- නේපාල සංචාරකයන්ට සිය මොබයිල් බෑන්කින් ඇප් හරහා Lanka QR මගින් ගෙවීමේ පහසුකම්
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ඩිජිටල් ගනුදෙනු සඳහා වන QR පාදක ගෙවීම් සම්බන්ධතාවක් නිල වශයෙන් ආරම්භ කිරීම පසුගියදා කොළඹදී සිදුව තිබේ. මෙරට ජාතික ඩිජිටල් ගෙවීම් වේදිකාව වන Lanka QR සහ නේපාලයේ ජාතික ඩිජිටල් ගෙවීම් වේදිකාව වන Nepal Clearing House අතර ඇති කරගත් එකඟතාව යටතේ මෙම සම්බන්ධතාව වෙත පිවිස තිබේ.
මේ හරහා ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන නේපාල සංචාරකයන්ට සිය ඩිජිටල් බැංකු ඇප් වැඩසටහන් සහ connectIPS යන දේශීය ගෙවීම් වැඩසටහන් යොදා ගනිමින් මෙරට පිහිටි LankaQR ගනුදෙනු පහසුකම් සහිත අලෙවිසැල් 400,000 කට වඩා සංඛ්‍යාවදීක වඩාත් පහසුවෙන් ගෙවීම් සිදුකළ හැකි බව පැවසෙයි.
මෙම දියත් කිරීමේ අවස්ථාව සඳහා නේපාලයේ රාස්ත්‍රා බැංකුවේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම Lanka Pay සහ Nepal Clearing House යන සමාගම්වල ජ්‍යෙෂ්ට නිලධාරින්ද සම්බන්ධ වී තිබේ.
2025 වසරේදී මෙරටට පැමිණ ඇති නේපාල සංචාරකයන් සංඛ්‍යාව 5,716 ක් බව සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd