නිමල කොඩිතුවක්කු
2026 වසර සඳහා ආසියා සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති පාදක ණය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රතිපත්ති පාදක ණය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව සිය එකඟතාව ලබා දී තිබේ. ඒ අනුව, පහත දැක්වෙන උප වැඩසටහන් 5 යටතේ ආසියා සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 620 ක් සම්පාදනය කර ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහන ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක්.
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ශක්තිමත් සහ ඇතුළත් මුල්‍ය පසු බිමක් ගොඩ නැගීමේ වැඩසටහන - ඇමෙරිකා ඩොලර් මිලියන 220ක්.
ජල සම්පාදන 202 සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහන - ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක්.
ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය සහ සමාවේශී ප්‍රතිසාධනය සඳහා අවස්ථාව ලබා දීමේ සංවර්ධන වැඩසටහන - ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක්
කෘෂිකාර්මික වටිනාකම දාම මුල්‍යකරණය වාණිජකරණ අංශ සංවර්ධන ව්‍යාපෘතිය - ඇමෙරිකා ඩොලර් මිලියන 100ක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd