
ඇඩ්වොකාටා ආයතනය විසිනි
විශ්‍රාම යාමෙන් පසු වාහන බලපත්‍ර ලබාගත් ඉහළ පෙළේ රජයේ නිලධාරීන් සඳහා වාහන ආනයනයට අවසර දීම පිළිබඳව රජයේ සලකා බැලීම සම්බන්ධයෙන් ඇඩ්වොකාටා ආයතනය දැඩි ලෙස අනතුරු අඟවයි.
පාර්ලිමේන්තුවේ ප්‍රකාශවලට අනුව, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා මෙම සහනදායී යෝජනා ක්‍රමය යටතේ දැනටමත් බලපත්‍ර 1,900ක් නිකුත් කර ඇති අතර, 2025 වසරේදී පමණක් බලපත්‍ර 563ක් නිකුත් කර ඇත. මේ සියල්ල සිදුවන අතරවාරයේ, සාමාන්‍ය පුරවැසියන් දීර්ඝ වාහන ආනයන තහනමක් සහ ලෝකයේ මෝටර් රථ සඳහා ඉහළම මට්ටමේ බදු වර්ගවලට මුහුණ දෙති.
2026 අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙසේයි:
“පර්මිට් දෙන්නෑ. පර්මිට් කාටවත් දෙන්නෑ. පර්මිට් සංස්කෘතිය අපේ රටේ ඉවර වෙන්න ඕන!”
බලපත්‍ර ලබා දීමේ සංස්කෘතිය වැඩවසම් පද්ධතියක ක්‍රියාත්මක වන ලක්ෂණයක් ලෙස පිළිගනිමින්, නූතන ආර්ථිකයක ලක්ෂණයක් ලෙස එහි ඇති නොගැළපීම ඇඩ්වොකාටා ආයතනය විසින් පිළිගනු ලැබිණි. එය දශක ගණනාවක් තිස්සේ කාර්ය සාධනයට වඩා වරප්‍රසාද ලබා දුන්, අසමානතාව මුල් බැස ගත් සහ රජයේ විස්වසනීයත්වය අඩපණ කළ පද්ධතියකි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ලංකාව අවසානයේ විනිවිදභාවයෙන් යුත් සාධාරණ ප්‍රතිසංස්කරණයක් කරා ගමන් කරමින් සිටින බවට නව බලාපොරොත්තුවක් ලබා දුන්නේය.
මේ වනවිට තෝරාගත් කණ්ඩායමකට නිදහස් කිරීම් ලබාදීමට අපේක්ෂා කිරීමෙන් ප්‍රතිසංස්කරණවල විශ්වසනීයත්වය පිළිබඳ භයානක සංඥාවක් ලබා දෙයි. ඒ අනුව, හානිකර වේ යැයි සියලු දෙනාම ප්‍රසිද්ධියේ පිළිගත් ප්‍රතිපත්ති පවා නැවත වතාවක් හොර රහසේම කරළියට පැමිණීමේ හැකියාව පවතී.
රාජ්‍ය අනුමැතියකින් වරප්‍රසාද සාමාන්‍යකරණය කිරීම
වාහන බලපත්‍ර යනු වන්දි නොවේ. ඒවා අභිමත වරප්‍රසාද වන අතර, ජනගහනයෙන් වැඩි පිරිසක් ගෙවන ඉහළ බදු සහ ඔවුන් භුක්ති විඳි සේවා කප්පාදු කිරීමෙන් එකී පිරිවැය අවශෝෂණය කර ගන්නා අතර, වරප්‍රසාද ලත් කිහිප දෙනකුට පමණක් පැහැදිලිව නොපෙනෙන ධනය මාරු කිරීමේ සැඟවුණු ක්‍රමයක් ලෙස මෙම තත්වය ක්‍රියාත්මක වේ. ඊටත් වඩා නරක දෙය වන්නේ ඔවුන් විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ දේශපාලන අභිමතය පරිදි තබා, වෘත්තීය සිවිල් සේවකයන් වගකිවයුතු රාජ්‍ය සේවකයන් වෙනුවට දේශපාලන යැපෙන්නන් බවට පත් කිරීමයි.
එබැවින්, වඩාත්ම යහපත් ආදර්ශයෙන් මෙහෙයවිය යුත්තේ ඉහළ පෙළේ නිලධාරීන්වය.
2010 දෙසැම්බර් මාසයේදී, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ හෙළිරව්ව අනුව, කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකුද ඇතුළුව අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 65 දෙනාගෙන් බහුතරයක් තම තීරුබදු රහිත වාහන බලපත්‍ර විකුණා දමා ඇත්තේ එක් වාහනයක වටිනාකම රුපියල් මිලියන 17 වන ලෙසිනි. එමගින් අනපේක්ෂිත ලාභය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන භාවිත කර අද වනවිට පවතින උද්ධමනය සඳහා සකස් කළ විට රුපියල් මිලියන 48ක පමණ මුදලකට සමාන වේ.
2012 දෙසැම්බර් මාසයේදී, සන්ඩේ ටයිම්ස් පුවත්පත “මන්ත්‍රීවරුන් සඳහා නත්තල් ප්‍රසාද දීමනාවක්” ලෙස නම් කරන ලද අවස්ථාවක, මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ තීරුබදු රහිත බලපත්‍ර විවෘතව විකිණීමට රජය විසින් අවසර ලබා දෙනු ලැබුණි. ඒ අවස්ථාවේදී එක් බලපත්‍රයක් රුපියල් මිලියන 20 බැගින් අලෙවි කළ අතර, එම අගය අද වනවිට පවතින උද්ධමනය සඳහා සකස් කර ඇති අතර එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 50කි.
පාලනයේ අඛණ්ඩතාව කරා
ඇඩ්වොකාටා ආයතනය මින් පෙරත් ඉස්මතු කර ඇති පරිදි, ලංකාවේ ක්‍රියාත්මක වන ඉතා ඉහළ බදු ව්‍යුහය මගින් බොහෝ මගී වාහන සඳහා ආනයන බදු සියයට125 - සියයට250 පරාසයක පවතී. එබැවින් සෑම තීරුබදු රහිත බලපත්‍රයක්ම සෘජු මූල්‍ය අලාභයක් නියෝජනය කරන්නකි. එම පාඩු පියවා ගන්නේ වෙනත් අංශවලට පනවන ඉහළ බදු හරහා හෝ අනෙක් සියල්ලන්ටම ලබාදෙන පොදු සේවාවල සිදුකරන කප්පාදු මගිනි. 2020 වර්ෂයේ සිට ගත වූ කාලය පමණක් සැලකුවද, ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවද ඇතුළුව රජයේ සේවකයන්ට තීරුබදු රහිත බලපත්‍ර 25,000කට වඩා නිකුත් කර ඇත.
දැන් ව්‍යතිරේක ඇති කිරීම භයානක පූර්වාදර්ශයක් වනු ඇත. එය ඉතිරිව සිටින සෑම බලපත්‍ර හිමියකුටම සංඥා කරන්නේ නොපසුබට උත්සාහයට අනාගතයේදී විපාක ලැබෙන බවත්, නොවැළැක්විය හැකි ලෙස බලපෑම් කර පීඩනයට පත් කිරීමෙන් තවදුරටත් ඉල්ලීම් කළ හැකි බවත්ය. තාවකාලික “සහන” ස්ථිර හිමිකම් බවට පත්වන්නේ ඒ ලෙසිනි. නැවත වතාවක් එලෙස පැරණි ක්‍රමවේදයට ඉඩ ලබා දුන් පසු, පද්ධතිය යළිත් විශ්වාසදායක ලෙස පාලනය කළ නොහැකි වනු ඇත.
ආර්ථික හා පාලන දෘෂ්ටිකෝණයකින් බැලූ විට, තෝරාගත් නිදහස් කිරීම් නැවත හඳුන්වාදීම මූල්‍ය ඒකාබද්ධතාව පිළිබඳ මහජන විශ්වාසය අඩපණ කිරීමට, ප්‍රතිසංස්කරණ බැඳීම්වල විශ්වසනීයත්වය දුර්වල කිරීමට සහ ලංකාවේ නියාමන ස්ථාවරත්වය සහ ප්‍රතිපත්ති අනුකූලතාව පිළිබඳ ආයෝජකයන්ගේ සංජානනයට හානි කිරීමට හේතු වේ.
සුදුසු විසඳුම පවතින්නේ පාර්ලිමේන්තු අධීක්ෂණයට යටත් වූ, විනිවිදභාවයෙන් යුත්, අයවැය මත පදනම් වන වැටුප් ව්‍යුහයන් තුළය. තීරණාත්මක කාරණය වන්නේ, ඔවුන් අභිමත වරප්‍රසාද යෝජනා ක්‍රම මගින් නිර්මාණය කරන ලද විකෘති කිරීම් වළක්වා ගනිමින්, මූල්‍ය විනය හෝ ආයතනික අඛණ්ඩතාව අඩපණ නොකර, රාජ්‍ය සේවකයන්ට සාධාරණ ලෙස වන්දි ගෙවිය යුතු වීමයි.
ඒ අනුව ඇඩ්වොකාටා ආයතනය රජයෙන් ඉල්ලා සිටින්නේ පහත සඳහන් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනා ලෙසයි;
01. පවත්නා තීරුබදු රහිත බලපත්‍ර යටතේ වාහන ආනයනයට ඉඩ දීමේ සැලසුම් අත්හළ යුතුය.
02. පාර්ලිමේන්තු අධීක්ෂණයට යටත්ව පැහැදිලි සහ විනිවිද පෙනෙන වැටුප් රාමු සමග ඒවා ප්‍රතිස්ථාපනය කරමින්, වාහන බලපත්‍ර යෝජනා ක්‍රම ස්ථිරවම අවසන් කිරීමට කටයුතු කළ යුතුය.
03. අනාගතයේදී සිදු විය හැකි රෙගුලාසි ආපසු හැරවීම්වලින් ආරක්ෂාවීම සහ ස්ථාවර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමසහතික කිරීම සඳහා, රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා තීරුබදු රහිත වාහන බලපත්‍ර තහනම් කිරීම නීතිගත කළ යුතුය.
ලංකාවට ප්‍රභූ කොටස් ආරක්ෂා කර ගනිමින් විශ්වාසය නැවත ගොඩනැගිය නොහැක. ප්‍රතිසංස්කරණ බැඳීම් විශ්වසනීයත්වය රඳවා ගන්නේ ඒවා තෝරාගත් නිදහස් කිරීම් නොමැතිව අඛණ්ඩව ක්‍රියාත්මක කළ විටදී පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd