- ඉන්දියාව, බංග්ලාදේශය සහ ආසියා පැසිපික් කලාපය වෙත වැඩි අවධානයක්
- බංග්ලාදේශයේ සංචාරක පැමිණීම්හි සියයට 500 ක වර්ධනයක්
- ආසියා පැසිපික් කලාපයේ ගුවන් සමාගම් සහ විශේෂිත ගුවන් සේවා සමග සාකච්ඡා
- මැදපෙරදිග යුද සමයේ එක්රැස් වන සංචරණ ඉල්ලුමට සූදානම් විය යුතු බව පවසයි
- වසරේ මේ දක්වා සංචාරක පැමිණීම් 858,527 ක් වැඩිම ඉන්දියාවෙන්
- සියයට 15 ක යුරෝපා කලාපයේ සංචාරක බලපෑම් ඉක්මනින්ම යථාවත්වීමේ හැකියාවක්
භානුක අමරසිංහ
මැද පෙරදිග යුද ගැටුම් හේතුවෙන් සියයට 20 ක පමණ පසු බැසීමක් පෙන්නුම් කර ඇති මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳව ඉදිරි මාස කිහිපයේදී යම් සුබවාදී බලාපොරොත්තුවක් තැබිය හැකි බව කර්මාන්තයේ නිරත පිරිස් සඳහන් කරති.
එහිදී මූලිකවම නව සංචාරක වෙළෙඳපොළ ආකර්ෂණය සඳහා බලපෑමට ලක්ව ඇති සංචාරක කලාපවලින් බැහැරව සිදු කරන සංචාරක ප්‍රවර්ධන කටයුතු මෙන්ම වර්තමානයේ පවතින සංචරණ සීමාවීම්නිසා සංචරණය සඳහා එක්රැස් වන ඉල්ලුම (Pent Up Demand) ඉහළ යෑමත් ඒ සඳහා හේතු වනු ඇතැයි කර්මාන්තයේ අදහස වී තිබේ.
පසුගියදා කොළඹදී පැවැත්වුණු සංචාරක උදාව 2026 ප්‍රදර්ශනය නිල වශයෙන් එළිදැක්වීමේ අවස්ථාවේදී අදහස් දැක් වූ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා, ශ්‍රී ලංකාව මේ වනවිට වෙනත් විකල්ප සංචාරක වෙළෙඳපොළ පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බවත්, බංග්ලාදේශය එහි ප්‍රධාන ස්ථානයක් බවත් පවසා සිටියේය.
“අපි පසුගියදා සාර්ථක ලෙස බංග්ලාදේශය තුළ සචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සිදු කළා. ආසන්න කාලසීමාවේදී බංග්ලාදේශයෙන් මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සියයට 500 ක පමණ වර්ධනයක් දැකගත හැකියි. ඒ නිසා මේ අසීරු අවස්ථාවේදී එවැනි වෙළෙඳපොළක් හරහා හෝ මේ කර්මාන්තය පවත්වාගෙන අවශ්‍ය බව හඳුනාගෙන තිබෙනවා.’’
විශේෂයෙන්ම අද වන විට සංචාරකයන් ලක්ෂ 8ක පැමිණීමක් වාර්තා කිරීමට සමත්ව ඇති බවත්, අඩුවීම සියයට 20ක් පමණ වන බවත් සභාපතිවරයා පවසා සිටියේය.
“එහිදී යුරෝපා වෙළෙඳපොළ හරහා සිදුව ඇති අඩුවීම ආසියානු වෙළෙඳපොළ හරහා එකතු කරගැනීමට අපිට හැකියාව ලැබී තිබෙනවා.’’
වසරේ අප්‍රේල් 26 වැනිදා වනවිට මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 858,527ක් වන අතර, ඉන් 183,135 දෙනකු පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එසේම එක්සත් රාජධානියෙන් සහ රුසියාවෙන් පැමිණි සංචාරකයන් පිළිවෙළින් 88,005ක් සහ 72,090 ක්වෙයි. ජර්මනියෙන් සංචාරකයන් 58,771ක් ද, චීනයෙන් 56,790ක්ද පැමිණ තිබේ.
මේ අතර ආසියා පැසිපික් කලාපයේ නව ගමනාන්තවලින් සංචාරකයන් පිරිසක් ඉදිරියේදී ආකර්ෂණය සඳහා ගුවන්සමාගම් සමගින් මෙන්ම විශේෂිත ගුවන් සේවා සමගින්ද ඍජුවම සාකච්ඡා සිදු කරමින් සිටින බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මෙහිදී ලංකාදීප FT වෙත අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමයේ (SLAITO) සභාපති නලින් ජයසුන්දර මහතා, යුද්ධයේ නිමාවත් සමගින් ඉදිරියේදී ඉහළ යන සංචාරක පැමිණීම් සඳහා රට සූදානම්ව සිටිය යුතු බව පවසා සිටියේය.
“සාමාන්‍යයෙන් සංචාරයට උනන්දුව තියෙන ඒත් බාධා නිසා එය සිදුකළ නොහැකි පිරිස අතර, ඇති වෙන එක්රැස්වන ඉල්ලුමක් (pentup demand) හට ගන්නවා. ඒ නිසා ලෝකය සාමකාමීවීමත් එක්කම, ඉන්ධන මිල ගණන් පහළ යෑමත් එක්කම සහ ගුවන් ටිකට් පත් මිල අඩුවීමත් එක්කම ඔවුන් සංචරණය ආරම්භ කරනවා. ඒ සඳහා අපි ඊට සූදානම්ව සිටිය යුතු වෙනවා.“
එතැනදී ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන අත්‍යවශ්‍ය වුවත්, මෙම අවස්ථෘවේදී යෝජනා වී ඇති අතරමැදි සංචාරක ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීම වැදගත් බවද ඒ මහතාගේ අදහස වී තිබේ. ඒ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා දැනුවත් කළ බවත් ඒ මහතා පැවසුවේය.
“ඒ වගේම තමයි අපි කලාපයේ අනෙකුත් තරගකාරී ගමනාන්ත එක්ක තරගය දිගටම සිදුකළ යුතු වෙනවා. වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්න ගන්න පුළුවන් ගමනාන්ත වෙත අවධානය යොමු කළ යුතුයි. මීට අමතරව මෙම කාලසීමාවේදී අපේ මිල ගණන් යම් ප්‍රමාණයකින් අඩු කිරීමත් හොඳ අදහසක් වේවි.’’
මේ අතර පසුගියදා පැවැත්වුණු අන්තර්ජාල වෙබිනාර් වැඩසටහනකට එක් වු සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසෝට්ස්හි අලෙවිකරණ ප්‍රධානී දිලීප් මුදාදෙනිය මහතා, “සාමාන්‍යයෙන් අප්‍රේල්, මැයි සහ ජූලි අගෝස්තු කියන කාලසීමාව ලංකාවට එතරම් සංචාරකයන් නොපැමිණෙන කාලයක්. විශේෂයෙන්ම යුරෝපියානු සංචාරකයන්. එහෙත් පෙර වසරේ අත්දැකීම් එක්ක මේ වසරේ එම කාලසීමාවේ සියයට 15ක වර්ධනයක් බලාපොරොත්තු වුණා. එහෙත් දැන් එය නැහැ. මේ දක්වා යුරෝපියානු සංචාරක පැමිණීම්වල සියයට 40 ක පමණ බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. මේ තත්වය ඉක්මනින්ම යහපත් අතට පත්වෙන්න පුළුවන්’’ යනුවෙන් පවසා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd