පසුගිය වසරේ අග භාගයේ දක්න ලද පිරිහීම ආවරණය කරගත හැකි තැනකට කොටස් වෙළෙඳාම වර්ධනය වන බවක් නිරීක්ෂණය කළ හැකිය. මිල දී ගැනීම් සඳහා තරගයක් ඇති වෙමින් තිබේ.
රජය පනවන බදු හා පොලී අනුපාතවල පවතින ස්වභාවය ඉදිරියේ ආදායමක් අපේක්ෂා කරන ඇතැම් පිරිස් අලුතින් කොටස් මිල දී ගැනීමට සූදානම්වන බවක් නිරීක්ෂණය කළ හැකි අතර මෙහි දී ඉල්ලුම සම්බන්ධයෙන් වැඩි වශයෙන් සොයා බැලිය යුතුව තිබේ. මේ අතර මෙරට කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට දිනක් තුළ ගනුදෙනු ආපසු හැරවීමේ සිද්ධියක් (ජන 07) වාර්තා විය. වෙළෙඳපොළට ප්‍රවේශ වූ වෙල්ත් ට්‍රස්ට් සමාගමේ කොටස් මිල දී ගැනීම සම්බන්ධයෙන් උද්ගත වූ තත්වයක් හේතු කරගෙන මෙම තීරණය ගත් අතර අස්වාභාවික ලෙස කොටස් මිල ඉහළ යාම හා එම කොටස් විකුණනන මුදල් වෙනත් සමාගම්වලට යෙදවීමේ අවදානමක් සම්බන්ධයෙන් සැක කරන ලද හෙයින් මෙම තීරණය ගත් බව බලධාරීහු ප්‍රකාශ කර සිටියෝය. කෙසේ වෙතත් මෙම සිදුවීම ඊයේ ගනුදෙනුවලට බලපෑවේ නැත. වෙල්ත් ට්‍රස්ට් කොටසක් 18.90 ක් දක්වා ඉහළ ගිය අතර එය දිනක් තුළ රු. 11.90 කින් ඉහළ යෑමකි.
අද දිනයේ දී ද කොටස් මිල දී ගැනීමට උනන්දුවක් ඇති විය හැකිය. විදේශීය මිල දී ගැනීමේ තරගකාරීත්වයක් අපේක්ෂා කෙරේ. මෙදින ගනුදෙනුවලදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 125.5 ක් වූ අතර විකිණීම් රු. මිලියන 133.5 කි. සමාගම්වල මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත්වීම සමග ඉදිරියේ දී ස්ථාවර ගනුදෙනු සඳහා ප්‍රවේශ වනු ඇතැයි සැලකේ. වුවහොත් තවත් වටයකින් වෙළෙඳපොළ පිබිදීමක් අපේක්ෂා කෙරේ.
ඊයේ දිනයේ (ජන 08) ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,527.13 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 233.28 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,458.03 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 94.18 ක වර්ධනයකි. දෛනික පිරිවැටුම රු. බිලියන 12.32 කි. ගනුදෙනු 65,116 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 223.70 ක් විය. සමාගම් 169 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 92 කි. මිල දී ගැනීමේ උනන්දුව සියයට 75.44 ක් වැනි අගයක විය.
නිරීක්ෂක
COMMENTS