ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ඇතුළත්කරණය තහවුරු කරමින් ආර්ථික වර්ධනය වේගවත් කිරීම අරමුණු කරගත් සුවිශේෂී ‘කුලුනු පහක‘ උපායමාර්ගික ප්‍රවේශයක් හඳුන්වා දීමට ලොව ප්‍රමුඛ තාක්ෂණික විසඳුම් සම්පාදකයකු වන HP සමාගම පියවර ගෙන ඇත.
මෑතකදී කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය වටමේස සාකච්ඡාවකදී HP සමාගමේ ඉහළ පෙළේ නිලධාරිනී ඉප්සිතා දස්ගුප්තා (Ipsita Dasgupta) මහත්මිය අවධාරණය කළේ, ආසියානු කලාපය තුළHP සමාගම සතු වේගයෙන්ම වර්ධනය වන වෙළෙඳපොළවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම පසුවන බවයි. මෙම නව වැඩපිළිවෙළ හරහා මෙරට ඩිජිටල් පරිවර්තන ගමන වෙනුවෙන් සමාගම සතු දිගුකාලීන කැපවීම නැවත වරක් තහවුරු කර තිබේ.
මෙම උපායමාර්ගික ප්‍රවේශයේ ප්‍රධානතම ඉලක්කය වන්නේ සියලුම සමාජ ආර්ථික ස්ථරයන් නියෝජනය කරන ජනතාව අතර පවතින ඩිජිටල් පරතරය අවම කරමින්, ඔවුන්ට පුද්ගලික පරිගණක (PC) තාක්ෂණයට ප්‍රවේශ වීමේ අවස්ථාව පුළුල් කිරීමයි.
විශේෂයෙන්ම කෘතිම බුද්ධිය (AI) සහ නවීන ඩිජිටල් මෙවලම් භාවිතයෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) සන්නද්ධ කිරීමටත්, දේශීය ව්‍යාපාරික ප්‍රජාව සමඟ අත්වැල් බැඳගනිමින් වඩාත් කාර්යක්ෂම සහ සරල සේවා පරිසරයක් නිර්මාණය කිරීමටත් HP අපේක්ෂා කරයි. අනාගත ‘Hybrid’ වැඩ පරිසරයට ගැළපෙන තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම හරහා වෘත්තීයවේදීන්ගේ සහ ව්‍යවසායකයන්ගේ ඵලදායීතාව උපරිම කිරීම මෙහි තවත් එක් පියවරකි.
එමෙන්ම ජාතික ප්‍රමුඛතාවක් සහිත ක්ෂේත්‍ර වන සෞඛ්‍ය, අධ්‍යාපන සහ කුසලතා සංවර්ධනය යන අංශවල ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සඳහා රජය සමඟ හවුල්කාරිත්ව ගොඩනැගීමට දHP සමාගම සූදානමින් සිටියි. AI මූලික කරගත් සෞඛ්‍ය සේවා විසඳුම් සහ විස්තීර්ණ ඩිජිටල් අධ්‍යාපන ආකෘති හරහා සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය සේවා වඩාත් පහසුවෙන් ලබාගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙහි අවසන් අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd