
Asiri Health විසින් ලංකාවේ HealthTech ආරම්භක ව්‍යාපාරවල වර්ධනයට සහාය වීම සඳහා Information and Communication Technology Agency of Sri Lanka (ICTA) සමග හවුල්කාරීත්වයකට එක්වීම පසුගියදා සිදුවිය. මේ තුළින් ලංකාවේ නවෝත්පාදනය ප්‍රමුඛ සෞඛ්‍ය සේවා පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. මෙම හවුල්කාරීත්වය, ICTA විසින් සංවිධානය කරන ලදි ‘Global Entrepreneurship Week 2025’ යටතේ පැවැත්වුණු HealthTech startup pitching වැඩසටහනේ දී නිල වශයෙන් හඳුන්වා දෙන ලදී.
එහිදී HealthTech ආරම්භක ව්‍යාපාර 7ක් සෞඛ්‍ය හා තාක්ෂණ ක්ෂේත්‍රයේ මූලික අභියෝග විසඳීම සඳහා වූ තම නවෝත්පාදන විසඳුම් ඉදිරිපත් කළහ. මෙම වැඩසටහනේ සෞඛ්‍ය සේවා හවුල්කරු ලෙස Asiri Health එක්වූ අතර එමගින් ආරම්භක ව්‍යාපාරවලට Asiri Health හි ජ්‍යෙෂ්ඨ කළමනාකරණය, සැබෑ රෝහල් පරිසරය, වෛද්‍ය විශේෂඥ දැනුම සහ වාණිජමය අදහස් වෙත සෘජු ප්‍රවේශය ලබා දුනි. මෙම වැඩසටහන, ආරම්භක ව්‍යාපාරවලට සිය විසඳුම් තවත් නිවැරදි කර ගැනීමට, සජීවී සෞඛ්‍ය සේවා පරිසරයන් තුළ පරීක්ෂා කිරීමට සහ දේශීය මෙන්ම ජාත්‍යන්තරයට ගෙන යාමට සූදානම් වීමට උපකාරී වේ.
මෙම හවුල්කාරිත්වය සඳහා Asiri Health හි මැදිහත් වීම මඟින් නවෝත්පාදනමය සෞඛ්‍ය සේවා නායකයකු ලෙස ඔවුන්ගේ ස්ථාවරය තහවුරු කරයි. ආරම්භක සමාගම් සමග ක්‍රියාකාරීව එක්වෙමින් රෝගීන්ගේ අත්දැකීම්, සායනික කාර්යක්ෂමතාව සහ සෞඛ්‍ය සේවා සැපයුම තාක්ෂණය හරහා වර්ධනය කිරීමටත්, ඔවුන් අපේක්ෂා කරන ගුණාත්මකභාවය, ප්‍රවේශ වීමේ හැකියාව සහ තාක්ෂණය මත පදනම් වූ සෞඛ්‍ය සේවා සඳහා ගැළපෙන, HealthTech විසඳුම් හඳුනාගෙන ඒවා අත්හදා බැලීමට, හවුල් වීමට සහ ව්‍යාප්ත කිරීමට Asiri Health අපේක්ෂා කරයි.
ලංකාවේ, ජාතික ඩිජිටල් හා HealthTech පරිසර පද්ධතිය ගොඩනගා ගැනීම සහ ශක්තිමත් කිරීම ICTA හි භූමිකාව වන අතර ඒ සඳහා නවෝත්පාදක සහ කර්මාන්ත නායකයන් අතර සම්බන්ධතා ගොඩනැගීම ඔවුන් විසින් සිදු කරයි.
මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් ICTA හි සහකාර ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචින්ද්‍ර සමරත්න මහතා මෙසේ සඳහන් කළේය. ’මෙම වැඩසටහනHealthTech ආරම්භක සමාගම්වලට කර්මාන්ත නායකයන් සහ සෞඛ්‍ය වෘත්තිකයන් සමග සෘජු සම්බන්ධතා ගොඩනගා ගැනීමට වැදගත් අවස්ථාවක් සපයනවා. Asiri Health විසින් ඔවුන්ගේ පරිසර පද්ධතිය නවෝත්පාදකයන්ට විවෘත කිරීම සහ ඔවුන්ට වටිනා උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් අපි Asiri Health හට අපගේ කෘතඥතාව පළ කරනවා. 2030 වන විට USD බිලියනක 5ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ රජයේ අරමුණට අප දක්වන දායකත්වය මෙම හවුල්කාරීත්වයෙන් පිළිබිඹු වෙනවා.”
“Asiri Health එය නිරතුරුවම රෝගීන්ගේ අත්දැකීම් සහ සෞඛ්‍ය සේවා සැපයුම තවදුරටත් උසස් කරගැනීමට හැකි ආකාරයේ නවෝත්පාදන කෙරෙහි අවධානය යොමු කරනවා. ICTA සමග ඇති මෙම හවුල්කාරීත්වය හරහා රටේ වඩාත්ම විශාල හැකියාව ඇති HealthTech නවෝත්පාදක සමග කටයුතු කිරීමට අපට අවස්ථාව හිමි වෙනවා. ආරම්භක ව්‍යාපාර, වෛද්‍ය වෘත්තිකයන් සහ ආයතනික නායකයන් අතර ඇති වන සංවාද ඉතා වටින අතර මෙම විසඳුම් Asiri Health රෝහල් ජාලය තුළ සහ ඉන් පරිබාහිරව අත්හදා බැලීමට විශාල හැකියාවක් පවතින බව අප විශවාස කරනවා.” Asiri Health හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ඉම්රාන් ෆුර්කාන් මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd