IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම ගැන ජනපති සමඟ සාකච්ඡාවක්

 
නාලක සංජීව දහනායක
 
සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම හා නව වෙළඳ ප‍්‍රතිපත්ති පනත් පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (24) පැවසීය.


එහිදී මෙම පනත්වල සඳහන් රටට හා ජාතියට අහිතකර වගන්ති පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට හැකියාව ලැබෙන බවද ඔහු කීය.


එහිදී මන්ත‍්‍රීවරයා මෙසේ ද කීය.


රජය සිංගප්පූරුව සමඟ අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය විසින් හෙළිකළ කරුණු හේතුවෙන් මෙම ගිවිසුමට අත්සන් තැබූ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා දැඩි තැතිගැනීමකට ලක්ව සිටිනවා. දේශීය ව්‍යාපාරිකයෙක් ලෙස අපි ඔහුට ගරු කරනවා. ඒ වගේම අපි රටට ආදරෙයි. ඒ නිසා රටට අහිතකර මෙම නිදහස් වෙළඳ ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමට අපි දැඩිසේ විරුද්ධයි. කිසියම් බලවේගයක් විසින් ඇමතිවරයා නෙමඟ යවන බවක් පෙනෙන්නට තිබෙනවා.


ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල, වජිරාස‍්‍රමයේ දී අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (0)

සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම ගැන ජනපති සමඟ සාකච්ඡාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site