වර්තමාන රක්ෂණ/මූල්‍ය ක්ෂේත්‍රයේ විනිවිදභාවය සහ සදාචාරාත්මක වටිනාකම් කෙරෙහි පවතින ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතින්නකි. HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ (HNBGI) ඉස්ලාමීය රක්ෂණ අංශය වනHNB General Takafu ශ්‍රී ලංකාවේ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ මෙම වෙනසට නායකත්වය ලබා දෙමින් පෙරමුණෙහි පසුවන කීර්තිමත් රක්ෂණ සේවා සැපයුම්කරුවෙකි.
මේ සම්බන්ධව ලැබුණු හොඳම සහතිකයක් වශයෙන් HNB General Takaful ශ්‍රී ලංකා ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය කර්මාන්ත (SLIBFI) සම්මාන උළෙලේදී ‘වසරේ Takaful ඒකකය 2023/24’ (Takaful Window/Unit of the Year) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීම දැක්විය හැකිය. සාම්ප්‍රදායික වටිනාකම් සහ නවීන මූල්‍ය විසඳුම් මනාව සමබර කිරීමට HNB General Takaful දක්වන දක්ෂතාව ඇගයීමට ලක් කරමින් ඒ සම්බන්ධව ප්‍රවීණත්වය හිමි පිළිගත් ස්වාධීන සංවිධානයක් විසින් ජාත්‍යන්තර විගණන ආයතනයක් වන KPMG හි ස්වාධීන විගණනයකින් පසුව පිරිනමන ලද මෙම සම්මානය, ඕනෑම පාරිභෝගිකයකුට පිළිගත හැකි ආකාරයට ශරියා අනුකූල රක්ෂණ විසඳුම් පිරිනැමීම සඳහා සමාගමට ඇති හැකියාව මනාව තහවුරු කරන්නකි.
HNB General Takafulහි ආකර්ෂණීය බවට මූලිකම හේතුවක් වන්නේ එහි ඇති අන්‍යෝන්‍ය සහයෝගීතාව මත පදනම් වූ ක්‍රමවේදයයි. සාමාන්‍ය රක්ෂණ ක්‍රමවේදයට වඩා වෙනස් වන මෙහිදී සහභාගීවන්නන් පොදු අරමුදලකට දායක වෙමින් එකිනෙකාගේ අවදානම් කළමනාකරණය කරති. වසර අවසානයේදී හිමිකම් පෑම් සහ වියදම් පියවීමෙන් පසු අරමුදල සතු වන අතිරික්ත ලාබය, කිසිදු හිමිකම් පෑමක් සිදු නොකළ පාරිභෝගිකයන් අතර බෙදා දීම මෙහි ඇති විශේෂත්වයයි. මෙම පොලී රහිත (Riba-free) මූල්‍ය ව්‍යුහය හරහා ගොඩනැගෙන හවුල්කාරිත්වය, තම රක්ෂණාවරණයෙන් වඩාත් සාධාරණ ප්‍රතිලාභයක් අපේක්ෂා කරන සෑම ශ්‍රී ලාංකිකයකුටම එකසේ ප්‍රයෝජනවත් වන්නකි.
මෙම සේවා පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ආයතනික සහ Takaful අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/අංශ ප්‍රධානී හිෆ්ලි හුසෙයිර් මහතා මෙසේ පැවසීය. “අපේ සදාචාරාත්මක ක්‍රමවේදය කෙරෙහි පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය අපේ සාර්ථකත්වයේ පදනමයි. SLIBFI සම්මාන උළෙලේදී ‘වසරේ Takaful ඒකකය 2023/24’ (Takaful Window/Unit of the Year) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීම, සැබෑ සදාචාරාත්මක වටිනාකමක් සහ විනිවිදභාවයෙන් යුතු ශරියා අනුකූල විසඳුම් ලබා දීමට අප දක්වන කැපවීමට ලැබුණු සහතිකයක්.HNB General Takaful හි අපි හුදෙක් රක්ෂණාවරණයක් ලබා දෙනවාට වඩා, සහභාගී වන සෑම දෙනෙක්ම මේ දැවැන්ත සාර්ථකත්වයේ හවුල්කරුවකු බවට පත් කිරීම අපේ අභිලාෂයයි.”
මෙම සදාචාරාත්මක පදනම මත රථවාහන, නිවාස සහ ව්‍යාපාර ඇතුළු පුළුල් පරාසයක් සඳහා නිර්මිත රක්ෂණ විසඳුම් රැසක් HNB General Takaful විසින් ඉදිරිපත් කර ඇත. ඒ අතරන් රථවාහන හිමියන් සඳහා වන As-Salam Motor ආවරණය සියයට 100 ක්ෂයවීම් රැකවරණය (Depreciation Protection) වැනි සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ලබා දෙන අතර, My Home Takaful සහ ඵහ My Business Takaful හරහා නිවාස සහ ව්‍යාපාරික ස්ථානවලට සිදුවන ස්වාභාවික විපත්, ගිනි ගැනීම් සහ අනෙකුත් අවදානම් සඳහා ශක්තිමත් ආරක්ෂාවක් සපයයි. මෙම සෑම නිෂ්පාදනයක්ම වර්තමාන වෙළෙඳපොළට ගැළපෙන අයුරින් සහ ඉතා තරගකාරී ලෙස නිර්මාණය කර ඇති බැවින්, පාරිභෝගිකයාට තම සදාචාරාත්මක වටිනාකම් කෙරෙහි ඇති කැපවීම රැකගෙන සිය දේපල සඳහා රක්ෂණාවරණය ලබා ගැනීම මනා අවස්ථාවක් හිමි වේ.
HNB General Takaful විසින් ඉදිරිපත් කර ඇති මෙම නව්‍ය Takaful රක්ෂණ සේවා පෙළ මෙරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන HNB ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රවීණත්වය, පළපුරුද්ද සහ මූල්‍ය ශක්තියෙහි සුසංයෝගයෙන් නිර්මාණය වූවකි. මෑතකදී Emerging Asia Insurance Awards සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය සමාගම‘ ලෙස අභිෂේක ලැබූ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම Fitch Ratings වෙතින් ‘A(lka)’ මූල්‍ය ශ්‍රේණිගත කිරීමක් ද හිමිකරගෙන ඇති සවිමත් සමාගමකි. HNB General Takaful දිවයින පුරා විහිදුණු ශාඛා 35කට අධික Takaful ජාලය හරහා ඕනෑම ප්‍රදේශයක පාරිභෝගිකයකුට මෙම සේවාවන් සමීප කර ඇති අතර Takaful ක්‍රමවේදයේ ඇති සහෝදරත්වය, නවීන ඩිජිටල් තාක්ෂණය සහ පැය 24 පුරා ක්‍රියාත්මක සහය සේවාව සමඟ එක් කරමින් “සැබෑ සාමය සහ රැකවරණය” යන සන්නාම පොරොන්දුව වෙනුවෙන් සැබැවින්ම කැප වී සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd