


කරන්දෙණිය එම්. සුසිල් පියන්ත, බලපිටිය එස්.ඒ.වයි. ද සිල්වා සහ රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන
කොළඹ, නුවර, ගාල්ල ඇතුළුව දිවයින පුරා ශාඛා දහයකින් සමන්විත අම්බලන්ගොඩ සරසි කම්පියුටර් හවුස් ආයතනයේ විසිවැනි සංවත්සරය සහ සම්මාන ප්‍රදානෝත්සවය ඉකුත්දා බලපිටිය රිවර් පැලස් හෝටලයේදී පැවැත්විණ.
එම ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක ප්‍රියශාන්ත ද සිල්වා මහතාගේ සහ ප්‍රධාන අධ්‍යක්ෂිකා ටනූජා සංජීවනී මහත්මියගේ සම්බන්ධීකරණයෙන් පැවති සරසි කම්පියුටර් හවුස් ආයතනයේ විසි වැනි සාංවත්සරික හා වර්ණ ප්‍රදානෝත්සවයට සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සහකාර කළමනාකරු (අලෙවි) වරුණ වික්‍රමසිංහ, ඩී.සී.එස්. ජාත්‍යන්තර ආයතනයේ අධ්‍යක්ෂක, කෞශල්‍ය සේතුංග,ඩවුවා ආයතනයේ රයන් ලාවු, චන්දන රත්නායක, අම්බලන්ගොඩ් නගර සභාවේ සභාපති අසේල ගොඩහේවා සහ බලපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ හිටපු සභාපති කුසුම්සිරි ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.
සරසි කම්පියුටර් හවුස් විසි වැනි සාංවත්සරික උත්සවයට සමගාමීව පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී සම්මාන පිරිනැමීම කාණ්ඩ දෙකක් යටතේ පැවැත්විණ. ඒ සරසි හවුස් ආයතනයේ සේවකයන් සහ සරසි හවුස් ආයතනය සමග බද්ධව ව්‍යාපාර කටයුතුවල නියුතුවූ ආයතනවල අයට වශයෙනි.
මේ සම්මාන උළලේදී ඒ සඳහා තේරීපත්වූ අයට මෙරට මෙන්ම විදෙස් රටවල නිවාඩුවක් ගත කිරීමට අනුග්‍රාහකත්වය දැක්වීම සහ මෝටර් රථයක් ප්‍රදානය කිරීම ඇතුළු විශේෂ ත්‍යාග පිරිනැමීමද සිදු කෙරිණ.
එහිදී සරසි කම්පියුටර් හවුස් ආයතනයේ සේවක උපුල් ගමගේ මහතා සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් වැඩිම සම්මාන සංඛ්‍යාවක් ලබාගත් අතර මෝටර් රථයේ හිමිකරුවා වූවේද ඔහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd