ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි වසරේ විශිෂ්ටතම උත්සවය වන Star Awards 2025 උළෙල පසුගියදා කොළඹ Cinnamon Life හිදී පැවැත්විණි. “Rise of the Legends” මෙම වසරේ තේමාව විය.
“Rise of the Legends” තේමාව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) හි අලෙවි බලකායේ කැපී පෙනෙන දස්කම් සංකේතවත් කරමින්, ආයතනයේ සුවිශේෂී කඩයිම් පසුකරමින් තම නොසැලෙන අධිෂ්ඨානය, වෘත්තීයභාවය සහ විශිෂ්ටත්වය නිරන්තරයෙන් පෙන්නුම් කළ ජයග්‍රාහකයන් වෙනුවෙන් නිර්මාණය වූවකි. මෙම සම්මාන රාත්‍රිය ආයතනයේ වර්ධනය සහ අනාගතය හැඩගැස්වීමට දායක වූ ඔවුන්ට උපහාරයක් විය.
රක්ෂණ උපදේශකල සමූහ නායකල ශාඛා කළමනාකරුල ප්‍රාදේශීය කළමනාකරු ල බැංකු රක්‍ෂණ අංශය හරහා විශිෂ්ට දස්කම් දැක්වූ ජයග්‍රාහකයන් 300කට අධික සංඛ්‍යාවක් මෙහිදී ඇගයීමට ලක් විය. ඉහත සෑම කාණ්ඩයක් යටතේම ජයග්‍රාහකයන් සඳහා විශේෂ ඇගයීම් සම්මාන පිරිනැමිණි.
දිවයිනේ විශිෂ්ටතම ප්‍රාදේශීය කළමනාකරු පී. සාතියන් (උතුරු කලාපය), දිවයිනේ විශිෂ්ටතම ශාඛා කළමනාකරු ඒ. සුපේසන් (යාපනය ශාඛාව), දිවයිනේ විශිෂ්ටතම සමූහ කණ්ඩායම් නායක ඒ. ජී. ආර්. අමියන්ගොඩ (ගම්පහ), දිවයිනේ විශිෂ්ටතම ජීවිත රක්ෂණ උපදේශක කේ. ජී. ඒ. එස්. එල්. වීරසිංහ (බත්තරමුල්ල) සහ දිවයිනේ විශිෂ්ටතම බැංකු රක්ෂණ අලෙවි නිලධාරි (Best Bancassurance Relationship Manager) ඒ. එල්. ටී. එම්. ලියනගේ යන මහත්ම මහත්මීන් 2024 වසර පුරා ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රහණ සහ කැපවීම වෙනුවෙන් මෙම උළෙලේ දී ඇගයීමට පාත්‍ර වන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd