
ලංකා ටයිල්ස් සිය 59 වැනි ප්‍රදර්ශනාගාරය යාපනයේ විවෘත කරන ලද අතර එය උතුරු අර්ධද්වීපයේ දෙවැනි ප්‍රදර්ශනාගාරයයි. නවීන හා නිර්මාණාත්මක රටා සහ සියුම් නිමාවෙන් යුතු උසස් තත්වයේ ටයිල් නිෂ්පාදන දිවයින පුරාම ජනතාවට සමීප කරලීමේ අරමුණ පෙරදැරිව යන ලංකා ටයිල්ස් ගමන් මගෙහි මෙය සුවිශේෂී සන්ධිස්ථානයකි.
මෙම නවීන ප්‍රදර්ශනාගාරය, යාපනයේ වන්නාර් පන්නයි හි කේ. කේ. එස්. පාරේ අංක 498 දරන ස්ථානයේ පිහිටා ඇත. නවීනත්වය හා නිර්මාණශීලිත්වය මනාව මුසු කර නිමවන ලද මෙම විචිත්‍රවත් අංගණය නිවාස හිමියන්ට, ගෘහ නිර්මාණ ශිල්පීන්ට මෙන්ම නිර්මාණකරුවන්ට ලංකා ටයිල්ස් හි ජාත්‍යන්තර ප්‍රමිතියේ වෝල් ටයිල් සහ ෆ්ලෝ ටයිල් එකතුව පරීක්ෂා කර අත්විඳිය හැකි අවකාශයකි.
ලංකා ටයිල්ස් ප්‍රාදේශීය නියෝජිතවරයා මෙන්ම මෙම ප්‍රදර්ශනාගාරයේ හිමිකරු වන කේ. පහීරතන් මහතා විසින් මෙහි ව්‍යාපාරික කටයුතු මෙහෙයවනු ලබන අතර, එය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, එන්. සුතාකරන් (නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඉංජිනේරු - උතුරු පළාත) සහභාගී විය. එමෙන්ම ලංකා ටයිල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත මහතා ඇතුළු පිරිසක්ද මෙම උත්කර්ෂවත් අවස්ථාව සඳහා සහභාගී වූහ.
ලංකා ටයිල්ස් ගමන්මගෙහි මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් තල්වත්ත මහතා මෙසේ පැවසීය. “අපගේ 59 වැනි ප්‍රදර්ශනාගාරය වන මෙය යාපනයේ දෙවැනි ප්‍රදර්ශනාගාරයයි.
මෙම විවෘත කිරීම සෑම ශ්‍රී ලාංකීය පාරිභෝගිකයකුටම උසස් තත්වයේ ප්‍රමිතිගත ටයිල් නිෂ්පාදන ලබාගැනීමේ අවස්ථාව උදාකරදීම සඳහා අප යන ගමනේ තවත් එක් ඉදිරි පියවරකි. යාපනයේ ප්‍රෞඩ සංස්කෘතික උරුමයත්, මෙම පුරයටම ආවේණික වාස්තු විද්‍යාත්මක සහ ගෘහනිර්මාණ ශිල්පයේ අසිරියත්, උණුසුම් ආගන්තුක සත්කාරයත් එකට එක්වූ විට යාපනය පුරවරයේ අනන්‍යතාව නිතැතින්ම ඉස්මතු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd