(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සංගම් සංගමය ශ්‍රී ලංකාව සඳහා කෘත්‍රිම බුද්ධි ජාතික සැලසුම් රාමුවක් අද (26) හඳුන්වා දුන්නේය.
විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා එක්වෙමින් ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සංගම් සංගමය මෙම කෘත්‍රිම බුද්ධි ජාතික සැලසුම් රාමුව සකස් කර ඇත.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති උත්සවයකදී කෘත්‍රිම බුද්ධි ජාතික සැලසුම් රාමුව ඇතුළත් එම කෙටුම්පත එළිදැක්විණි.
සැලසුම් රාමුව ඇතුළත් මෙම කෙටුම්පතෙන් ශ්‍රී ලංකාව කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණික ක්‍රමවේද පුරවැසියන්ගේ යහපත උදෙසා භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි මග පෙන්වීමක් කරන බව ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සංගම් සංගමය මෙහිදි සඳහන් කළේය.
වගකීම් සහගත කෘත්‍රිම බුද්ධි සංවර්ධනයේ ප්‍රධාන අංග 3 වන විනිවිදභාවය, තමන්ට පෙර රට සංකල්පය සහ දත්ත පදනම් කරගත් නිර්දේශ යන මාර්ගෝපදේශ මූලික කරගනිමින්, අධ්‍යාපනය, තාක්ෂණය, ආචාරධර්ම, ප්‍රමිතිකරණය සහ ප්‍රතිපත්ති යන අංශ ඔස්සේ බහුතල ප්‍රවේශයක් ලබාගැනීම මෙම සැලසුම් රාමුව මගින් යෝජනා කර තිබේ.
එයින් රාජ්‍ය හා පෞද්ගලික අංශ වල දැනුම සහ නව තාක්ෂණික ක්‍රමවේදවලට අනුකූලව හැඩ ගැසීමේ හැකියාව පුළුල් කිරීම, කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් සාධාරණ තරග බිමක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය නීතිරීති හඳුන්වා දීම, කෘත්‍රිම බුද්ධි දේශයක් බවට පත්වීම සඳහා පුද්ගලයන් සහ සමාජය වඩාත් හොඳින් සූදානම් කරවීම, කෘත්‍රිම බුද්ධිය යහපත සාක්ෂාත් කරන උපාංගයක් ලෙස හඳුන්වා දීම, කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ මූලධාර්මික සහ ප්‍රායෝගික පර්යේෂණ දිරිගැන්වීම, කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ සුවිශේෂී අවස්ථා හඳුනාගැනීම සහ ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණ හා කෘත්‍රිම බුද්ධි සමාගම් මෙරටට ආකර්ෂණය කරගැනීම යන ඉලක්ක සපුරා ගැනීමට බලාපොරොත්තු වේ.
අධ්‍යාපනය, රාජ්‍ය පාලනය, කෘෂිකර්මාන්තය සහ සෞඛ්‍ය සේවය යන අංශ සම්බන්ධයෙන් කෘත්‍රිම බුද්ධිය යොදාගත හැකි ආකාරය පිළිබඳව මෙම සැලසුම් රාමුවෙන් මගින් පැහැදිලිව පෙන්වා දී තිබෙන බව ද එය දැනට පවතින ක්‍රමවේදයන්ගේ අඩුපාඩු පෙන්වා දෙන අතරම, නව විසඳුම්, ක්‍රමෝපායන් සහ ප්‍රතිපත්ති යෝජනා කරන බව ද ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සංගම් සංගමය මෙහිදි තවදුරටත් සඳහන් කළේය.

2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවට කෘත්‍රිම බුද්ධි ජාතික සැලසුම් රාමුවක්
charlie wick Friday, 28 June 2019 03:47 AM
පාර්ලිමේන්තුවේ ඉන්න 225 තමයි මේවා ඕන. මම කිවුවේ අලුත් මොළ "Not Artificial intelligence"
wimal Monday, 01 July 2019 07:10 AM
දැනටමත් අපි ගොඩක් දෙන වැඩ කරන්නේ කෘතීම බුද්ධියෙන් තමයි. ඒ ගොල්ලන්ටත් අපෙන් ඉගෙන ගන්න පුළුවන්.