නිමල කොඩිතුවක්කු
ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගේ සුබ සාධනය සඳහා මුල්‍යමය සහය සැපයීම පිණිස සහ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම මූලික අරමුණු කරගත් ශ්‍රම වාසනා අරමුදල, 1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල් පනතේ විධිවිධාන අනුව පිහිටුවා ඇති අතර, වර්තමානයේ එය කම්කරු අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතී.
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන කමිටු වාර්තාවෙන් රජයේ මැදිහත් වීම ඉවත් කළ යුතු හා ඈවර කළ යුතු ආයතන යටතේ ශ්‍රම වාසනා අරමුදල ද හඳුනා ගනු ලැබ ඇති අතර, දැනට එහි සේවාවලින් ප්‍රතිලාභ ලබන පාර්ශ්වවලට අගතියක් නොවන පරිදි ඈවර කිරීම සඳහා නිර්දේශ කරනු ලැබ ඇත. එකී අරමුදල මඟින් ඉටු කරනු ලැබූ කාර්යයන් අතරින් තවදුරටත් ඉටු කළ යුතු කාර්යයන් හඳුනා ගනිමින් එම කාර්ය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ විවිධ පාර්ශ්වවලින් සමන්විත කමිටුවකින් අදහස් ලබා ගෙන ක්‍රියාකාරි සැලැස්මක් සකස් කරනු ලැබ ඇත.
ඒ අනුව, 1971 අංක 38 දරන මුදල් පනතෙහි ප්‍රතිපාදන අනුව 2026-06-30 දින වන විට ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීම සඳහා පියවර ගැනීමටත්, දැනට ශ්‍රම වාසනා අරමුදල මඟින් සපයනු ලබන හා වෙනත් ආයතනයකින් ආවරණය නොකෙරෙන තවදුරටත් පවත්වා ගෙන යා යුතු සේවා කම්කරු අමාත්‍යාංශය මගින් පවත්වා ගෙන යාමටත් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd