VFS Global සමාගමේ සහයෝගය ඇතිව The National Cleaner Production Centre (NCPC) Sri Lanka විසින් ASSIST සමග එක් වී ක්‍රියාවට නංවූ VISA (Vocational Initiative for Sustainable Ambassadors in Tourism) ව්‍යාපෘතිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. තිරසාර සහ වගකීම්සහගත සංචාරක කර්මාන්තයක් උදෙසා සංචාරක මඟපෙන්වන්නන්ට සහ අනාගතයේදී එම වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන්නන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලදී. මෙහිදී රැකියා සඳහා අවශ්‍ය කුසලතා වැඩිදියුණු කරන අතරම, රටේ සංස්කෘතික, සමාජයීය සහ පාරිසරික උරුමය ආරක්ෂා කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද දැඩි අවධානයක් යොමු විය.
මේ යටතේ තිරසාර හා පාරිසරික සංචාරක ක්‍රමවේද, සංස්කෘතික අර්ථකථනය සහ කතානුසාරයෙන් කරුණු ඉදිරිපත් කිරීම, සන්නිවේදනය හා පාරිභෝගික සේවා විශිෂ්ටත්වය, පාරිසරික වගකීම, දේශගුණික අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව, වෘත්තීය ආරක්ෂාව, සංචාරක ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව යනාදී විෂය මූලික කරගත් ප්‍රායෝගික ප්‍රවේශයක් හරහා ඵලදායී පුහුණුවක් ලබා දෙන ලදී. මෙය සංචාරක කර්මාන්තය සැමට විවෘත සහ ප්‍රජාව මූලික කර්මාන්තයක් බවට පත්කරවන අතරම එහි නියුතු පුද්ගලයන්ගේ වෘත්තීය නිපුණත්වය දීර්ඝකාලීනව තහවුරු කිරීමේ සාර්ථක ප්‍රයත්නයක් ලෙසද හැඳින්විය හැකිය.
ගාල්ල, මීගමුව, රිවර්ස්ටන් සහ මහනුවර යන ස්ථාන පාදක කරගනිමින් කණ්ඩායම් 4 ක් මෙම ව්‍යාපෘතිය යටතේ පුහුණුව ලැබූ අතර, පුහුණුවෙන් අනතුරුව 123 දෙනෙක් සහතිකපත් ලැබූහ. වැඩසටහනට සහභාගී වීම සඳහා ස්ත්‍රී පුරුෂ භාවය බාධාවක් නොවූ අතර, සහභාගීවූවන්ගෙන් සියයට 25 ක්ම කාන්තාවන් වීම ඊට මනා සාක්ෂියකි. අන්තර් ක්‍රියාකාරී වැඩමුළු, විනෝදාත්මක ක්‍රියාකාරම්, ක්ෂේත්‍ර චාරිකා සහ ප්‍රවීණයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වුණු සංවාද ආදියෙන් සමන්විත වූ මෙම පුහුණුව අතරතුරදී වෘත්තීය වශයෙන් සැබැවින්ම වැදගත් වන ප්‍රායෝගික කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය.
කුසලතා සංවර්ධනයට අමතරව මෙහිදී සංචාරක කර්මාන්තයේ නියුතු ප්‍රධාන පෙළේ පුද්ගලයන්, සමාගම් සහ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනත් පාර්ශ්ව සමග සම්බන්ධතා ගොඩනංවා ගැනීමටද පුහුණුවට සහභාගීවූවන්ට අවස්ථාව සලසා දෙන ලදී. මෙය ඔවුන්ගේ අනාගත සාර්ථකත්වයට සුවිශාල පිටිවහලක් වනු නිසැකය.
වැඩසටහන අවසානයේදී මහනුවර Royal Kandyan Hotel හිදී සමාප්ති උත්සවයක්ද පැවැත්විණි. ලංකාවේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජික සුරංජිත් වෑවිට, මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්, VFS Global හි නියෝජ්‍ය ප්‍රධාන මානව සම්පත් නිලධාරිණී නීතු වාදවන්, VFS Global හි ශ්‍රී ලංකා ප්‍රධාන කළමනාකරු මන්ප්‍රිත් අරෝරා, NCPC Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු සමන්ත කුමාරසේන, ASSIST හි දේශීය ප්‍රධානී කරන් සහ NCPC Sri Lanka ව්‍යාපෘති කළමනාකාරිණී චතුරංගි ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd