නිමල කොඩිතුවක්කු
2024 අංක 1 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ - තීරුබදු රහිත මෙහෙයුම්) නියෝග සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අනුමත වාර්ෂික තීරු බදු හිමිකම ඇමෙරිකානු ඩොලර් 2,000 ක සීමාව සංශෝධනය කිරීමකින් තොරව කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා විදේශයක සිට මෙරටට පැමිණෙන මගියකුට මෙරටට පැමිණි දින සිට දින 4 ක් තුළ අවස්ථා දෙකකදී ඉඩ සලසා දීමට හැකිවන පරිදි අදාළ නියෝග සංශෝධනය කිරීම පිණිස 2025-12-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, අංක 2475/28 හා 2026-02-13 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති සංශෝධිතනියෝග, 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධි විධාන පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd