CeylonEat.com ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර හා ආහාර ක්ෂේත්‍රයට නව මාවතක් විවෘත කරමින් නව පරම්පරාවේ Dining Reservations and Instant Online Payments හැකියාව සහ පහසුකම ඇති ඩිජිටල් වේදිකාවක් ලෙස හඳුන්වා දෙයි. මෙමඟින් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී හෝටල් සහ ප්‍රමුඛ රෙස්ටුරන්ට්වල Buffet, High Tea, Brunch සහ Fine Dining අත්දැකීම් එකම ස්ථානයකින් සොයා ගැනීමට සහ මුදල් ගෙවා එම අවස්ථාවේම වෙන් කර ගැනීමට පහසුකම් සලසයි.
CeylonEat.com හරහා Digital Dining Vouchers සහ Experience Gifting පහසුවෙන් යැවිය හැකි අතර ඔබගේ ආදරණීයයන්ට ජීවිතයේ විශේෂ සැමරුම් සඳහා Premium Luxury Dining අත්දැකීම් තෑගි කිරීමට අවස්ථාව සලසයි. මෙය Corporate Gifting සහ Personal Gifting සඳහා නව ප්‍රවණතාවක් ලෙස හඳුන්වා දෙයි.
CeylonEat.com හෝටල් හා රෙස්ටුරන්ට් ව්‍යාපාරිකයන්ට Direct Bookings, Vendor Dashboards සහ Targeted Promotions  මඟින් නිවැරදි පාරිභෝගිකයන් වෙත සෘජු ප්‍රවේශයක් ඇති කරන අතර No-show අවස්ථා අවම කරමින් ආදායම් ප්‍රවාහය ශක්තිමත් කර නව ආදායම් අවස්ථා විවෘත කරයි. “CeylonEat.com යනු සරල Venue Listing Platform එකක් නොවෙයි. එය ශ්‍රී ලංකාවේ Dining අත්දැකීම් සොයා ගැනීම, භුක්ති විඳීම සහ තෑගි කිරීම නවීකරණය කරන වේදිකාවක්. අපි ප්‍රමුඛ Hospitality Brands සහ නව පාරිභෝගිකයන් අතර සෘජු සම්බන්ධතාවක් ගොඩනගමින් කර්මාන්තයට නව දිශාවක් දෙනවා. සියලුම හෝටල් සහ රෙස්ටුරන්ට් වැනි ආහාර පාන සේවා සපයන්නන්ට අප සමග නොමිලේ එක්වීමට ආරාධනා කරන අතර වැඩි ප්‍රවර්ධනයක්, පාරිභෝගිකයන්ට සෘජු ප්‍රවේශයක් සහ ස්ථාවර ආදායම් වර්ධනයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම විප්ලවීය පියවර ව්‍යාපාරිකයන්ට, පාරිභෝගිකයන්ට සහ රටේ ආර්ථිකයටද සැලකිය යුතු වටිනාකමක් එක් කරනවා.” CeylonEat කළමනාකාරිත්වය පැවැසීය. නවීන තාක්ෂණය සහ උසස් ගුණාත්මකභාවය මූලික කර ගනිමින් CeylonEat.com ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආහාර හා අත්දැකීම් වේදිකාවක් බවට පත් වීමට අරමුණු කරයි.