
සෙලින්කෝ ලයිෆ් සිය ෆැමිලි සවාරි ප්‍රවර්ධන වැඩසටහනේ 19 වැනි අදියරට අදාළ මහා දිනුම් ඇදීමෙන් අමතක නොවන දෙස් විදෙස් අත්දැකීම් ලබා ගැනීම සඳහා ජයග්‍රාහී පවුල් සිය ගණනක් තෝරා ගනිමින් ‘Run for Savari’ නමින් පැවැත්වූ තරගයේ ජයග්‍රාහකයන් ද තෝරා ගෙන ඇත.
මෙම දිනුම් ඇදීමේ දී, බීජිං වෙත සියලු වියදම් සහිත සංචාරයක් වෙනුවෙන් රක්ෂණ ඔප්පු හිමි පවුල් පහක් එනම් 20 දෙනකුගෙන් යුත් පිරිසක් තේරී පත් විය. මෙම ජයග්‍රාහී පවුල් වෙන්නප්පුව, කැලණිය, ගොඩකවෙල, කඹුරුපිටිය සහ හෝමාගම යන සෙලින්කෝ ලයිෆ් ශාඛාවල ගනුදෙනුකරුවන් වෙයි.
මීට අමතරව පුද්ගලයන් 40 දෙනකුගෙන් සමන්විත පවුල් 10 ක් මැලේසියාවට එවැනිම සංචාරයක් දිනා ගත් අතර පර්ල් බේ තේමා උද්‍යානයේ දිනක විනෝද චාරිකාවක් සඳහා තවත් පවුල් 283 ක් එනම් සමස්තයක් වශයෙන් පුද්ගලයන් 1,000 ක් තෝරා ගන්නා ලදි.
මෙම මහා දිනුම් ඇදීම ප්‍රථම වරට රක්ෂණ ඔප්පු හිමියන් නොවන අයට ෆැමිලි සවාරි අත්දැකීම හා එක් වීමට අවස්ථාව ලබා දුන් ‘Run for Savari’ නම් වෙබ් පාදක ක්‍රීඩාව හරහා නව ජයග්‍රාහකයන් තෝරා ගැනීම සමග නව මාවතක් විවර කරන ලදි. මෙම තරගයෙන් ඉහළ ම ලකුණු ලබා ගත් 100 දෙනකු අතරින් ජයග්‍රාහකයන් සිව් දෙනකු තෝරා ගනිමින් ශ්‍රී ලංකාවේ තරු පන්තියේ හෝටල්වල නවාතැන් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. මීට පෙර සතිපතා ජයග්‍රාහකයන් 14 දෙනකුට රුපියල් 10,000ක් බැගින් වටිනා සුපිරි වෙළෙඳසල් වවුචර් පිරිනමන ලදී.
‘Run for Savari’ තරගයට සහභාගී වූ 7,500 කට අධික පිරිස අතරින් වැඩිම ලකුණු ලබා ගත් පුද්ගලයා ද දිනුම් ඇදීමේ දී ප්‍රකාශයට පත් කරන ලදී. වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ජයග්‍රාහකයා ලකුණු 109,458 ක් රැස් කළ අතර ඔහුට සෙලින්කෝ ලයිෆ් විසින් ත්‍යාගයක් ලෙස මැලේසියාවේ සංචාරයක් පිරිනමන ලදි.
දිනුම් ඇදීම අවසන් වීමත් සමග දෙස් විදෙස් චාරිකා සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු ආරම්භ වන අතර එමගින් නව ජයග්‍රාහකයන් පිරිසට ද ෆැමිලි සවාරි අත්දැකීම විද ගැනීමේ අවස්ථාව උදා වෙයි. 2007 වර්ෂයේ දී ආරම්භ කළ සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි ප්‍රවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලංකාව පුරා රක්ෂණ ඔප්පුහිමි පවුල් 11,000 කට අධික සංඛ්‍යාවකින් පුද්ගලයන් 37,000 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ හිමි වී ඇති අතර එමගින් ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශාලතම සහ දිගු කාලීන ප්‍රතිලාභ වැඩසටහන ලෙස මෙම ෆැමිලි සවාරි වැඩසටහන පත් වී ඇත.
සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණුවලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරමින් අඛණ්ඩව වසර 21 ක් පුරා ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්ව සිටියි. 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ වටිනා ම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් මෙරට සමස්ත සන්නාම අතුරින් 22 වන වටිනාම සන්නාමය ලෙසද බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සඟරාව මගින් ශ්‍රේණිගත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd