සැම්සුන් ශ්‍රී ලංකා සිය නිෂ්පාදනවල විශිෂ්ටත්වය හා පාරිභෝගික විශ්වාසය නැවත නැවතත් ප්‍රදර්ශනය කරමින් 2025 Superbrands – Sri Lanka’s Choiceසම්මානය හිමි කර ගැනීමට සමත් විය. සැම්සුන් සතු පාරිභෝගික ආකර්ෂණය, තිරසාර සන්නාම අතර පෙරමුණ ගැනීම මෙන්ම මෙරට නිවාස නව්‍යකරණය වෙනුවෙන් දක්වන දායකත්වය මෙම සුවිශේෂී පිළිගැනීමෙන් මනාව තහවුරු විය. 

ගෝලීය වශයෙන් සන්නාමවල විශිෂ්ටත්වය ඇගයීමේ ස්වාධීන හා විශ්වසනීය සම්මානයක් ලෙස පිළිගනු ලබන Superbrands  තුලින් පාරිභෝගික ආකර්ෂණය දිනාගෙන ඇති සන්නාම ඇගයීම සිදු කරනු ලබයි. එමෙන්ම ඒ තුළින් සන්නාමයේ ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය, අනුකූලතාව සහ මානසික සබඳතාව හඳුනා ගැනීමටද සිදු වේ. 

ශ්‍රී ලාංකේය පාරිභෝගියන් වෙත නිරන්තරයෙන් උසස් තත්වයේ නිෂ්පාදන ලබා දීම මෙන්ම ඔවුන් වෙත ජාත්‍යන්තරව පිළිගත් විශ්වසනීය හා නව්‍ය තාක්ෂණ හඳුන්වා දීමේ සන්නාමයේ කාර්ය භාරය ද මෙම ඇගයීමට සුවිශේෂී හේතුවක් විය. 

ඉතා විශ්වාසනීය හා විනිවිද පෙනෙන තෝරා ගැනීමේ ක්‍රියාවලියක් අනුගමනය කරනු ලබන මෙමSuperbrands  තෝරා ගැනීමේදී දැඩි වෙළෙඳපොළ පර්යේෂණයකින් පසුව අදාළ වෙළෙඳනාම කෙටි ලැයිස්තුගත කිරීමක් කරනු ලබයි. අවසානයේදී වෙළෙඳ නාමකරණය සහ ව්‍යාපාර හා සම්බන්ධ වෘත්තිකයන්ගෙන් සුසැදි විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම සන්නාම ඇගයීමට ලක් කිරීම සිදු කරයි. එහිදී මූලික තෝරා ගනු ලැබූ සන්නාමවලින් සීමිත ප්‍රමාණයක් පමණක් Superbrands  තත්වය හිමි කර ගනු ලබයි. එම සන්නාමවල විශ්වාසය, විශිෂ්ටත්වය හා ආකර්ෂණීය බව එම පිළිගැනීමේ විශේෂත්වයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සැම්සුන් ශ්‍රී ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ   SangHwa Song  මහතා මෙසේ පැවසීයග “සුවහසක් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් සැම්සුන් කෙරෙහි දක්වන විශ්වාසය තව දුරටත් ශක්තිමත් කිරීමේ අවස්ථාවක් ලෙස මෙම පිළිගැනීම සඳහන් කළ හැකියි. නවෝත්පාදනය, ගුණාත්මක බව සහ දිගු කාලීන වටිනාකම් කෙරෙහි අප දක්වන කැපවීම මෙන්ම ජාත්‍යන්තර තාක්ෂණය ශ්‍රී ලාංකිකයන් වෙත හඳුන්වා දීම සඳහා වන නිරන්තර උත්සාහය මේ තුළින් මනාව පිළිබිඹු වනවා. මේ ආකාරයෙන් පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනාගත්, ඔවුන් විසින් පිළිගත් නිෂ්පාදනයක් බවට පත්වීම පිළිබඳ අපි ඉතා සතුටට පත් වෙනවා.” 

මෙහිදී අදහස් දැක්වූ සැම්සුන් හි ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ පාරිභෝගික විදුලි උපකරණ පිළිබඳ ප්‍රධානී සහ අධ්‍යක්ෂ සබ්රි අන්සාර් මහතා මෙසේ සඳහන් කර සිටියේය. “ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් සමග සැම්සුන් ඇති කරගෙන තිබෙන ශක්තිමත් සබඳතාව මෙම පිළිගැනීමෙන් මනාව ප්‍රදර්ශනය වනවා. විශ්වාසදායී පාරිභෝගික ජාලයක් සමගින් නම්‍යශීලී ගෙවීම් විසඳුම් සහ ශක්තිමත් අලෙවියෙන් පසු සේවාවක් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කර ඇති අප විශ්වාසදායී නවීන තාක්ෂණය පාරිභෝගිකයන් වෙත ලබා දීමට කටයුතු කරනවා. ගෝලීය නවෝත්පාදන වෙළෙඳපොළට නිරන්තරයෙන් හඳුන්වා දෙමින් පාරිභෝගික විදුලි උපකරණ සහ ස්මාර්ට් ජීවන විසඳුම් හරහා පාරිභෝගික ප්‍රමිති අඛණ්ඩව ඉහළ නැංවීමට අප දක්වන කැපවීම තව දුරටත් ඉහළ නැංවීමට මෙම ජයග්‍රහණය හේතු වනවා.” 

පාරිභෝගික විදුලි උපකරණ සහ ස්මාර්ට් ජීවන විසඳුම් ක්ෂේත්‍රයේ සැම්සුන් අඛණ්ඩව පෙරමුණ ගෙන ඇති කාල වකවානුවක මෙම  Superbrands  පිළිගැනීම හිමි කරගැනීමට සමත්වීමද විශේෂත්වයකි. සුපැහැදිලි පින්තූර සහ ආකර්ෂණීය නැරඹුම් අත්දැකීමක් පාරිභෝගිකයා වෙත ගෙන ඒමට සමත් කරන නවතම Neo QLED, OLED  සහ Lifestyle රූපවාහිනී නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දී ඇති සැම්සුන් වසර 19ක කාලයක් තිස්සේ ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කර ඇත.