සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම පසුගිය මාර්තු 20 වැනිදා කොළඹ කොටස් හුවමාරුවේ විවෘත කළ රුපියල් බිලියන 3.75 ක් වටිනා ණයකර නිකුතුව වෙත අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. 

ඒ අනුව එම නිකුතුව විවෘත කෙරුණු දිනයේදීම එය වසා දැමීමට පියවර ගත් බවත්, ඉදිරිපත් වූ ඉල්ලු‍ම්පත්‍ර පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් සමාගම පවසයි. බැංකු නොවන මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් සමාගම සම්පත් බැංකුවෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමකි.