|
සියෙරා කේබල්ස් විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ ජයතුංග |
සියෙරා කේබල්ස් පීඑල්සී 2025 වසරේ අවසන් මාස නවය තුළ, ශ්‍රී ලංකාවේ කේබල් නිෂ්පාදන කර්මාන්තයේ, වෙළෙඳපොළ නායකත්වය ශක්තිමත් ලෙස තහවුරු කරන ප්‍රතිඵල සමග සිය ගෝලීය පියසටහන ස්ථාවර ලෙස විහිදුවා තිබේ.
අවසන් මාස නවය තුළ සමාගමේ ආදායම රුපියල් බිලියන 12 ක් කරා ළඟා වූයේ 2024 වසරේ එම කාලසීමාව තුළ වාර්තා කළ රුපියල් බිලියන 7 ට සාපේක්ෂව සියයට 68 ක වර්ධනයක් සලකුණු කරමිනි. දළ ලාබය රුපියල් බිලියන 3.1 ක් ලෙස සියයට 66 කින් වර්ධනය විය. මෙහෙයුම්වලින් ලද ලාබය රුපියල් බිලියන 2.5 ක් දක්වා සියයට 70 කින් ඉහළ ගියේය. එම කාලසීමාව සඳහා ලාබය රුපියල් බිලියන 2.1 ක් දක්වා සියයට 105 ක වැඩිවීමක් පිළිබිඹු කරමින් දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇත. කොටස් හිමියන්ට අර්ථවත් වටිනාකමක් ලබාදීම සඳහා සමාගමට ඇති හැකියාව සවිමත් කරමින් කොටසක ඉපයීම් රුපියල් 1.89 යේ සිට රුපියල් 3.88 දක්වා ඉහළ ගොස් තිබේ.
සමාගම මේ ආකාරයෙන් ශීඝ්‍ර වර්ධනයක් සහ ව්‍යාප්තියක් ලැබූවද, මූල්‍ය විනය පවත්වාගෙන යාමට ප්‍රමුඛත්වයක් ලබාදී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ශුද්ධ මූල්‍ය පිරිවැය රුපියල් මිලියන 101.3 ක් දක්වා සියයට 29 කින් පහත වැටුණු අතර, දූරදර්ශී ප්‍රාග්ධන කළමනාකරණය සහ අපනයන වර්ධනයෙන් ජනනය වන විනිමය ප්‍රතිලාභ ඊට මනා සහයක් විය.
මෙම ක්‍රියාකාරීත්වය කෙටි කාලීන වර්ධනයක්ද නොවේ. එය සමාගමේ මෙහෙයුම්, උපායමාර්ගික සහ පාලන රාමුවේ මූලික සැකසුම් වෙනසක් පිළිබිඹු කරයි. සියෙරා කේබල්ස් පීඑල්සී, 2022 වසරේදී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් හි ආශ්‍රිත සමාගමක් බවට පත් වූ අතර, පසුව 2025 දී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් හි අනුබද්ධිත ආයතනයක් බවට පත්වූයේ එහි සෘජු කළමනාකරණය සහ මග පෙන්වීම ලබමිනි. මෙම පරිවර්තනයේ සිට, සමාගම ශක්තිමත් මූල්‍ය පුනර්ජීවනයක් අත්කරගෙන ඇත. 2025/26 මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුව අවසන් වන විට, 2022 මට්ටම්වලට සාපේක්ෂව ලාබදායීතාව හතර ගුණයකින් පමණ වැඩි වී ඇති අතර, 2025/26 මූල්‍ය වර්ෂයේ මුල් මාස නවය තුළ පිරිවැටුම රුපියල් බිලියන 7 සිට රුපියල් බිලියන 12 දක්වා පුළුල් වී ඇත. සමාගමේ වැඩිදියුණු කළ පාලනය, විනයක් සහිතව ක්‍රියාත්මක කිරීම සහ උපක්‍රමීය අධීක්ෂණයේ තිරසාර බලපෑම අවධාරණය කරයි.
සමාගම අත්කරගෙන සිටින මේ ජයග්‍රාහී තත්වය පිටුපස පැහැදිලි අරමුණක් සහිත නායකත්වයක් ඇත. විධායක අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ ජයතුංග මහතා පූර්ණ වෙනසක් ඇතිකළ කාලපරිච්ඡේදයක් ඔස්සේ සමාගම මෙහෙයවමින් සියෙරා කේබල්ස් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල තරගකාරී නිෂ්පාදකයකු ලෙස ස්ථානගත කර ඇත. එලෙස සමාගම හැඩගස්වමින් ඔහු ඊට පන්නරයක් වූ සභාපති ඉෂාර නානායක්කාර මහතාගේ කාර්යභාරයද සිහිපත් කරයි. සංවිධානයේ දිශානතිය හැඩගස්වනු ලබන්නේ ඔහුගේ උපායමාර්ගයක මඟපෙන්වීම, අත්දැකීම් සහ දිගුකාලීන දැක්ම තුළිනි.
සමාගමේ මෙම විශිෂ්ට ක්‍රියාකාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් හර්ෂ ජයතුංග මහතා මෙසේ සඳහන් කළේය. මූල්‍ය වර්ධනයෙන් ඔබ්බට ගිය යමක් එමගින් නියෝජනය කෙරෙනවා. ස්ථිර ලෙසම පවත්වාගෙන යන ගුණාත්මකභාවය, ගෝලීය අනුකූලතා ප්‍රමිති සහ අඛණ්ඩ නවෝත්පාදනය මත ගොඩනගා ඇති ක්‍රමෝපාය ශක්තිය එමඟින් පිළිබිඹු කරයි. තාක්ෂණික විශ්වසනීයත්වය හා ස්ථාවරත්වය අත්‍යවශ්‍ය වන ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවා සියෙරා සන්නාමය අද පිළිගැනීමට ලක්ව ඇත.
එම විශ්වසනීයත්වය ස්වාධීන ආයතන මගින්ද තහවුරු කරයි. ෆිච් රේටිංග්ස් මඟින් ස්ථාවර දැක්මක් සහිතA+(lka) ලෙස සියෙරා කේබල්ස් හි ජාතික දිගුකාලීන ශේණිගත කිරීම අඛණ්ඩව තහවුරු කරයි.
ගෝලීය නිෂ්පාදනයේදී සමාගම විශ්වාසය දිනාගෙන ඇත්තේ උසස් ප්‍රමිතීන් තුළිනි. වෙනත් කිසිදු ශ්‍රී ලාංකික කේබල් නිෂ්පාදකයකුට හිමිකම් කිව නොහැකි UL 44 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය දරන එකම ශ්‍රී ලාංකික කේබල් නිෂ්පාදකයා ලෙස සියෙරා කේබල්ස් සුවිශේෂී ස්ථානයක පසුවේ. ගෝලීය වශයෙන් පිළිගත් මෙම සහතිකයෙන් සියෙරා නිෂ්පාදනයන් ඉහළ නියාමනයන් සහිත ජාත්‍යන්තර වෙළෙඳපොළ විසින් ඉල්ලා සිටින දැඩි ආරක්ෂාව සහ කාර්යසාධන අවශ්‍යතා සපුරාලන බව සනාථ කරයි.
මෙම සන්ධිස්ථානය අපනයනයෙන් ඔබ්බට විහිදුණු බලපෑමක් ඇති කරයි. එමගින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට සපයන කේබල් සඳහාද එම ප්‍රමිතීන්ම පවත්වාගැනීමේ අවශ්‍යතාව මතුකරයි. එහිදී දේශීය පාරිභෝගිකයන්ටද ජාත්‍යන්තර මිනුම් සලකුණු සහිත නිෂ්පාදන ලබාගැනීමේ අවස්ථාවක් උදාවී තිබේ.
සියෙරා කේබල්ස් හි අපනයන විශිෂ්ටත්වය මනාව පිළිගැනීමට ලක්වූවකි. ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය විසින් සංවිධාන කරන ලද අපනයන සම්මාන උළෙලේදී සියෙරා කේබල්ස් හොඳම ශ්‍රී ලාංකික සන්නාම අපනයනකරු සම්මානය (Best Sri Lankan Brand Exporter) සහ ඉලෙක්ට්‍රොනික හා විදුලි නිෂ්පාදන අංශයේ, මහා පරිමාණ කාණ්ඩය යටතේ, රන් සම්මානය දිනාගැනීමට සමත් විය. මෙම පිළිගැනීමෙන් සමාගමේ නිෂ්පාදන හැකියාවන් මෙන්ම, කලාප රැසක් හරහා ජාත්‍යන්තර ප්‍රමිති අවශ්‍යතා නිරන්තරයෙන් සපුරාලීමේ හැකියාව පිළිබිඹු කරයි.
සිය නිෂ්පාදන විශිෂ්ටත්වයෙන් ඔබ්බට යමින් සියෙරා කේබල්ස් ජාත්‍යන්තරයේ නිම් වළලු පුළුල් කරමින් සිටී. සැම්බියාවේ බ්‍රවුන්ස් නිෂ්පාදන සමාගම (Browns Manufacturing Ltd in Zambia) සහ ෆීජි හි කේබල්ස් පුද්ගලික සමාගම (Cables PTE Ltd, Fiji) ආශ්‍රිත මෙහෙයුම් මගින් වර්ධනය වන සමාගමේ ගෝලීය පියසටහන, අපනයනයට නැඹුරු වර්ධන ක්‍රමෝපාය ශක්තිමත් කරන අතර, කලාපීය වෙළෙඳපොළට සේවය කිරීමේ හැකියාව ඉහළ නංවයි. දේශීය වශයෙන් T & G Lanka Pvt Ltd, සියෙරා කේබල්ස් පීඑල්සී හි ආශ්‍රිත සමාගමක් ලෙස, ක්‍රියාත්මක වේ. ටී ඇන්ඞ් ජී ලංකා, විද්‍යුත් සහ ෆයිබර් ඔප්ටිකල් කේබල් පද්ධති සඳහා ප්‍රමුඛ නෝර්වීජියානු සැපයුම්කරුවෙකි. එමඟින් සමූහයේ හැකියාවන් සහ වෙළෙඳපල පැවැත්ම තවදුරටත් වැඩිදියුණු කරමින් ජාත්‍යන්තර තාක්ෂණික විශේෂඥතාව සහ කර්මාන්ත දැනුම ගෙන එයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd