පසුගිය දින දෙක තුළ සියළු කොටස් මිල දර්ශකය අවස්ථා ගණනාවක දී ඒකක 24,000 සීමාව ඉක්මවා ගිය නමුත් එම වාසිය ස්ථාවරව පවත්වාගැනීමට සමත් වූයේ නැත. අද දිනයේ දී කොටස් වෙෙළඳපොළ තව දුරටත් වර්ධනය කරගැනීමට වෑයම් කළ යුතු අතර වාර්තාගත දර්ශකය ස්ථාවර කරගතහොත් ඉදිරි ඉලක්ක පැහැදිලි බව සඳහන් කළ හැකිය.
මෙරට ආයෝජන අවස්ථා සලකා බලන පසු සමාගම්වල ආදායම් සාර්ථක තැනක පවතී. අපනයනය අරමුණු කරගත් සමාගම් ඉදිරියෙන් සිටින අතර 2025 වසරේ අපනයන ආදායම වාර්තාගත තැනකට පැමිණීම එය දක්වන බව පැහැදිලිය. පොලී අනුපාත හා රුපියලේ අගය වේගවත් පසුබැසීමක් සනිටුහන් කරන නැති හෙයින් තව දුරටත් කොටස් වෙෙළඳම වාසිදායක තැනක බව නිරීක්ෂණ අංශ වාර්තා කරයි. දේශීය හා විදේශීය ආයෝජන අංශ විකිණීමේ ප‍්‍රවණතාව කෙරෙහි නැඹුරු නොවන පසුබිමක් තුළ ඉල්ලූමක් නිර්මාණය කළ හැකි වේ. එය ප‍්‍රසාරණයකට හේතු විය හැකිය.
අද දිනයේ දී ඇතැම් සමාගම්වල මිල දී ගැනීමේ ඉල්ලූමක් ඇති විය හැකිය. අපනයන අංශවලට අදාල සමාගම්වල කොටස් ආකර්ශණීය වනු ඇත. විදේශ අංශය සලකා බැලීමේ දී ශුද්ධ විකිණීම් ඉහළ තැනක තවමත් පවතී.
ඊයේ දිනයේ වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියළු කොටස් මිල දර්ශකය ඒකක 23,960.16 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 7.07 ක වර්ධනයකි. එස් ඇන්ඩ් පී ශ‍්‍රී ලංකා දර්ශකය 6,672.37 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 9.25 ක පිබිදීමකි. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 5.20ක් සේ සනිටුහන්ය. ගනුදෙනු 48,721 ක් වාර්තා වී තිබුණි. හුවමාරු වූ කොටස් ප‍්‍රමාණය මිලියන 187.27 ක් විය. සමාගම් 143 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 118 කි.
ඩොක්යාඩ් රුපියල් මිලියන 629 ක්, ඊ. එම්. එල්. කන්සල්ටන්ට් රුපියල් මිලියන 214 ක්, ජෝන් කීල්ස් රුපියල් මිලියන 173ක්, ඒසියා සිකායා රුපියල් මිලියන 155 ක්, එල්. ඕ. එල්. සී. හෝල්ඩිං. රුපියල් මිලියන 153 ක්, ජෝන් කීල්ස් (රුපියල් මිලියන 137 ක්, එල්. ඕ. එල්. සී. හෝල්ඩිං (රුපියල් මිලියන 124 ක්, යෝක් ආකේඩ් රුපියල් මිලියන 113 ක්, හේමාස් හෝල්ඩිං රුපියල් මිලියන 100, සහ සම්පත් බැංකුව රුපියල් මිලියන 95 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් විය.
නිරීක්ෂක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd