තම අලෙවි බලකායේ විශිෂ්ටතමයන් ඇගයීමට හා ඔවුන් තවදුරටත් දිරිමත් කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම දක්වන කැපවීම යළිත් තහවුරු කරමින්, ‘2026 High Flyers දිනය’ පසුගිය දා සමාගමේ ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ අලෙවි නිලධාරීන් 300 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සමරන ලදී.
කොළඹ සුඛෝපභෝගී ITC රත්නදීප හෝටලයේදී පැවති මෙම උත්සවයේ දී, 2025 වසර තුළදී කාර්යසාධනය වෙනුවෙන් High Flyers තත්වය දිනාගත් අලෙවි නිලධාරීන් මෙන්ම ‘Sales Superstar’ නාමය ලබාගත් අලෙවි නිලධාරීන් සහ ගෝලීය වශයෙන් ගෞරවයට පාත්‍ර වූ Million Dollar Round Table (MDRT) සඳහා සුදුසුකම් ලැබූ අලෙවි නිලධාරීන් සියලු දෙනා උපහාර ලැබීය.
‘විශිෂ්ටත්වයෙන් ඔබ්බට’ යන තේමාව මත කේන්ද්‍රගත වූ 2026 High Flyers දිනය වැඩසටහන සැලසුම් කරනු ලැබුවේ සාර්ථකත්වය සැමරීම සඳහා පමණක් නොව, සමාගමේ ඉහළම දක්ෂතා දක්වන පිරිසට තවදුරටත් උසස් මට්ටමකට යාමට අභියෝග කිරීම සඳහා ද වේ. එය ඉලක්ක ඉක්මවා යාම, ආදර්ශයෙන් නායකත්වය දැක්වීම සහ සමාගම පුරා නව සාර්ථකත්ව ප්‍රමිති ස්ථාපිත කිරීම අරමුණු කරගනී.
මෙම සැමරුම් අවස්ථාවට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමග ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී වූ අතර, ඔවුන් අවධාරණය කළේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ අඛණ්ඩ වෙළෙඳපොළ නායකත්වය පිටුපස ඇති බලවේගය වන අලෙවි බලකායට ලබා දෙන වැදගත් ස්ථානයයි.
උත්සවයේ විධිමත් කටයුතුවලින් පසුව, ඉහළ කාර්යසාධනයක් සහිත පිරිස අතර මිත්‍රත්වය වර්ධනය කර ගනිමින් හා සබඳතා ශක්තිමත් කරගනිමින් රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග සාදයක් ද පැවැත්විණ.
සෙලින්කෝ ලයිෆ් විධායක සභාපති ආර්. රෙන්ගනාදන් සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමිත හේමචන්ද්‍ර යන මහත්වරු මෙම උත්සවයේ දී අභිප්‍රේරණය කරවන සුළු අර්ථවත් දේශන පැවැත්වූ අතර විශිෂ්ට අලෙවි නිලධාරීන් කිහිප දෙනකු හට තම දැනුම සහ අත්දැකීම් බෙදාහදා ගැනීමට ද අවස්ථාව හිමි විය.
මෙම සන්ධ්‍යාව තවත් අර්ථවත් කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ද තම ආකර්ෂණීය දේශනය හරහා අභියෝග ජය ගැනීම, පීඩනය යටතේ කාර්යසාධනය පවත්වා ගැනීම සහ ඉදිරි පෙළ සිට නායකත්වය ලබා දීම පිළිබඳ ඔහුගේ ජීවිත අත්දැකීම් බෙදා ගත්තේය. ඔහුගේ අදහස් තරගකාරී ජීවිත රක්ෂණ ලෝකයේ සහ ක්‍රීඩාවේ විශිෂ්ටත්වය හා සාර්ථකත්වය අතර සමානකම් පෙන්වා දෙන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd