කලින් දිනයේ ලබාගත් වාසිය තුළ කොටස් විකිණීමෙන් ලාබ උපයන්නට ඇතැම් ගනුදෙනුකරුවන් උත්සාහ කළ අතර එය අවසානයේ දී දර්ශක පිරිහීමක් වාර්තා විය. ඉකුත් බදාදා වාර්තා ගත තැනකට සියලු කොටස් මිල කැඳවමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 24,000 සීමාව ඉක්මවා ගිය නමුත් දිනය අවසානයේ දී නැවතත් 23,960 ක් වශයෙන් අවසන් විය.
බ්‍රහස්පතින්දා දිනයේ දී ඒකක සියයකින් ඉහළ ගොස් වාර්තා සනිටුහන් කරන ලද නමුත් නැවතත් ඊයේ (ජන 29) දිනයේ දී වාසිය ස්ථාවරව පවත්වාගැනීමට අසමත් භාවය දක්වමින් දර්ශක පහත වැටිණ. අද එනම් මෙම මාසයේ අවසන් ගනුදෙනු වාරයේ දී වෙළෙඳපොළ හැසිරෙන ආකාරය ලාභ ඉපැයීම පමණක් පදනම් කරගෙන විය හැකිය.
වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියළු කොටස් මිල දර්ශකය ඒකක 23,900.89 ක් තෙක් පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 91.22 ක පසුබෑමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,655.66 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 14.55 ක පහත වැටීමක් විය. දෛනික පිරිවැටුම රු. බිලියන 6.92 ක් සේ සනිටුහන්ය. ගනුදෙනු 45,056 ක් වාර්තා වී තිබුණි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 277.34 ක් විය. සමාගම් 112 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 140 කි. දිනය ආරම්භයේ දී වර්ධනයක් පෙන්වන ලද අතර පසුව දුර්වල වූ බව සටහන්ය. දිනයේ ගනුදෙනුවල දී වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් රු බිලියන 61 ක් ඉවත් කරගෙන තිබේ. මෙදින විදේශ ගනුදෙනු සීමා වූ අතර ගැනුම් රු. මිලියන 55.5 ක් වන විට විකිණීම් රු. මිලියන 76.4 කි. විදේශික ආයෝජන ඉවත් කරගැනීමේ ප්‍රවණතාවක් තවමත් පවතී. ඉකුත් බදාදා රු මිලියන 519 ක විකිණීම් වූ අතර මිල දී ගැනීම් රු. මිලියන 39 කට සීමා වී තිබුණි. ප්‍රයිම් ලෑන්ඩ්. (සී) රු. මිලියන 717 ක්, ප්‍රයිම් ලෑන්ඩ් (එන් ) රු. මිලියන 483 ක්, සොෆ්ට් ලොජික් කැපිටල් රු. මිලියන 414 ක්, හේමාස් හෝල්ඩිං .රු. මිලියන 291 ක්, ඩොක්යාඩ් රු. මිලියන 288 ක්, ආදි වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් විය.
නිරීක්ෂක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd