. (නදී)
සිංහයිනි, ඔබට සුභ පැතුම්! කටුබැද්ද සිංහ සමාජය නැවත පණගැන්වීමට ඔබට හැකි වේවා! (නි)