අලූත්වැඩියා කටයුතු සදහා ජලවිදුලි බලාගාර වසා දැමීමට ශී‍්‍ර ලංකා විදුලිබල මණ්ඩලය ගෙන ඇති තීරණයෙන් දිනකට රුපියල් ලක්ෂ 1100 පමණ අලාභයක් රටට සිදුවනු ඇති බව වාර්තා වේ.
වාර්තාවල දැක්වෙන ආකාරයට අලූත්වැඩියා කටයුතු නිසි පරිදි සිදුනොවීම නිසාවෙන් මෙගාවොට් 195 ක පමණ විදුලි බල ධාරිතාවක් ජාතික විදුලිබල පද්දතියට අහිමිව ඇත.අලූත්වැඩියා කටයුතු වලින් බලාපොරොත්තු වන්නේ ජලවිදුලි බලාගාර ඒවායේ උපරිම කි‍්‍රයාකාරී මට්ටමටම යළි ගෙන ඒමයි.
එහෙත් කලට වැසි ලැබ ජලවිදුලි බලාගාර ආශි‍්‍රත ජලාශ ජලයෙන් පිරී පවතින අවස්ථාවක විදුලිබල මණ්ඩලයේ මෙම තීරණය සියලූදෙනාගේ විමතියට හේතුවී තිබේ.
මේ පිළිබදව අදහස් පළකරන ජාතික විදුලිබල පරිභෝජකයන්ගේ ව්‍යාපාරයේ උපදේශක බන්දුල චන්ද්‍රසේකර මහතා පවසන්නේ මේ විදුලිබල මණ්ඩලය හිතාමතාම සිදුකරන්නක් බවයි.ශී‍්‍රලංකාවේ විදුලි බල අවශ්‍යතාවය සපිරෙන්නේ ජලවිදුලියෙන් හා තාප විදුලිබලාගාර වලින් මිලදී ගන්නා විදුලියෙනි.අලූත්වැඩියා කටයුතු සදහා යැයි පවසා ජලවිදුලි බලය අත්හිටවුවහොත් රටේ විදුලි බල අවශ්‍යතාවය සපුරා ගැනීමට සිදුවනු ඇත්තේ තාප විදුලි බලාගාර වලිනි.මේවා අයිති පෞද්ගලික අංශයටය.එනිසා විදුලිය මිලදී ගැනීමට අධික මුදලක් වැය කිරීමට සිදුවනු ඇත.මෙය දඩමීමා කරගනිමින්
විදුලිබල ගාස්තු ඉහළ දැමීම සාධාරණිකරණය කර ගැනීමට විදුලිබල මණ්ඩලය සැරසෙන්නේයැයි ඔහු චෝදනා කරයි.
ජල විදුලි බලාගාර වලින් විදුලි ඒකකයක් නිපදවීමට වැයවන්නේ සත 30 සිට රුපියල් 3.50 ක් වැනි මුදලක් වුවත් තාප විදුලි බලාගාරයකින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 20 සිට 40 දක්වා මුදලක් වැය වන බව සදහන්ය.එසේ හෙයින් අලූත්වැඩියා කටයුතු සදහා හෝ වේවා ජලවිදුලි බලාගාර අතහැර තාප විදුලි බලාගාර වෙත විදුලිබල මණ්ඩලය යොමු වුවහොත් විදුලිය මිලදී ගැනීමට අධික මුදලක් වැයකිරීමට සිදුවනු ඇති බව හොදින් පෙනේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද හැමදාම පාඩු අපිට නම්.... තේරෙන්නේ නැහැ මේ මොනවද කියලා. (දී)
මේ කරන අපරාද ඔක්කොම මේවාට වගකිවයුත්තන්ගේ අහිංසක දරුවන්ටත් එක්ක පලිසන් දෙනවාමයි. මේ වගේ රටට කරන අපරාධ වලට හොදක් නම් වෙන්න එපා (නි)
මේවා සැළසුම් කරන අයට මේ ආත්මේම ගින්දර පත්තු වන්න පුලුවන් (නි)
වැඩේ නියමෙට නැගල යනවා. මේ රටේ අම්බරුවෝ ඉන්නකල් මේවා මෙහෙම තමා වෙන්නේ.මොකද දේශප්‍රේමය දොරේ ගලනවනේ ... (නි)
විදුලිය කෝටි එකොලහක් පාඩු වුනාට ආන්ඩුවට ඒක පාඩුවක් නෙමෙයි. මොකද මිනිස්සු ගෙවනවානේ.(නදී)
මණ්ඩලේට සෙනසුරා ලබලා වගෙයි, විදුලි බුබුලු ලක්ෂයක් විතර පත්තුකරලා බොධි පූජාවක් පැවැත්වුවා නමි හොදයි.(නදී)
මේ ක්‍රියාවෙන් ලාභ ලබන පිරිසකුත් ඉන්නවනේ. මීළඟ ඡන්දෙදිවත් මෝඩකම් අත් හරිමු නේද? (නි)
මේ කරන දේවල් ආත්ම ගනනක් ගෙවන්න වෙයි.මත්ක තියා ගන්න ඒක (නි)
කෝ අර විදුලි බිල වැඩි වීමට පක්ෂව බෝඩ් උස්සපු අය? ඔය හැටියට නම් ගව ගාතනය නවත්වන්නම ඕනෑ. නැත්නම් ජනගහනයෙන් වැඩි කොටසක් ගාතනය වෙන නිසා. අමිල, බෝට්ටුවක එල්ලිලා මුහුදෙන් එතෙර වුනා කියලා තප්පුලන්න එපා. අපිත් ඉන්නේ මුදෙන් එතෙර තමයි. බල ශක්තිය උත්පාදනය ගැන එතරම් කලබල විය යුතු නැත්තේ ඔයාගේ ඕස්ටේලියාවෙන් ලංකාවට ඕනෑ වෙන කිලෝ වොට් එකක්වත් නිකම් දෙනවද ? ලංකාවේ මිනිසුන්ගේ විදුලි බිලෙන් සතයක්වත් ගෙවනවද? අපි මේ කතා කරන්නේ ඒක ගැන. (දී)
අපිට කියනවා විදුලි පහන් නිවන්න කියලා රෑට කොලබ ගිහිල්ලා බලන්න නෙලුම් පොකුණේ දාලා තියෙන ලයිට් කන්දරාව ඒවා නිවන්න එතකොට අපිත් නිවන්නම්
මේවා මතක තියාගන්න ,ඊළඟ ඡන්දෙදිවත් (නි)
විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශ වලට අවශ්‍ය වැසි ලැබුණු කාලයට අලුත්වැඩියා සඳහා ගලවන්නේ , එම අලුත් වැඩියා කරන ටර්බයින වලින් පද්ධතියට වන බලපෑම අඩුම කරගන්න. අලුත්වැඩියා කරන ටර්බයින වලින් නැතිවෙන සැපයුම පද්ධතියේ අනෙකුත් ටර්බයින වලින් ලබාගැනීම උපරිම උත්සාහය. ජල විදුලිය අඩු කාල වලදී එහෙම කලොත් පවතින ඉල්ලුම වෙනුවෙන් අධික මිලකට තාප විදුලිය ගන්නට සිදුවෙනවා. ඇත්ත තත්වය මෙයයි. (අ)
ලියිට් බිල් වල සල්ලි කොහෙද යන්නේ? ආදායමක් ඇත්තෙම නැද්ද?(නදී)
මේ මාසේ අපිට සුපිරි බිලක් ඇවිල්ලා,අපි දේශප්‍රේමය දියකරලා බොනවා (නි)
අමිල, වෙනත් රටවල ආණ්ඩුයි අපේ ආණ්ඩුවයි සසදන්න එපා. එහෙ දූෂණ වංචා නැහැ , මෙහෙ ඒවා ඉහවහ ගිහින් ඒකයි සැබෑ වෙනස. (දී)
සමන් විදුලිය විකුණා කොමිස් ගහන එකෙක් වත් තවම අල්ල නැතිව වැඩේ දිගටම කරගෙන නයන්නට ඉඩදීලා පාලකයෝ බලා සිටිනවා (අ)
තවම බැරිවුනාද ඕකේ දේෂය හොයලා හදන්ඩ. ඒකටත් කොමිස් හම්බ වෙන තුරු අළුත් වැඩියාව පටන් ගන්නේ නැතිද? මොකක්ද හොරේ.(නදී)
අජිත්, ඔබ කියන දේ ඇත්ත. මමත් ඔබ සමග එකගයි. නමුත් ලනක්වේ ජීවත් වන බොහෝ දෙනෙක් ඒ ගැන අවදානයක් දෙන්නේ නැහැ. රටක් දියුණු වන්නේ එහි තිබෙන සම්පත් නිසා නෙවේ. දියුණුවේ රහස තිබෙන්නේ පරිපාලනය, කළමනාකරණය සහ නියාමනයේයි. අපේ රටේ එවැනි පරිවර්තනයක් කිරීමට අවශ්‍ය මානව සම්පත් ඉතාමත් අවම මට්ටමක තිබෙන්නේ. උඩ සිට පහලට සිටින්නේ හොරුන් සහ තක්කඩියන්. සමහරු උගත් වුනත් බුද්ධිමත් නැහැ. (නි)
අනේ ඇත්තට! මොවුන්ව සුන්නද්දූලි වෙලා යන්න ඕනෑ මේ විදුලි බිල් වැඩිකරන හැටියට (නි)
මේවට තමයි පොදු බල සේනාව කතාකරන්න ඕනෑ. අහිංසක මිනිසුන්ගේ සල්ලි. (නි)
අනේ අපේ මිනිස්සු. මේ මණ්ඩලේ සාමාන්‍ය සේවකයො පහුගිය කාලෙ රු.800.00 පඩි වැඩිවීමක් ඉල්ලලා පාරට බැස්සා. ඒ වෙලාවෙ ඔය කට්ටිය ඇව්ත් කිව්වා ඒක හරි අසාධාරණයි අපි රටේ ජනතාව වෙනුවෙන් අඛණ්ඩව විදුලිය දෙනවා කියල. එතකොට අපේ මිනිස්සු හුරේ දාලා ජයවේවායි කිව්වා. සාමාන්‍ය සේවකයා රු.800 ගන්නකොට ඔවුන් දවසට කෝටි ගාණක් හොයනව. අපේ අයට හොඳම වැඩේ. දැන් ගෙවාපල්ලා. (නි)
මේකට තියෙන හොදම විසදුම අපි භූමිතෙල් ලාම්පු පාවිච්චියට ගැනීමයි.ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.හැමදේම වැඩි කරනවා වගේ පඩිත් වැඩි කරන්න. (දී)
දැන් ඉතින් තව පාඩු ගැනත් කියනවා.අහිංසක මිනිසුන්ගේ සල්ලි අපරාදේ! දූෂිත නිළධාරීන් ඉන්නකල් මේවා මෙහෙම තමා වෙන්නේ. ඒකයි සැබෑ වෙනස. (දී)
පිට රටවල එන්න අපි ඔලුවෙන් හිටන් කිව්වත් වැඩක් නැහැ.විපරම රටේ මිනිසුන්ගේ මොළ හූදලි තියෙන්නේ.අපිට මාසේ අන්තිමට ඩිරම් වලින් පඩි ලැබෙනවා.අ නිසා දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් එන්නී මමත් පුරුදු වෙන්න හදන්නේ.හරිම දුකි රටට වුන විනාශය ගැන. (අ)
මිනීමරු ප්‍රභාකරන් මැරුණම අපි මොන තරම් සතුටු වුනාද දැන් එතින් අපේ රට සුකිත මුදිත වීවී කියල.දැන් නම් වෙන දීවල් හැටියට හිතෙනවා ප්‍රභාකරන් ජීවත් වෙලා හිටියනම් මීට වඩා හොදි කියල.(අ)
මේ මොන විහිලුවක්ද? ටික දවසකට ඉසෙල්ලා නේද කිව්වේ රුපියල් මිලියන 1600ක ලාබයක් ලබනවා කියල. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියලද හිතාගෙන ඉන්නේ? අනේ මෙහෙමත් (අ)
අම්මපා! දැන් සති ගාණක් ගිහිල්ලත් ඕක හදාගන්න බැරි වුණ හැටි තවමත්? (නි)
විදුලි බල මණ්ඩලයේ තියෙන්නේ මාෆියාවක් කියන එක හොඳටම පැහැදිලියි. මේවා සැළසුම් කරන අයට මොකද කරන්නේ?. (නදී)
අපේ කැම්පස් වලින් බිහි වන්නේ මේ වගෙ උගතුන් නම් ලංකාවට දෙවියන්ගෙම පිහිටයි.රජයේ වගකීම වැරදිකරුවන්ට ප්‍රසිද්ධියේ දඩුවම් කිරීමයි. (නි)
අජිත් ආණ්ඩුව තමන් තමන්ටම දඩුවම් කරගන්න එකක් නැහැ නේද ? (නදී)
ශ්‍රී ලංකාව ලෝකයේ අනිත් රටවල් හා සැසදීමේදී එතරම් විදුලි බලය බවිත කරන රටක් නොවේ . එක පුද්ගල විදුලි පරිබෝජනය, ශ්‍රී ලංකාව - 449 KWH /YEAR සිංගපූරුව - 8307 KWH / YEAR ඔස්ට්‍රලියා - 10,286 KWH / YEAR එම නිසා බල ශක්තිය උත්පාදනය ගැන එතරම් කලබල විය යුතු නැත. (අ)
මෙච්චර වහින රටේ 40% ඉන්දන ගැලපුම් ගාස්තු ගෙවන්නේ මොකටද අපි ? අපි කියන දෙයක් අහගෙන මෝඩයෝ වගේ කරබාගෙන ඉන්න පුරුදු වෙලා දැන්. (දී)
අපි තමයි වගකියන්න ඕනේ
අහිංසක මිනිසුන්ගේ කරපිටින් ගිහින් බලය ගන්නේ රටට හෙන ගහල ගියත් මගේ මඩිය මම තර කර ගනිමි යන හැගීමෙනි (අ)
මෙවැනි ඇන්දීමකට ලාංකිකයා ලක්වන කාලයක රටෙහි ජීවත් විමට ලැබීම අපේ ලොකුම අහේතුවක්. (නි)
අනේ මන්දා මේවාට මොනවා කියන්නද කියලා. ගෙදර ගියොත් අඹු නසී. මග හිටියොත් තෝ නහි වගේ තමා. (නි)
කොමිස් හැටියට හොද කුට්ටියක් හම්බ වෙනවා ඇති (ත)
අපි තමයි දුක් විදින්න ඕනේ අන්න්තිමට (දී)
ලගදී ඇමති මණ්ඩලය වෙනස් උනා. එතකොට පත් වෙච්ච අලුත් ඇමති පිළිගන්ට ලක්ෂ 100 වැය කළා. කොහොමද ඒවාට සල්ලි.(නදී)
මේ ව අලුත් වැඩිය කරන්න මතක් වෙන්නේ , හොඳටම වහල ජලාශ පිරිලා තිබුන කාලේ , එතකොට පුළුවන්නේ ජලාශවල වතුර ඉවත්කරලා වහිනකන් බලාගෙන ඉන්න , එතකොට පෞද්ගලික බලාගාර වලිනුත් කොමිස් කුට්ටිය කඩා ගන්න. මේවා පායන කාලවලදී කලයුතු වැඩ. විදුලිබල ඇමති තුමියට තම විෂය පිලිබඳ දැනුමක් නැත.(නදී)
මණ්ඩලේ නාස්තිය දුෂණය වහගන්න කරන වැඩ? අනේ අම්මපා අපේ මිනිස්සුත් මෙයාලට ඡන්දෙ දෙනවනේ. (නි)
කොමිස් ප්‍රමාණය තිරණය වන්නේ ඒ ඒ තාප බලාගාරයෙන් මිලදී ගන්න ඒකක ප්‍රමාණය මතයි. මිලදී ගන්නා තාප විදුලි ඒකක ගණන වැඩිකරගන්නේ වෙන කොහොමද?.(නදී)
ඒක හොදයි. මොකද වැස්ස වැඩියෙන්ම තියන ජලාශ උතුරන්න පිරිලා තියන කාලෙට තමයි ඔය වැඩ කරන්න ඕනෑ. ජලය මුහුදට යවලා එන්න හැකිනේ. මොකද වැඩ ඉවර වෙනකොට වැස්ස පායලා ජලාශ හිදිලා කරදරයක් නැහැ. විදුලි බිල වැඩි කරලා කියනවා. අපිනේ ගෙවන්නේ (නි)
එහෙම පාඩු වෙන්නේ කොහොමද අපි දැන් රුං කියලා එකට තුන ගානේ ගෙවනවානේ.(නදී)
මේ පාඩු සුළු පටු ඒවා නෙවේ. කවුරුත් නැද්ද මේ ගැන පැහැදිලි කරලා දෙන්න? කොහොමද පාඩු වෙන්නේ කියලා (නි)
මේවා, කැත වැඩ. (දී)
මරාගෙන කාල තව පාඩු ගැන කියනවා. දැන් අපි කොච්චර ගෙවනවද ?(නදී)
විදුලිය නිපදවන්නෙත් නැතුව කොහොමද පාඩු වෙන්නේ? (නි)
අලුත්වැඩියා කරන්න වහිනකල්ම බලන් හිටියේ.හෝටලේක ජෙනරටරේ වුනත් අලුත්වැඩියා කරගන්නේ සංචාරකයෝ එන්නෙ නැති කාලෙට. (නි)
මාධ්‍යය මගින්වත් දැනුවත් කරන්න මේ දේශපාලකයන්ට ලෝකයේ බොහෝ රටවල් තියෙනවා පාඩු නැතුව රජයේ ආයතන ගෙනියන ක්‍රම. විශේෂයෙන් ඉන්දන හල් සහ විදුලි බලය වගේ තැන් මුදල් වවන තැන් බවට පත්කරන්නේ කොහොමද කියලා. ලෝකේ ගිහින් ණය අරන් පාරවල් විතරක් හදලා මදි. මුදල් ගලාගෙන එන ඇගලුම් කර්මාන්තය වගේ අලුත් ආදායම් මාර්ගත් තාම මේ රජයට සොයගන්න බැරිවීම විශාල අඩුපාඩුවක් (නි)
ලංකාවේ පාඩු ලබන්නේ ලාබ ගන්න පුළුවන් අයතනවලින්මනේ.බස් එකෙන් පටන් ගන්න කෙනාට කීයක් තියේද ජෙනරටර් කුලියට දෙන්න පටන්ගත්ත කෙනා තව කීයක් කරනවද (අ)
දින කියක් තියෙද දන්නේ නැ. මාසයක් ගියොත් පාඩුව? අපරාදයක් මේක ඉක්මනටම හදල ඉවර කරන්න අසරණ මිනිස්සු ගොඩක් අපේ රටේ ඉන්නවා.(නදී)
මේක හැමෝටම තේරෙනවා. මේවා කරවන අයට හෙන හත ගහනවා. දැනට කාලා කාලා මැරෙන මොහොතේ ඔක්කොටම මතක් වේවි කරපු අපරාද.(නදී)
අනේ කොපමණ පාඩු වුනත් මොකද? පාඩුවේ බර ජනතාව මත පැටවීමට අවශ්‍ය චක්‍රලේකන හැදීමට උගතුන් සිටිනවා. ජනතා නැගිටීමක් සිදුවුවහොත් එය මර්දනය කිරීමට හමුදාව සහ පොලිසිය තියෙනවා.මේ හැමෝටම පිරිත් නුල් බැදීමට සුදානම් හාමුදුරුවරු ඉන්නවා.ඉතින් හැම බරක්ම නැති බැරි එකා පිට. (නි)
මොන ආගමේ වුනත් දීපාල් කියන කතාව නම් සහතික ඇත්ත (නි)
පාලිත, විදුලිය නිපදවන්නෙත් නැතුව පාඩු වෙන්නේ වැඩි ගානට විදුලිය පෞද්ගලික බලාගාර වලින් ගන්න නිසා (නි)
විදුලි බල මණ්ඩලයේ තියෙන්නේ මාෆියාවක් කියන එක හොඳටම පැහැදිලියි. ජාල විදුලිය වැඩියෙන් ගන්න තියෙන වැහි කාලේ ඇයි අලුත්වැඩියා කරන්නේ? හැමදාම ඕක තමා කරන්නේ. මිනිස්සු හැමදාම දුක් විඳිනවා. රජය බලාගෙන ඉන්නවා. (නි)
ඒ පාඩුව දරා ගන්න රජය ශක්තිමත්. ඔයලා බය වෙන්න එපා (නි)
විදුලිය නිපද වන්නේ නැතිව මොන පාඩුද? අහසේ මාලිගා සිතිවිලි හෝ මේවා දවල් සිහින. විදුලිය හැදුවානම් කොමිස් මුදල් ගන්න අය ජිවත් වන්නේ කෙසේද?(නදී)