දිවා කාලයේ සැපයුම රාත්‍රී කාලයේ ඉල්ලුමට නොගැළපීම ගැටලුවයි
බැටරි ගබඩා පද්ධති සඳහා ආයෝජන ප්‍රවර්ධනයට විසඳුම් ඉදිරිපත් කරයි
ආසන්න කාලසීමාවේදී රට තුළ සූර්ය බලශක්ති උත්පාදනයේ සිදුව ඇති ශීඝ්‍ර වර්ධනයත් සමගින් මතුව ඇති අභියෝග සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන බව මහ බැංකුව පවසයි.
දත්ත වාර්තා අනුව 2025 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධිත වහල මත සවිකළ සූර්ය බලශක්ති පද්ධති මගින් මුළු විදුලි උත්පාදනයෙන් සියයට 9.4 කට ආසන්න ප්‍රමාණයකට දායකත්වය ලබා දී තිබේ.
“වර්ධනය වන විදුලි ඉල්ලුම හමුවේ, වහල මත සවිකළ සූර්ය පැනල භාවිතය වැඩිවීම නිසා, සාපේක්ෂව මිල අධික තාප විදුලි උත්පාදනය මත යැපීමද අඩු වී තිබේ.”
කෙසේ වෙතත් සූර්ය බලශක්ති අංශයේ සිදුව ඇති මෙම ශීඝ්‍ර වර්ධනයත් සමගින් දිවා කාලයේදී රට තුළ සිදුකරන සූර්ය බලශක්ති උත්පාදනය සහ රාත්‍රී කාලයේදී පවතින උපරිම ඉල්ලුම අතර ඇති නොගැළපීම හේතුවෙන් විදුලිබල පද්ධතිය කළමනාකරණයට සහ එහි ස්ථාවරත්වයට එල්ල කර ඇති බාධා මේ සඳහා හේතුව බව මහ බැංකුව සඳහන් කරයි.
එම බලශක්ති ගබඩා කිරීමේ බැටරි පද්ධති මගින් මෙම ගැටලුව බොහෝ දුරට නිරාකරණය කළ හැකි බව මහ බැංකුවේ අදහස වී තිබේ.
“රාත්‍රී උපරිම ඉල්ලුමක් පවතින කාලසීමාවල විදුලි පද්ධතියට විදුලිය සපයන, බැටරි සහිත සූර්ය බලශක්ති පද්ධති සඳහා ඉහළ ගාස්තු (Feed-in tariff) ක්‍රමයක් හඳුන්වාදීම සහ ක්‍රමයෙන් නෙට් ප්ලස් (Net Plus) හා භාවිත වේලාව මත පදනම් වූ (Time of Use) ගාස්තු ක්‍රම වෙත සංක්‍රමණය වීම බැටරි ගබඩා පද්ධති සඳහා ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා විසඳුම් කිහිපයකි.” මහ බැංකුව පවසයි.
මේ අතර රට තුළ කුඩා පරිමාණ සූර්ය බලශක්ති නිෂ්පාදකයන් ශීඝ්‍රයෙන් වර්ධනය වන පසුබිමක, වහල මත සවි කරන සූර්ය පැනල මගින් ජනනය කරන විදුලිය ලබා ගැනීම සඳහා පාරිභෝගික කණ්ඩායමක නිෂ්පාදන එකතු කරන ක්‍රම හෝ “ප්‍රජා බලශක්ති සමූපකාර” වැනි නව ව්‍යාපාරික ආකෘති ගවේෂණය කිරීමද මෙම පද්ධති කළමනාකරණයට ප්‍රයෝජනවත් බවත් මහ බැංකුව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd