විනිවිදභාවය, වගවීම සහ තිරසරභාවය මත පදනම් වූ ආයතනික වාර්තාකරණයේදී සෙලින්කෝ ලයිෆ් නායකත්වය නැවතත් තහවුරු කරමින් සමාගමේ 2024 වාර්තාව කීර්තිමත් සම්මාන දෙකක් දිනා ගෙන ඇත. 
වරලත් සහතිකලත් ගණකාධිකාරීන්ගේ සංගමයේ (ACCA) තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී සෙලින්කෝ ලයිෆ් දෙවැනි වරටත් ‘අනෙකුත් මූල්‍ය සේවා’ කාණ්ඩයේ ජයග්‍රාහකයා බවට පත් විය. ලොව වඩාත්ම ගෞරවනීය වෘත්තීය ගිණුම්කරණ ආයතනයක් වනACCA  විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන වැඩසටහන දේශීය මිණුම් දඬුවලට වඩා තිරසරභාවය සහ වාර්තාකරණය පිළිබඳ ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව තක්සේරු කරන අතර එමඟින් මෙම සම්මාන වලට ශක්තිමත් ජාත්‍යන්තර විශ්වයනීයත්වයක් ලබා දෙයි. එවන් සම්මාන දිනා ගැනීමෙන් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාවේ ආයතනික අංශයෙහි තිරසාර වාර්තාකරණයේ නව මිණුම් සලකුණු තැබීමට සෙලින්කෝ ලයිෆ් දක්වන තිරසාර වූ කැපවීමයි. 
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය CA ශ්‍රී ලංකා) විසින් පවත්වන ලද 2025 TAGS සම්මාන උළෙලේදී ද සෙලින්කෝ ලයිෆ් හි වාර්තාකරණ විශිෂ්ටත්වය ඇගැයීමට ලක්විය. එහිදී ශ්‍රී ලංකාවේ හොඳම ඒකාබද්ධ වාර්තා 10 අතරට සෙලින්කෝ ලයිෆ් හි වාර්තාව ද ශ්‍රේණිගත වූ අතර රක්ෂණ සමාගම් කාණ්ඩයේ රුපියල් බිලියන 10ට වැඩි දළ වාරික ආදායමක් සහිත ආයතන සඳහා වන රිදී සම්මානය ද දිනා ගන්නා ලදී. TAGS සම්මාන හරහා විනිවිදභාවය, වගවීම, යහපාලනය සහ තිරසරභාවය යන මූලිකාංග මත පදනම් ව ආයතන ඇගයීමට ලක් කරන අතර එම සම්මාන ආයතනික වාර්තාකරණ විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාව තුළ මිණුම් ලකුණු ලෙස ද සැලකේ.
මෙම සම්මානවල වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් ජ්‍යෙෂ්ඨ විධායක අධ්‍යක්ෂ/ ප්‍රධාන මූල්‍ය නිලධාරී පාලිත ජයවර්ධන මහතා පැවසුවේ මෙවන් සම්මාන දිනා ගැනීමෙන් නැවත නැවතත් තහවුරු වන්නේ සමාගමේ විනිවිදභාවය, යහපාලනය සහ තිරසරභාවය වෙනුවෙන් දක්වන විනයගරුක ප්‍රවේශය වන බවයි. “අපගේ මෙම ඒකාබද්ධ වාර්තාකරණයේ ගමන අනුකූලතාව ගැන පමණක්ම නොවේ. එය අපි දිගු කාලීනව වටිනාකම් නිර්මාණය කරන හා ආරක්ෂා කරන ආකාරය පැහැදිලිව පෙන්වා දෙන අවස්ථාවකි. ACCA සහ CA ශ්‍රී ලංකා යන දෙපාර්ශවයේම පිළිගැනීමට ලක්වීම මගින් තහවුරු වන්නේ අපගේ වාර්තාකරණ ප්‍රමිති එම උසස් අපේක්ෂා සපුරාලන බව මෙන් ම, වගකිවයුතු තිරසාර ව්‍යාපාරික භාවිතයන් ඇති කිරීම වෙනුවෙන් අප දක්වන කැපවීම කෙතරම් ගැඹුරු ද යන වගයි,” යනුවෙන් ඔහු පැවසීය.