සෙලාන් බැංකුව අඛණ්ඩව 12 වැනි වරටත් ‘ලෝක ළමා මාසය’ සැමරීම සඳහා දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වනිසෙලාන් ටිකිරි’ සන්නාමය යටතේ මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරන ලද අතර, මෙරට බැංකුවක් ලෝක ළමා දිනය වෙනුවෙන් මෙබඳු ජාතික මට්ටමේ සැමරුම් මාලාවක් දියත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.  දරුවන්ට මූල්‍ය සාක්ෂරතාව සම්බන්ධ මූලිකාංග හඳුන්වා දීම අරමුණු කරගත් විශේෂාංග රැසක් මෙම වැඩසටහන් මාලාවට ඇතුළත් විය.  
මෙහිදී සෙලාන් බැංකුව විසින් දරුවන්ට ඉතිරිකිරීම, වියදම් කිරීම සහ ආයෝජනයේදී මූලික අවදානම් කළමනාකරණය වැනි ප්‍රධාන සංකල්ප හඳුන්වා දෙන ලද අතර, ඒ ඔස්සේ මුදල් සම්බන්ධ ප්‍රායෝගික පුරුදු අවබෝධ කරගැනීමට අවශ්‍ය පැහැදිලි මගපෙන්වීමක් ලබාදෙන ලදී. ආරම්භයේ සිටම ඉදිරිගාමී සහ වගකීම් සහගත ආකල්ප වර්ධනය කරවමින් දරුවන්ගේ ජීවිතවලට සැබෑ වටිනාකම් එක්කිරීම මෙහි මූලික අරමුණ විය. එමෙන්ම මේ යටතේ මූල්‍ය අධ්‍යාපනය සහ වඩාත් විනෝදාත්මක අත්දැකීමක් බවට පත්කිරීම සඳහා Derana 24/7 TV සහ Capital TV  සමග එක් වී නර්තන හා ගායන ඇතුළු වැඩසටහන් පෙළක්ද සංවිධානය කරන ලදී. 


මීට අමතරව සෙලාන් බැංකුව Child Protection Force  ආයතනය සමග එක් වී “Safe and Strong Children – A Child Protection Awareness Program”  නමින් තවත් විශේෂ වැඩසටහනක්ද මීට සමගාමීව දියත් කළේය. ඒ යටතේ ළමා ආරක්ෂණ අධිකාරියේ උපදේශකවරුන් විසින් මාර්ගගත සහ මාර්ගගත නොවන ක්‍රම ඔස්සේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම් සිදුකරන ලදී. මෙය දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෙලාන් බැංකුව දක්වන උනන්දුව මැනැවින් පිළිබිඹු කළ අවස්ථාවක් විය.
ලෝක ළමා මාසය වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහන්, රටේ සියලු‍ම පළාත්වල සෙලාන් පැහැසර පුස්තකාල පිහිටි පාසල් අතරින් තෝරාගත් පාසල් කිහිපයකදී පවත්වන ලදී. අදාළ පළාත්වල සෙලාන් ටිකිරි ගිණුම් හිමි දරුදැරියෝ රාශියක් මෙම වැඩසටහන්වලට සහභාගී වූහ. දරුවන් සවිබල ගැන්වීම සහ ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීම සම්බන්ධයෙන් සෙලාන් බැංකුව දක්වන උනන්දුව මැනැවින් නිරූපණය කරන වැඩසටහනක් වනිසෙලාන් පැහැසර’ යටතේ තෝරාගත් පාසල් පුස්තකාලවලට පොත්පත් සහ උපකරණ ලබාදීම මෙන්ම ඒවා නඩත්තු කිරීමද සිදුකරනු ලබයි.