ඩොලර් මිලියන 10ක සහ 08ක ණය අදියර දෙකක් ලෙස ණය ලබා ගැනීම අදහසයි
මෙරට මුල් පෙළේ පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම, ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) සමගින් ඩොලර් මිලියන 18කට සමාන රුපියල් වටිනාකමක් ගන්නා ණය පහසුකමක් සඳහා වන එකඟතාවකට පිවිසි බව පවසයි.
මෙහිදී අදියර දෙකක් යටතේ මෙම ණය පහසුකම හිමිවන අතර, පළමු අදියර යටතේ ඩොලර් මිලියන 10ක් හිමි වෙයි. එම මුදල් සියඹලාන්ඩුව ප්‍රදේශයේ සිදු කරන මෙගාවොට් 100ක සූර්ය බලශක්ති උද්‍යාන ව්‍යාපෘතියක් සඳහා යොදවන බව සමාගම පවසයි. එම ව්‍යාපෘතියේ හිමිකාරීත්වය සහ මෙහෙයුම් සිදු කිරීම රිවිදනවි (පෞද්) සමාගම මගින් සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd