විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය සඳහා රුපියල් බිලියන 48.9 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 8.1ක වර්ධනයකි. මෙම කාල පරිච්ඡේදයේදී ඇතැම් ව්‍යාපාරික අංශවල මෙහෙයුම්වලට විවිධ අභියෝග එල්ල වුවද සමූහය සිය උපායමාර්ගික සැලසුම් විචක්ෂණශීලීව ක්‍රියාත්මක කරමින් එහි දිගු කාලීන වර්ධනයට සහාය වන ප්‍රධාන අංශ ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව ආයෝජනය කළේය.
සමූහය ලබා ගත් ඉහළ වර්ධනයට සුව සේවා අංශය විශාල දායකත්වයක් ලබා දුන් අතර එය මුළු ආදායමෙන් සියයට 55.4 කි. මේ අතර පාරිභෝගික අංශය සියයට 29.7 ක් ද කෘෂි ව්‍යාපාර අංශය සියයට 14.9 ක් ද වශයෙන් සමූහයේ මුළු ආදායමට දායක විය. සමූහයේ පොලී සහ බදු පෙර ඉපැයීම් (EBIT) පසුගිය වසරට සාපේක්ෂව සියයට 1.2 ක සුළු වර්ධනයක් සමගින් රු. බිලියන 7.5 ක් විය. මෙයට ප්‍රධාන වශයෙන් කෘෂි ව්‍යාපාර සහ පාරිභෝගික සන්නාමවල ශක්තිමත් කාර්යසාධනය හේතු වූ අතර සුව සේවා අංශයේ අඩු ලාභ ආන්තික උපයා ගැනීමේ බලපෑම අඩු කිරීමට එය උපකාරී විය. බදු පසු ලාබය (PAT) පසුගිය වසරට සාපේක්ෂව සියයට 8.8කින් අඩු වී රුපියල් බිලියන 4.3 ක් වූ අතර සුව සේවා අංශයේ ලාබදායීතාව අඩු වීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය.
සමූහය ලබා ගත් මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා මෙසේ පැවසුවේය. “පසුගිය මාස නවයේදී ඇතැම් ව්‍යාපාරික අංශවලට මෙහෙයුම් අභියෝග සහ බාහිරින් විවිධ බලපෑම් එල්ල වුවද සමූහය සිය උපායමාර්ගික සැලසුම් විචක්ෂණශීලීව ක්‍රියාත්මක කරමින් එහි දිගු කාලීන වර්ධනයට සහාය වන ප්‍රධාන අංශ ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව ආයෝජනය කරනු ලැබුවා. සුව සේවා අංශයේ ආදායම අඛණ්ඩව වර්ධනය වුවද නව ඖෂධ මිලකරණ යාන්ත්‍රණය හඳුන්වා දීමෙන් පසු අඩු නිෂ්පාදනය සහ මිල ගණන් මත පීඩනයක් ඇති වීම හේතුවෙන් ලාභාංතිකය කෙටි කාලීනව පීඩනයට ලක් වුණා. ඒ සමඟම කෘෂි ව්‍යාපාර අංශයේ සහ පාරිභෝගික සන්නාමවල ඉහළ කාර්යසාධනය සමූහයේ ඉපැයීම් ස්ථාවරව තබා ගැනීමට උපකාරී වූ අතර අප තෝරා ගත් ක්ෂේත්‍රවලට වගකීමෙන් යුතුව අඛණ්ඩව ආයෝජනය කරනවා.”
2026 ජනවාරි මාසයේදී සමූහය ප්‍රමුඛතම අපනයන සමාගමක් වන Joint Agri Products Ceylon පුද්. සමාගමේ (JAPC) කොටස් අත්පත් කරගැනීමට සැලසුම් කරන බව නිවේදනය කළේය. මේ හරහා කුළුබඩු සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි අපනයන අරමුණු කරගත්, අගය එකතු කළ නිෂ්පාදන සඳහා ප්‍රවේශය වැඩි කිරීමෙන් පාරිභෝගික සන්නාම අංශය තවත් ශක්තිමත් කරනු ඇත. තවද එමගින් ප්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳපොළවල සිය ස්ථානය ශක්තිමත් කරගැනීමට ද සමූහය අරමුණු කරයි.
සමාලෝචනයට ලක් කරන ලද කාල පරිච්ඡේදයේදී සමූහයේ සුව සේවා අංශය රු. බිලියන 27.1 ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 9.3 ක වර්ධනයකි. ඖෂධ බෙදා හැරීමේ ව්‍යාපාරය පසුගිය වසරට සාපේක්ෂව සියයට 8.0ක ශක්තිමත් ආදායම් වර්ධනයක් වාර්තා කර ඇත. මේ අතර ප්‍රධාන නිෂ්පාදනවල ස්ථාවර ඉල්ලුම හේතුවෙන් වෛද්‍ය උපකරණ අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 7.7කින් වර්ධනය විය.
2026 මූල්‍ය වර්ෂයේ පළමු මාස නවයේදී Healthguard Distribution හි ව්‍යාපාර ආකෘතියේ සිදු කළ වෙනස්කම් සහ ප්‍රමූඛ පෙළේ සන්නාම සමඟ ඇති කරගත් නව උපායමාර්ගික හවුල්කාරීත්ව හේතුවෙන් Healthguard Distribution පසුගිය වසරට සාපේක්ෂව සියයට 24.8 ක ආදායම් වර්ධනයක් වාර්තා කළේය. හෙල්ත්ගාඩ් ෆාමසි ජාලයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.3ක වර්ධනයක් පෙන්නුම් කළේය. කෙසේවෙතත් සුව සේවා අංශයේ නිෂ්පාදන ක්‍රියාකාරිත්වයේ ඇති වූ පසුබෑම හේතුවෙන් සමස්ත ව්‍යාපාරයේ ලාභදායිතාව අඩු විය. පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව රජයේ මිලදී ගැනීමේ ඇණවුම් ප්‍රමාණය අඩුවීම සහ නව මිල යාන්ත්‍රණය හඳුන්වා දීම නිසා ඇති වූ අභියෝග මෙයට හේතු විය.
දේශීය වෙළෙඳ නාම සහ අපනයන ඇතුළත් පාරිභෝගික අංශය 9MFY26 දී රු. බිලියන 14.5 ක ආදායමක් වාර්තා කළ අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 0.9 ක වර්ධනයකි. මෙයට හේතු වූයේ දේශීය වෙළෙඳපොළ තත්වය යහපත් වීම, පාරිභෝගිකයන්ගේ විශ්වාසය ඉහළ යාම සහ සමාගමේ බෙදාහැරීමේ කටයුතු පුළුල් කිරීමයි. සන්නාමගත තේ සහ රසකැවිලි යන ව්‍යාපාරවලින් ලැබෙන ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 7.4 කින් ඉහළ ගිය අතර සන්නාමගත තේ ව්‍යාපාරයේ අලෙවිය සහ වෙළෙඳපොළ වටිනාකම ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කළේය. ප්‍රධාන වශයෙන් විකුණුම් මිශ්‍රණය හේතුවෙන් ඉහළ අපනයන පරිමාවන් තිබියදීත්, අපනයන ව්‍යාපාරය ආදායමේ වසරින් වසර සියයට 4.7 ක පහත වැටීමක් වාර්තා කළේය. විදේශයන් හි වැඩි අලෙවියක් පෙන්නුම් කළ ද අපනයන ව්‍යාපාරය පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 4.7කින් පහත වැටුණි.
සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය නියෝජනය කරන වටවල වැවිලි සමාගමේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 2026 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 දී සියයට 20.6කින් වර්ධනය වී රු- බිලියන 7.3 ක් බවට පත්ව ඇත. පාම් ඔයිල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාම සහ පසුගිය වසරට සාපේක්ෂව පාම් ඔයිල් අලෙවිය සියයට 8.8කින් වර්ධනය වීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය. පාම් ඔයිල් ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම පසුගිය වසරට සාපෙක්ෂව සියයට 25.8කින් ඉහළ ගියේය. මේ අතර අදාළ කාල පරිච්ඡේදයේදී කිරි නිෂ්පාදනය සහ විකුණුම් මිල අඩු වීම හේතුවෙන් කිරි ආශ්‍රිත ව්‍යාපාරයේ ආදායම රු මිලියන 842.7 ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 8.1 ක පහත වැටීමකි. කිරි ආශ්‍රිත ව්‍යාපාරයේ ආදායම පහත වැටුණද අදාළ කාල පරිච්ඡේදයේදී කෘෂි ව්‍යාපාර අංශයේ පොලී සහ බදු පෙර ඉපැයීමේ (EBIT) වෙනස පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයේදී වාර්තා කළ සියයට 37.9 ට සාපේක්ෂව සියයට 45.6ක් දක්වා ඉහළ ගොස් එම අංශයේ සමස්ත ලාභදායීතාව කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පාම් ඔයිල් ව්‍යාපාරයේ කාර්යසාධනය සහ පිරිවැය කළමනාකරණයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd